මේ පුපුරා යන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ අර්බුදය පමණක් නෙවෙයි.

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මේ පුපුරා යන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ අර්බුදය පමණක් නෙවෙයි.

    මේ පුපුරා යන්නේ,

    "හොරෙක් වුණත් ඒ මනුස්සයා අපේ ගමට වැඩක් කරන මිනිහෙක්නෙ..” කියමින් පට්ටපල් හොරුන් බලයට ගෙන ආ අවස්ථාවාදී මිනිසුන් ගේ අර්බුදයයි.

    "රටට වැඩක් නැති වුණාට කමක් නෑ. මිනිහා අපේ දුවට රස්සාවක් දුන්නනේ.." කියමින් නූගත් මෝඩයන් බලයට පත් කළ ආත්මාර්ථකාමී මිනිසුන් ගේ අර්බුදයයි.

    "කන්න නැතත් කමක් නෑ ඉන්න රටක් ඕනෙ.." කියමින් ආණ්ඩු හැදූ, ආණ්ඩු පෙරළූ ආවේගශීලී මෝඩයන් ගේ අර්බුදයයි.

    "අහවල් මහත්තයාගේ පුතා අපට හොඳ කලදවසක් උදා කරයි.." කියමින් මුග්ධ උන්මත්තකයන්ට ඡන්දය දුන් අදූරදර්ශි දූපත්වාසීන් ගේ අර්බුදයයි.

    දශක ගණනාවක් තිස්සේ ලංකාවේ මිනිසුන් කළ මේ සාමූහික තක්කඩිකම් සහ මෝඩකම් කාලයක් තිස්සේ ගොඩගැසී ගිනිකන්දක් ලෙස පුපුරා යන මොහොතට අපි දැන් පැමිණ සිටිමු.

    ආණ්ඩුවේ අයවැය ඊයේ පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුණා.
    ඒ වගේ ම, තවත් මාස එකහමාරකින් විතර ඉතිහාසයේ පළමුවෙනි වතාවට විදේශ ණය වාරික ගෙවාගන්න බැරි තරමට බංකොළොත් වුණු රටක ජීවත් වීමේ 'වාසනාව' ලංකාවේ මිනිසුන්ට උදාවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.

    හැබැයි මේ ලියන මොහොත වෙනකොටත් මේ ප්‍රශ්නය මොකක්ද කියලා රටේ හුඟදෙනෙකුට තේරෙන්නේ නැහැ.
    තවමත් ලංකාවේ මිනිසුන්ගෙන් බහුතරයක් ඉන්නේ "ආණ්ඩුවට ණය ගෙවාගන්න බැරි වුණා කියලා අපට මොනවා වෙන්නද?" කියන මානසිකත්වයෙන්.

    ඉන්ධන, ඖෂධ, බොරතෙල්, ගෑස්, අත්යවශ්‍ය ආහාර, භාණ්ඩ ආනයනය කරන්න තරම් ඩොලර් නැතිව අසරණ වුණු රටක ජීවත් වීමේ අත්දැකීම අපි තවම හරියට අත්විඳලා නැහැ.

    සතියට දවස් තුන හතරක් විදුලිය නැති, වාහන දුවන්න ඉන්ධන නැති, රෝගීන්ට ඖෂධ නැති, කෑම බීම ගන්න මිනිස්සු පෝලිමේ ඉන්න, පෝලිමේ ඉඳලා හරි මිලට ගන්න කඩවල්වල බඩු නැති, බලාගෙන ඉන්නකොට බඩු මිල වැඩි වෙන, බලාගෙන ඉන්නකොට තමන් ගේ අතේ තියෙන මුදල්වල වටිනාකම බාල්දු වන රටක ජීවත් වන ඇත්ත අත්දැකීම අප තවම අත්විඳලා නැහැ.

    ඒ කියන්නේ පසුගිය මාස දෙකක වගේ කාලය ඇතුළත අපි බැලුවේ චිත්‍රපටයේ ට්‍රේලර් එක විතරයි. සම්පූර්ණ චිත්‍රපටය බලන එක ට්‍රේලර් එක බලනවට වඩා හුඟක් අමාරුයි. ඒත් ට්‍රේලර් එක දැකපු කෙනෙකුට සම්පූර්ණ චිත්‍රපටය ම කොහොම වෙයිද කියලා හිතාගන්න එක ඒ තරම් අපහසු නැහැ.

