ඔව් මෙයා මුදු කරවලා. Sri Lanka Krait/Ceylon Krait යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අමතරව සිංහලෙන් හක් කරවලා, පොළොන් කරවලා ලෙසද හඳුන්වනවා. විද්‍යාත්මකව Bungarus ceylonicus ලෙස හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සර්පයෙක්. ඒ නිසාම අප ආරක්ෂා කරන්න අවශ්‍ය සතෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.
වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරය. ලංකාවේ තෙත් කලාපයේ දක්නට ඇත. දිවා කාලයේ දෂ්ඨ කිරීමක් වාර්ථා වෙන්නේම නැති තරම්ය.
හඳුනා ගැනීම
තද කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති මුදු ආකාර පටි ඇත. වයසට යන විට මෙම මුදු හඳුනාගත නොහැකි තරමට නොපෙනී යයි. කුඩා කාලයේ හිස මතුපිට සුදු පාට ඇතත් එයද වයස් ගතවන විට නොපෙනී යයි. දිගින් සේන්ටිමීටර් 75ත් 100ත් අතර ප්‍රමාණයකට වර්ධනය වේ.
බෝවීම
බිත්තර මගින් බෝවේ. ගැහැණු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි. බිත්තරයක් 30mmx17mm පමණ වේ.
ආහාර
නිශාචර සර්පයෙකු නිසා රාත්‍රී කාලයේ ආහාර සොයායයි. බහුලව ආහාරයට ගන්නේ අනෙකුත් විෂ රහිත සර්පයින්ය, කුඩා මීයන් හා ගෙම්බන් වැනි සතුන්ය. අන්ධ සර්පයෙක් ආහාරයට ගන්නා අවස්ථාවක් මා දැක ඇත.
දෂ්ඨ කිරීම හා විෂ
දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ රාත්‍රී කාලයේය. දිවා කල දෂ්ඨ කිරීමට පෙළඹෙන්නේ නැත. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ අඩුවෙනි. එයට හේතුව දෂ්ඨ කිරීම් සුලභ නොවීමය. රෝග ලක්ෂණ නයා, තෙල් කරවලා දෂ්ඨ කිරීම නිසා ඇතිවන ලක්ෂණ හා සමානය. විෂ බලපාන්නේ ස්නායු පද්ධතියටයි. නිසි ප්රථිකාරයක් නොකළහොත් දෂ්ඨ කිරීමෙන් පැය 12කට පමණ පසු මරණය සිදුවන බව සඳහන්වේ.
පැවැත්ම හා ඇති කර්ජන
පරිසර දූෂණය නිසා මෙම සර්පයාද තර්ජනයට ලක්ව ඇත. මොහු අප පරිසරයෙන් වඳවී ගියොත් ලෝකයටම අහිමි වනු ඇත. ඒ අපට ආවේණික නිසාය.
මෙම සර්පයා ගැන සඳහන් විස්තර ඇත්තේ අඩුවෙනි. එසේම වැඩි අවධානයකට ලක් නොවූ සර්පයෙකි.

Last edited: