මේක නම් ඇත්ත. දන්සල් උනත් සෑහෙන අඩුයි. මම ඊයෙත් කොළඹ වටේ කැරකුනා. වෙනදා තරම් ට්‍රැෆික් නෑ. දන්සලුත් නැ . රාජගිරිය හරියේ පට්ටම පාලුයි. සමහර තැන්වල වෙසක් කූඩුවක්වත් එල්ලලා නෑ. කොටුව බෝ ගහ ළග තොරණ තිබුනත් එතනත් ලොකු ට්‍රැෆික් එකක් නෑ. මෙච්චර කල් කොළඹ වෙසක් බලලා , මුලු කොළඹම ඇවිද්දලා තිබ්බත් මේවගේ පාලු වෙසක් එකක් මීට කලින් කොළBඅ දැකලා නෑ. ගෝල්ෆේස්, ගංගාරාමේඅවට කොහොමත් සරසන නිසා, කූඩු තියන නිසා ලොකු අවුලක් පෙනුනේ නෑ.
නුවරඑලිය වගේ පැත්තකට රාජ්‍ය වෙසක් උතසවේ ගෙනියපු එකත් එච්චර ගැලපෙන්නෙ නෑ. කොළඹ. , අනුරාධපුරය, පොලොන්නරුව, කුරුනෑගල වගෙ පැත්තක සංවිධානය කරත් කමක් නෑ. ඒත් නුවර එලිය මේ වැඩේට හරි යන්නෙ නෑ කියලා මුන්ට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නෑ