දවස් දහයෙන් පස්සේ අඩු වෙයි ද ?පණ බේරගනින්කො දැන්. බඩගින්නට වතුර බීල හරි. ලෙඩේ කන්ට්‍රෝල් උනාම එළි බැහැල බඩු විකුණමු. දවස් 10 ඉදපන්කො වැලලෙන්නෙ නැතුව.
ජීවත් වෙන්න මගක් නැත්තම් මැරියන් . ඕකට තමා ඉතුරුම් තියාගන්න කියන්නේ
දෙක එක් ආදායම් මාර්ගයකර කොටු වෙන්න එපා
ගෙවත්තේ වවාගන්න
වියදම් කලමනාකාරණය
හදිසි අවශ්‍යතා සදහා සුදානම්ව සිටීම
කවදා හරි ලෝකෙන්ම ලෙඩේ හොද වෙලා යතා තත්වෙට ආවම ඔය එකෙක්වත් නෑ තමන්ට..තමන්ම තමා ආයිත් අලු ගසා දාලා නැගිටින්න වෙන්නෙ..ඒක නිසා හැමෝම ඒක මතක තියාගන්න..
ඔය ලොක්ඩවුන් කරපල්ලා කියලා කෑගහන එවුන් එකෙක් නෑ තමන්ට නැති කාලේට..
අවුරුදු දහයක් විතර ආපස්සට ගියා වගේ දැනෙන්නෙ එතකොට..ඔය එකතු වෙලා රට වහපන් කියන එක දේශපාලන පක්ශයක් වත් නෑ.. එක නායකයෙක්වත් නෑ.. තමන්ම තමා පරිස්සම් වෙලා මේකේන් ගැලවෙන්න ඕන.. ඔය ටික හිතාගන්න බැරි ගොබිලෝ තමයි රට වහපන් වහපන් කියලා හුරේ දාලා ලොක්ඩවුන් ඉවර උනාම ආයිත් බනින්නේ කන්න දීපිය කිරිපිටි නෑ තෙල් නෑ ගෑස් ගනන් අනන්න් මනන් කියන්නේ..
මේ මම වෙන නූලකට දාපු රිප්ලයි එකක්. උබ අහන දේට මගෙ උත්තරේ එතන තියෙනවදවස් දහයෙන් පස්සේ අඩු වෙයි ද ?
දවස් 70 ක් වහලා තිබිලා උන දෙයක් තියේ ද ?
කොහොමත් ඕක අර එකෙක් කියල තිබ්බ වගේ විනය සම්බන්ධ ලෙඩක්. ටොයියො බයියො වෙනසක් නෑ විනය නැත්තන් ලෙඩේ හැදෙන්න ඉඩ වැඩී.
මේ වෙලාවෙ ලෙඩේ පතුරන්න උදව් වෙන හැම එකාම ඈත් කරල දාන්න මිනිස්සුන්ට මොළේ පහල උනා නන් හරි.
ජෙප්පොයි විපක්ෂෙ උනුයි මේ ලෙඩේ පතුරන්න සෑහෙන සපෝට් එකක් දුන්න කොවින් ටෙස්ට් එක කරපු පොහොට්ටුවො වගේම.
ආණ්ඩුවට බනින්නව නන් බනින්නෙ ලෙඩේ ඇවිත් දැන් අවුරුද් 2කකට කිට්ටු වෙන්න ආව. තාම ජාතික ප්‍රතිපත්තියක් නෑ මේකෙන් ගැලවෙන්නෙ කොහොමද කියන්න.
අපි එන්නත් ගහනව කියන එක විසදුම නෙවෙයි මේ ලෙඩේට ඕනිම වෙලාවක එන්නතට රෙස්පොන්ස් කරන්නෙ නැති වේරියන්ට් එකක් එන්න ඉඩ තියෙනව ඒ වෙලාවට මොකද කරන්නෙ. එන්නත් ටික ගහනකන් මිනිස්සු පරිසම් කරන්නෙ කොහොමද වගේ දේවල් වලට තාම හරි ප්ලෑන් එකක් නෑ. යන විදියට පැච් ගහ ගහ යනව.
පළවෙනි ලොක්ඩවුන් එක වෙලාවෙ එහෙම එකක් හැදෙයි කියන බලාපොරොත්තුව තිබ්බ කරපු වැඩසටහන් ටිකත් එක්ක. චන්දෙන් පස්සෙ ඒව ඔක්කොම අවුල් උනා. කාගෙද වැරද්ද හොයනවට වඩා ඒ නවත්තපුව ආයෙ පටන් ගන්නව නන් හරි.