    ඉතිහාසයේ මෙතෙක් කල් ලංකාවේ මිනිසුන්ට තිබුණු ප්‍රධානත ම සැනසීම වුණේ රටේ ආර්ථිකයේ මොන තරම් අමාරුකම් ආවත් අඩුගාණේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න හරි තියෙයි කියන එක විතරයි. ඒත් ආණ්ඩුවේ කාබනික පොහොර විගඩම නිසා ඒ ආරක්ෂාවත් නැති වෙලා ගිහින් ඉදිරි මාස තුන ඇතුළත ආහාර හිඟයකට මුහුණ පෑමේ අනතුරකුත් තියෙනවා.

    ණය ගෙවාගන්න බැරි තත්ත්වයට ආර්ථිකය කඩාගෙන වැටෙන එක ලංකාවේ ඉතිහාසයේ ඉතා ම වැදගත් සංධිස්ථානයක් වෙයි කියලා හිතන්න පුළුවන්.

    ඒ අර්බුදයෙන් ගොඩඑන්න නම් මේ තරම් කාලයක් ලංකාවේ සිදු නොකරපු තරමේ විශාල, ජනප්‍රිය නොවන සහ දැඩි ආර්ථික ප්‍රතිංස්කරණ රාශියක් කරන්න වෙනවා.

    ඒ කියන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම, "ජාතික සම්පත්" කියලා තියාගෙන ඉන්න බොහෝ දේ විකුණාදමන්නට සිදුවීම, රාජ්‍ය සේවයේ බර අඩුකිරීම, බදු ඉහළ දැමීම, සහනාධාර කපා හැරීම වගේ ඉතා ම බරපතළ තීරණ ගොඩක් ඒ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගන්න වෙනවා.

    බොරු දේශප්‍රේමී සටන් පාඨ කියමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන සුරංගනා කතා මවපු දේශපාලනඥයන්ට වගේ ම තමන් ගේ පුද්ගලික වාසිය ගැන විතරක් ම හිතන, නිකම් හම්බ වෙන මොකක් හෝ දෙයක් වෙනුවෙන් ඕනෑම පට්ටපල් හොරෙකුට බලය ගන්න උදව් කරන්න, වැඩ නොකර පඩි ගන්න හිතන, ආණ්ඩුවෙන් හැමදේම ලැබෙනකල් බලා ඉන්න සාමාන්‍ය මිනිසුන්ටත් මේ ප්‍රතිසංස්කරණ දිරවගන්න හුඟක් අමාරු වෙනවා.

    ඒ නිසා ඒ හැමදේට ම රට ඇතුළෙන් කොහොම ප්‍රතික්‍රියාවක් එයිද කියලා තවමත් කාටවත් කියන්න බැහැ.

    ඒත් තවදුරටත් ඒ ගැන තෝරාගැනීමක් කරන්න පුළුවන් තැනක ඒ දෙගොල්ලම නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් ම මේ දැඩි ප්‍රතිසංස්කරණවලට යන්න වෙනවා.

    ඊළඟට එන වඩාත් ම වැදගත් ප්‍රශ්නය වන්නේ මේ අර්බුදයෙන් පස්සේ බිහිවන ලංකාව මොන වගේ එකක් වෙයිද කියන එකයි.

    හැත්තෑ හතෙන් පස්සේ ගෙවුණු අවුරුදු 45ක කාලය තුළ ලංකාවේ දේශපාලනඥයන් සහ ජනතාව අතර තිබුණේ ඉතා ම විකෘති සහ විපරීත ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවේ අවසන් ප්‍රතිඵලය තමයි රට බංකොළොත් වීම. මෙයින් පස්සේ උදාවෙන ලොකු ම අවස්ථාව තමයි මේ විකෘති ගනුදෙනුව නිවැරදි කරගැනීම සඳහා අපට ලැබෙන අවස්ථාව.

    ආණ්ඩුවේ රස්සා දෙන්න පොරොන්දු වෙන, සෙවිලි තහඩු, සිමෙන්ති කොට්ට, වැසිකිළි පෝච්චි බෙදන, පස් කපන, වැලි ගොඩදාන, කැළෑ කපන ජාවාරම්කරුවන් සහ සොරුන් වෙනුවට වෘත්තීය ප්‍රතිපත්ති සම්පාදකයන් පාර්ලිමේන්තුවට පත් කරන තැනට මහජන මතය තල්ලු වෙන්න පුළුවන්.

