මේ මගේ ඉරණම් කතාවයි ....!!!

phone_block

Member
Jun 29, 2016
35
3
0
මේ මගේ ඉරණම් කතාවයි ....!!!

මේක එළකිරියේ දාන්න හිතුනේ මගේ හිත සැහැල්ලු වෙන්නත් එක්ක ....හේතුව ඒ තරමටම තියෙන ප්‍රශ්න නිසා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්න කෙනෙක් මම ... ඔයාලගෙත් අදහසක් බලාපොරොත්තු වෙනවා මේක කියවල ඉවර උනහම ........පුළුවන් තරම් කෙටියෙන්ම කතාව දාන්නම් මම ...

මම ගොඩක්ම පොත පතට බර ළමයෙක් විදියට තමයි හැමෝම හිතුවේ ...ඇත්තටම මමත් එහෙම කෙනෙක් ...පන්තියේ මගෙත් එක්ක හිටිය ළමයි වගේම ගුරුවරු හිතපු විදියටම මම O / L ඉහලින්ම සමත් උනා ....මම තෝර ගත්තේ ගණිත අංශය A /L වලට ...හේතුව උනේ මම ගොඩක්ම ඒ subject එකට කැමති නිසා ...ඇත්තටම කියනවා නම් මගේ ලොකු උනන්දුවක් තිබුනේ නැහැ පාඩම් කරලා A /L ගොඩ දා ගන්න ... මම හිතුවේ 2 වැනි පාර හොදට මහන්සි වෙලා A / L ගොඩ යනවා කියල...ඒක තමයි මට වැරදිච්ච එක තැනක් ...ඒ දවස් වල තාත්තා පොඩියට කෑම කඩයක් කලා ..ඔය කාලෙම තමයි අපේ ගෙදර හැදුවෙත් බොහොම අමාරුවෙන් ..ඒක නිසා ඒ වැඩ වලට එයා හිර උනාම මම ගොඩක් වෙලාවට හවස් වරුවේ අපේ කඩේ වැඩ වලට උදවු උනා ....කඩේ වහන්නේ රැ 8 - 9 ට විතර ..ඒ වෙනකන්ම මමත් කඩේ වැඩ කලා ...කඩේ අස් කරලා ඉවර වෙනකොට කොහොමත් රෑ 10 විතර වෙනවා ..ඊට පස්සේ මහන්සියටත් එක්කම නිදා ගන්නවා ..පාඩම් කරන්න හිතුනෙම නැහැ ..ඕක නිසාමයි මම හිතුවේ 2 වැනි පාර හොදට මහන්සි වෙලා A / L ගොඩ යනවා කියල....ඒ දවස් වල අමාරුම subject එක උනේ chemistry ...ගොඩක් වෙලාවට මම කලේ chemistry clz cut කරලා යාලුවෝ එක්ක ෆිල්ම් බලන්න ගියා ...කොහොමෙන් හරි A / L පළමු result එක උනේ ඉහලින්ම අසමත් උන එක ... දෙවැනි පාරට මම සුදානම් උනා A / L exam කරන්න ...දෙවැනි පාරත් subject දෙකක් යන්තන් සමත් උනත් chemistry fail උනා ...ඒ දවස් වල ගෙදරින් එලියට බහින්න පුළුවන් කමක් තිබුනේ නැහැ ලැජ්ජාව නිසාම ..මොකද මගේ දෙමවුපියෝ වගේම අහල පහල අයත් ගොඩක් හොද result එකක් බලාපොරොත්තු උනා මගෙන්..ඇත්තටම ගොඩක් අය හීනෙකින්වත් හිතුවේ නැහැ මම fail වෙයි කියල ...කොහොමෙන් කොහොම හරි ගෙදර අයගේ බල කිරිල්ලට 3 වැනි පාරටත් exam කලා ...සමහරු තෙවරක් exam කරන්නේ කැම්පස් යන්න බලාගෙන ..නමුත් මම කලේ යන්තන් pass එකක් බලාපොරොත්තුවෙන් ....කොහොමෙන් හරි 3 වැනි පාර කරලා යන්තන් A / L pass උනා ....
 

phone_block

Member
Jun 29, 2016
35
3
0
ඊට පස්සේ මම ටෙක් course එකක් කරන්න පටන් ගත්තා ...එකේ මාස 3ක් විතර යනකොට කෙනෙක් අපේ ගෙදර අයගේ ඔලුවට දාල තිබුන ඔයිට වඩා හොදයි private කැම්පස් එකකින් degree එකක් කලා නම් කියල ...ඒ කීමට මමත් ඇතුල් උනා private කැම්පස් එකකට ... මොකක්දෝ මන්දා හේතුවකට මට උවමන උනේ යන්තන් කැම්පස් එක ඇතුලේ තියෙන exam pass වෙන්න විතරයි ..අඩුම තරමින් first class degreeyak ගන්න ඕනි කියලා හැගිමක්වත් තිබුනේ නැහැ ....කැම්පස් එකේ අන්තිම අවුරුද්ද පටන් ගන්න කොට සමහර අය training එකට වෙන company වලට වැඩට ගියා ...ඒක අනිවාරිය නැහැ ..සමහරු training ගියා සමහරු ගියේ නැහැ ..මමත් අයිති උනේ training නොගිය ගොඩට ...ඔය අතරේම මම මගේ පලවෙනි ආදර කතාව පටන් ගත්තා ....එයාව හම්බ උනේ අපේ කැම්පස් එකේ තිබ්බ event එකකට ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...එයාගේ යාළුවා අපේ කැම්පස් එකේ උනාට එයා රජයේ කැම්පස් එකක කෙනෙක් ...

කොහොම හරි අපේ ආදර කතාවත් නොයෙක් බාදක මැද්දේ ගලාගෙන ගියා ....ඒකට හේතුව උනේ අපේ හදහන් match උනේ නැති නිසා ගෙවල් වලින් අකමැති උනා ..ගෙවල් වලින් කිවුවට අකමැති උනේ අපේ ගෙදරින් විතරයි...එයාලගේ ගෙදරින් එහෙම අකමැත්තක් තිබුනේ නැහැ ....මම ගොඩක් වෙලාවට එයාට වියදම් කලා ...කැම්පස් එකේ එක එක දේවල් වලට සල්ලි ඕනි වෙනකොට මම දෙපාරක් හිතන්නේ නැතුව ඒවාට වියදම් කලා ... එයාට ඕනි කියන වෙලාවට මගේ ලැප් එක දුන්නා එයාගේ වැඩ කර ගන්න ..පස්සේ පස්සේ මටත් ලැප් එක ඕනි වෙනකොට එයාට අලුතින්ම ලැප් එකක් ගන්නත් මම එයට උදවු කලා ... ගෙවල් වලින් අකමැති උනාට අපි දිගටම affair එක ගෙනිච්චා ....

