මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    අඩෝ ඉස්සර පාරවල් ගානෙ මිනිස්සු යනවා වෙසක් බලන්න කියලා. මේ පාර බලු බල්ලෙක් නෑ. කලුතර පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවෙ දැක්කෙ ඉස්සර අම්බානෙට පිරිලා තියෙන මැද පාරේ මේ පාර කූඩු 10ක්වත් නැද්ද කොහෙද. දන්සල් කියලත් ලොකු සීන් එකක් නෑ.

    අවුරුද්දත් ඔහොමයි. මිනිසුන්ට එපා වෙලාද? නැත්තන් මිනිස්සුන්ගෙ ආසාවල් වෙනස් වෙලාද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    You got to be kidding, the traffic is so bad I didn't even bother going out

    පාරවල් වල යන්න බෑ බන්. බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි පිරිලා. ඒ මදිවට කෑලි හැලෙන ලොරි කටු, කුඹුරු හාපු ටැට්ටර් කබල් වල නැගන් පවුල් පිටින් සවාරි යනවා. මේ දවස උන්ටම දීල ඔයා වෙන දවසක යන්න. :cool:

    ටිකකට කලින් ගෙදර එන්න හම්බුනේ කැරිම traffic එකක් තිබ්බෙ එක දන්සැලකවත් පෝලිමෙ ඉන්න ගියේ නෑ තේරුමක් නැති නිසා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    වෙසක් ආතල් තියෙන්නේ මිනිසුන්ට එක්කෝ පානදුර බීච් එක්කෝ ගෝල්ෆෙස් බීච් එකේ....

    පංසල් ගිහිල්ලා එදාට වත් අඩු තරමේ පස් පවෙන් වැලකිලා ටිකක් දැහැමිව ගත කරන්නේ කීයෙන් කී දෙනා ද?

    වෙසක් එකට බොනවා පාටී දානවා එව්වා තමා කරන්නෙ
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    kolaba wesak na, dansal aduyi, kuudu aduyi, galle face eke mokakda jaathika wesak kalapaya kiyala hariyak daala, ath magulak na. bakthi geetha nam kiyanawa kingsbury ekata ehapathhthe.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    වෙසක් ආතල් තියෙන්නේ මිනිසුන්ට එක්කෝ පානදුර බීච් එක්කෝ ගෝල්ෆෙස් බීච් එකේ....

    පංසල් ගිහිල්ලා එදාට වත් අඩු තරමේ පස් පවෙන් වැලකිලා ටිකක් දැහැමිව ගත කරන්නේ කීයෙන් කී දෙනා ද?

    වෙසක් එකට බොනවා පාටී දානවා එව්වා තමා කරන්නෙ
    For me it was like this since 2020 (After the corona period)
    මිනිස්සු ගොඩක් වෙනස්වෙලා නේද? අඩො මොනා උනත් අපි පොඩි කාලේ පට්ට ආතල්, රෑට ගෙදර කට්ටියත් එක්ක පයින් යනවා වෙසක් බලන්න. දැන් උන් කරන්නෙ ටික්ටොක් කර කර ඉන්න එක තමා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මේක නම් ඇත්ත. දන්සල් උනත් සෑහෙන අඩුයි. මම ඊයෙත් කොළඹ වටේ කැරකුනා. වෙනදා තරම් ට්‍රැෆික් නෑ. දන්සලුත් නැ . රාජගිරිය හරියේ පට්ටම පාලුයි. සමහර තැන්වල වෙසක් කූඩුවක්වත් එල්ලලා නෑ. කොටුව බෝ ගහ ළග තොරණ තිබුනත් එතනත් ලොකු ට්‍රැෆික් එකක් නෑ. මෙච්චර කල් කොළඹ වෙසක් බලලා , මුලු කොළඹම ඇවිද්දලා තිබ්බත් මේවගේ පාලු වෙසක් එකක් මීට කලින් කොළBඅ දැකලා නෑ. ගෝල්ෆේස්, ගංගාරාමේඅවට කොහොමත් සරසන නිසා, කූඩු තියන නිසා ලොකු අවුලක් පෙනුනේ නෑ.

    නුවරඑලිය වගේ පැත්තකට රාජ්‍ය වෙසක් උතසවේ ගෙනියපු එකත් එච්චර ගැලපෙන්නෙ නෑ. කොළඹ. , අනුරාධපුරය, පොලොන්නරුව, කුරුනෑගල වගෙ පැත්තක සංවිධානය කරත් කමක් නෑ. ඒත් නුවර එලිය මේ වැඩේට හරි යන්නෙ නෑ කියලා මුන්ට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    මිනිස්සු ගොඩක් වෙනස්වෙලා නේද? අඩො මොනා උනත් අපි පොඩි කාලේ පට්ට ආතල්, රෑට ගෙදර කට්ටියත් එක්ක පයින් යනවා වෙසක් බලන්න. දැන් උන් කරන්නෙ ටික්ටොක් කර කර ඉන්න එක තමා
    ඔව්.. වෙසක් දවසේ හවස් වෙද්දී සෙට් එකම එකෙක්ගේ ගෙදරට එකතු වෙනව...

    වෙසක් බලන්න පයින් ම පිටකොටුව වෙනකන් ගියා... මාරම සුන්දර කාලයක්.. ඒවගේම අඩුවක් නැතුව බඩ පිරෙන්න කන්න දංසල්..

    මම දූන්තෙල් බත් දන්සලකින් කෑවා අද වගේ මතකයි රස නම්.. අම්මටත් බත් එකක් ඔතලා දුන්නා....😍😍