    "ගරු ඇමතිතුමා" "ගරු මන්ත්‍රීතුමා" කිය කිය දෙකට තුනට නැමෙන්නේ නැතිව, හරියට වැඩ නොකළොත් දේශපාලනඥයන්ට ප්‍රසිද්ධ ස්ථානවල මිනිස්සුන්ගෙන් සෙරෙප්පු පාර කන්න වෙන 'සංස්කෘතියක්' රටේ නිර්මාණය වෙන්න පුළුවන්. දූෂණය, වංචාව සහ නාස්තිය ගැන මිනිසුන් දැනට වඩා දැඩි, අනුකම්පා විරහිත ස්ථාවරයක් ගන්න පුළුවන්.

    මිනිසුන් දේශපාලනඥයන් මත රඳා පවතින්නේ නැතුව තමන් ගේ ප්‍රශ්න තමන් ම විසඳගන්න තැනට පත්වෙන්න පුළුවන්. දේශපාලනඥයන්ට දැනට මූනිච්චාවට හෝ මිනිසුන්ගෙන් ලැබෙන ගරුත්වය නොලැබී යන්න පුළුවන්. දේශපාලනඥයන් සහ ඔවුන් සතු සිවිල් බලය සත පහකට හෝ ගණන් ගන්නේ නැති මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවෙන්න පුළුවන්.

    විශේෂයෙන් ම ප්‍රබල දේශපාලනඥයෙකු සහ දුර්වල පුරවැසියෙකු ඉන්න වර්තමාන ආකෘතිය වෙනුවට සාපේක්ෂව දුබල දේශපාලනඥයෙකු සහ ප්‍රබල පුරවැසියෙකු ඉන්න අලුත් ආකෘතියක් හදාගන්න පුළුවන්.

    අප දැන් ඉන්නේ බිල්ඩිම කඩාවැටීම වළක්වා ගන්න පුළුවන් තැනක නෙවෙයි. බිල්ඩිම කඩාවැටීම ස්ථිරයි. මේ මොහොතේ තියන එක ම විකල්පය කඩාවැටෙන බිල්ඩිමට අහුවෙලා යට වෙන්නේ නැතුව පණ බේරාගන්න සැඟවී සිටිය හැකි තැනක් සොයාගැනීම විතරයි.

    ඒත් අපට මේ වෙලාවේ ඒ කඩාවැටෙන ගොඩනැගිල්ලේ සුන්බුන්
    මතින් අලුතෙන් ඉදිකරන ගොඩනැගිල්ල සැලසුම් කරන්න පුළුවන්. ඒ අලුත් බිල්ඩිමට වඩාත් සවිමත් අත්තිවාරමක් දමන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන්.

    මේ වෙලාවේ පණ බේරාගැනීම වගේ ම ඒ සැලසුම් කිරීම සහ සංවාදයත් ඉතාමත් ම වැදගත්. එහෙම නොවුණොත් වෙන්නේ වත්මන් ගොඩනැගිල්ල කඩාවැටෙන විදියට ම ඒ අලුත් ගොඩනැගිල්ලත් තවත් කාලයකින් අපේ හිස මත කඩාවැටීම පමණයි.

    Copied from
    රසික ජයකොඩි
    11 - 12 - 2021



    LINK
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    අනුරයියයි රනිලයියයි ඒකතු කරපු මහා ධනස්කන්ධය කෑවා ගෝටා :no:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි රටේ කෘශිකර්මය ඕනේ නැහැ කියපු අය. ලාභ ලබන්න නෙමෙයි නමුත් කෘශිකර්මය ඕනේ රටකට. යුරෝපා රටවල් උනත් වගාවට මුක් තැනක් දෙනවා .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,460
    113
    ගෝටා කියන්නෙ මේ වගේ ගොන් තඩියෙක් කියල මිනිස්සු දන්නේ නෑනේ
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Good post.

    ඇයි රටේ කෘශිකර්මය ඕනේ නැහැ කියපු අය. ලාභ ලබන්න නෙමෙයි නමුත් කෘශිකර්මය ඕනේ රටකට. යුරෝපා රටවල් උනත් වගාවට මුක් තැනක් දෙනවා .
    Habai danata wada oken direct yapena pramaanaya adu wenna oni kiyala mta hithenwa bn.:rolleyes2:
    ------ Post added on Dec 13, 2021 at 7:38 AM
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    "හොරෙක් වුණත් ඒ මනුස්සයා අපේ ගමට වැඩක් කරන මිනිහෙක්නෙ"

    මේකනම් ලන්කාවෙ මිනිස්සුන්ගෙ ලේ වලම තියෙන වාක්‍යයක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Good post.