මම කැම්පස් එකෙන් out උනා ...සැහෙන්න කාලයක් ජොබ් හොය හොය ඉදල යන්තන් ජොබ් එකක් හොයා ගත්තා බොහොම අඩු පඩියට ...ඔය අතරේ එයත් කැම්පස් එකෙන් out උනා ....එයට නම් ඉක්මනටම හොද companiyaka ජොබ් එකක් ලැබුණා ..හොද සැලරියක් එක්ක ...
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ආදරය, කෙල්ලො, මේ ලෝකය, මහ පුදුම දේවල් බම් බලපන් අපි වගේ උන්ට එන්නෙම සීරියස් ලව් කරන කෙල්ලො ආතල් එක ගත්තට පස්සේ කොහොමද බූට තියන්නෙ කියල අපි කල්පනා කරන්නේ සිරා ලව් කරන කොල්ලන්ට එන්නේ බූට් තියන කෙල්ලෝ පුදුමයි ඒත් ඇත්තයි
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1012139_672693496166538_8619788688126220036_n.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊට පස්සේ මම ටෙක් course එකක් කරන්න පටන් ගත්තා ...එකේ මාස 3ක් විතර යනකොට කෙනෙක් අපේ ගෙදර අයගේ ඔලුවට දාල තිබුන ඔයිට වඩා හොදයි private කැම්පස් එකකින් degree එකක් කලා නම් කියල ...ඒ කීමට මමත් ඇතුල් උනා private කැම්පස් එකකට ... මොකක්දෝ මන්දා හේතුවකට මට උවමන උනේ යන්තන් කැම්පස් එක ඇතුලේ තියෙන exam pass වෙන්න විතරයි ..අඩුම තරමින් first class degreeyak ගන්න ඕනි කියලා හැගිමක්වත් තිබුනේ නැහැ ....කැම්පස් එකේ අන්තිම අවුරුද්ද පටන් ගන්න කොට සමහර අය training එකට වෙන company වලට වැඩට ගියා ...ඒක අනිවාරිය නැහැ ..සමහරු training ගියා සමහරු ගියේ නැහැ ..මමත් අයිති උනේ training නොගිය ගොඩට ...ඔය අතරේම මම මගේ පලවෙනි ආදර කතාව පටන් ගත්තා ....එයාව හම්බ උනේ අපේ කැම්පස් එකේ තිබ්බ event එකකට ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...එයාගේ යාළුවා අපේ කැම්පස් එකේ උනාට එයා රජයේ කැම්පස් එකක කෙනෙක් ...

    මොන ප්‍රයිවට් කැම්පස් එකටද ගියෙ? කියන්ඩ එතකොට අනික් එවුන්ට ඒකට නොගිහින් හිටියහැකි
     

    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    අවුරුද්දක් එක හමාරක් පමන වැඩ කලත් කිසිම පඩි වැඩි වීමක් ලැබුනේ නැති නිසා එතනට සමු දෙන්න සිදු උනා ....පසුව ආයතන කීපයක වැඩකලත් බොහොම කෙටි කලකින්ම අයින් වෙන්න සිදු උනේ විවිද ගැටළු නිසා...අවසානයේ ඉතා හොද ආයතනයක රැකියාවක් ලැබුනා ....නමුත් පරිවාස කාලයකට යටත්ව..එය මට ගැටළුවක් උනේ නැහැ..මා සමගම තවත් කෙනෙක් පරිවාස කාලයකට යටත්ව ඒ දින වලම රැකියාවට සම්බන්ධ උනා ...පරිවාස කාලය අවසන් වීමට කිට්ටු වන විට අප දෙදෙනාගේම සේවය ස්ථිර කරන බවට මාගේ ප්‍රදානියා පැවසුවා...නමුත් ආයතන ප්‍රදානියා ගේ අදහස උනේ එක් අයෙක් පමණක් සේවය ස්ථිර කරන ලෙසයි..නමුත් මාගේ ප්‍රධානියා මට සහතික උනා අප දෙදෙනාම ගන්න බවට ....කෙලෙස හෝ ඔය කාලය ඇතුලත මා සමගම සේවයට පැමිණි අනෙත් කෙනා ආයතන ප්‍රධානියා සමග හිතවත් උනා ..නොහිතපු විදියට මාගේ ප්‍රධානියා රිය අනතුරකට භාජනය වී සතියක් පමණ කාර්යාලයට පැමිණියේත් නැහැ ..අවසානයේ ආයතන ප්‍රධානියා අනෙක් පුද්ගලයාගේ සේවය ස්ථිර කලා ..මට සිදු උනේ එතනින් අයින් වෙන්න ..ඔය අතරේ මගේ girl ඇය සේවය කල තැනින් අයින් වී වෙනත් ස්ථානයක සේවයට ගියා ඊටත් වඩා වැඩි පඩියකට...