    Habai danata wada oken direct yapena pramaanaya adu wenna oni kiyala mta hithenwa bn.:rolleyes2:
    ------ Post added on Dec 13, 2021 at 7:38 AM
    ඒක තමයි කිව්වෙ, ලාභ ලබන්න නෙමෙයි කියලා. හැබැයි ඒවටත් වෙනම ක්‍රෝප්ස් තියෙනවා ඕනේ නම්. එක්ස්පොර්ට් කරන්න.
    නමුත් රටේ ආහාර අවශ්‍යතාව ඒ රටේම නිපදව ගන්න එක තමයි හොදයි. ජෙර්මන් කොච්චර කාර්මික රටක් උනත් උන් වගාකරගන්නවා. අපි උනත් ලෑන්ඩ් එක තියෙන එකේ වෙන රටවල් මත යැපෙන්න ඕනෙ නැහැ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පුම්ක තමයි

    "රටට වැඩක් නැති වුණාට කමක් නෑ. මිනිහා අපේ දුවට රස්සාවක් දුන්නනේ.."
    meka kohe wens wennada ban
    lankawebahuthara podi unta dan igena ganna uwamanawkwath na
    gemak gahala Emony walin kotipathiyo wenna hena mawana un inne
     

    Sen-lu

    Well-known member
  • ඒක තමයි කිව්වෙ, ලාභ ලබන්න නෙමෙයි කියලා. හැබැයි ඒවටත් වෙනම ක්‍රෝප්ස් තියෙනවා ඕනේ නම්. එක්ස්පොර්ට් කරන්න.
    නමුත් රටේ ආහාර අවශ්‍යතාව ඒ රටේම නිපදව ගන්න එක තමයි හොදයි. ජෙර්මන් කොච්චර කාර්මික රටක් උනත් උන් වගාකරගන්නවා. අපි උනත් ලෑන්ඩ් එක තියෙන එකේ වෙන රටවල් මත යැපෙන්න ඕනෙ නැහැ.
    ඔව් ෆුඩ්, පවර් දෙක අනිවාර්යෙන්ම අපිම හදාගන්න ඕන.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක තමයි කිව්වෙ, ලාභ ලබන්න නෙමෙයි කියලා. හැබැයි ඒවටත් වෙනම ක්‍රෝප්ස් තියෙනවා ඕනේ නම්. එක්ස්පොර්ට් කරන්න.
    නමුත් රටේ ආහාර අවශ්‍යතාව ඒ රටේම නිපදව ගන්න එක තමයි හොදයි. ජෙර්මන් කොච්චර කාර්මික රටක් උනත් උන් වගාකරගන්නවා. අපි උනත් ලෑන්ඩ් එක තියෙන එකේ වෙන රටවල් මත යැපෙන්න ඕනෙ නැහැ.
    Lankawe monawada ban production ekak thiyenne, hama ekama import karanawa misak, wena rataka state ekakata gihin balapan food manufacturing plants ma kiyak thiyenawada kiyala, eka yaayata kochchara waga karanawada kiyala... ape un danne kata aran balan inna witharai, ekekwath ehema dekata invest karanneth na... ithin badu mila wadi wena ekai eka ekaa matha depend wenna wena ekai ahannath deyak da
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් ෆුඩ්, පවර් දෙක අනිවාර්යෙන්ම අපිම හදාගන්න ඕන.
    අනිවා මචන්, මේවා බේසික්ස් .

    Lankawe monawada ban production ekak thiyenne, hama ekama import karanawa misak, wena rataka state ekakata gihin balapan food manufacturing plants ma kiyak thiyenawada kiyala, eka yaayata kochchara waga karanawada kiyala... ape un danne kata aran balan inna witharai, ekekwath ehema dekata invest karanneth na... ithin badu mila wadi wena ekai eka ekaa matha depend wenna wena ekai ahannath deyak da
    ඔව් බන් පිස්සො ඉන්නෙ. ඉඩම් ටික ඉවර කරගන්නවා සැලැස්මක් නැතිව කුට්ටි කරලා එක පැත්තකින්. අනෙත් පැත්තෙන් දැක්මක් නැති මෝඩ පාලකයන්ගෙ හින වලට ගිහින් තියෙන ටිකත් විනාශ කරනවා.
    ජනගහන පාලන සැලස්මකුයි, ඉඩම් පාලන සැලැස්මකුයි නැති කමෙන් බොන්න වතුරත් නැති වෙන තැනට එනවා තව අවුරුදු 20කින් වගේ.
     
    • Like
    Reactions: nvhcc89