මේ රට හමුදා භාරයට

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    2016 මැයි මස 26 වෙනිදා දවල් 11 ට පමණ හමුදාව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පාලනය මුළුමනින්ම අත් පත් කරගෙන ඇත.. සිංහ හා ගජබා රෙජිමේන්තු මූලිකත්වය ගෙන බල ඇනි 3ක් යොදවා පාර්ලිමේන්තුව සහ ජාතික රූපවාහිනී ආයතනය හා ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය තම බලයට ගෙන ඇත. කොමාන්ඩෝස් බලකායේ අණ දෙන නිලධාරී තුමා හා හමුදාපති විසින් පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති හා අගමැති සිරභාරයට ගෙන බලයෙන් පහ කර හමුදාව විසින් ශ්‍රී ලංකාවේ පූර්ණ බලය ලබාගෙන ඇත. එ් මොහොතේම උතුරේ රාජකාරි කරමින් සිටි බල ඇනියක් විසින් රට බෙදා වෙන් කිරීමට කුමන්ත්‍රණ කරමින් සිටි විග්නේශ්වරන් ඇතුලු නඩය හා සම්බන්ධන්ව අත්අඩංගුවට ගෙන ඇත. ඒ මෙහොතේම රිශාඩ් බදියුර්දීන් ද අත්අඩංගුවට ගෙන ඇත. මුළු රටම මේ හොහොතේ ප්‍රීති‍ ඝෝෂා නගමින් මෙය අනුමත කරමින් සිටියි. තව සුලු මොහොතකින් හමුදා ප්‍රධානි විසින් මුලු රටම තම පාලනයට ගත් බව නිල වශයෙන් ලෝකෙටම දැනුම් දීමට නියමිතය. රටේ ආරක්ෂාව දැඩි කර ඇත. කිසිදු අයුරකින් රට බෙදා වෙන් කර දැමීමට නොදෙන බව හමුදාව විසින් දැඩි ස්තාවරයක සිටිමින් ක්‍රියා කරන බව මාධ්‍ය ඔස්සේ විකාශය කරයි... මේ මොහොතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා යුධ හමුදාව හා ගුවන් හමුදාව එක්ව රට තුල සිටින සියලුම සිරෙන් නිදහස් කරන ලද භයානක පුනුරුත්ථාපනය නොකරන ලද සියලු හිටපු කොටි ත්‍රස්ථවාදීන් නැවතත් අත්අඩංගුවට ගනිමින් සිටියි. උතුරු පලාතේ විශාල ලෙස සිංහලයන් මර්ධනය කරමින් සිටි විග්නේශ්වරන්ගේ සහචර නඩය ආගිය අතක් නොමැති බව වාර්තා වෙයි. ඔවුන් සෙවීම සිවිල් ආරක්ෂක බලකාය විසින් පෙරමුණ ගෙන කටයුතු කරයි.....

    මේ වගේ නිවුස් එකක් එන දවස මැවිල පේනව බන් මට :cool::eek::dull::dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked::shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙහෙම වෙනවනම් ඇත්තටම් හොඳයි
    එත් ඒක හොඳ අවස්ථාවක් බටහිර ජාතීන්ට ඇත පොවන්න.

    හොඳම දේ හමුදා පාලනයට ගිය ගමන් චීනෙට හරි රුසියාවට හරි සම්බන්ද වෙන එක.
    නැත්තන් ඇමරිකන් කාරය අනිවා අපට කොක්ක දානවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රජාත්‍රන්තවාදී රටක ජීවත් වෙන්න මුන්ට පින නැහැ..මුන්ට ඕනෙම රජවරුයි, එක්කෝ ඒ වගේ ඒකාධිපති හෝ හමුදා පාලන...

    මම කියන්නේ නැහැ මේ දැන් ඉන්න ආණ්ඩුව හොදයි කියල...එත් ඔහොම පාලනයක් ආවොත් එක ඊට වඩා දරුණු වෙන්න පුළුවන්...එහෙම ඇවිත් උන් හිතන තරම් හොඳ නැති වුනොත් මලාට අපිට ඕකුන්ව එලවගන්නත් හම්බෙන්නේ නැහැ...

    අපි දැන් ඉන්න ආණ්ඩුවට චන්දෙ දීල, උන්ගේ බහට රැවටුනා කියල දැනගත්තම අපිට දැන් පුළුවන් ඊළඟ චන්දෙ ආපු ගමන් මුන්ව එලවල දාන්න...ඒ දාල අලුත් කෙනෙක් පත් කරගන්න...අන්න එකයි මේකේ වටිනාකම...ඔහොම හමුදාව අල්ලගත්තොත් වෙන්නේ උන් පිස්සු කෙලියොත් රට ඉවරෙටම ඉවර වෙන එක...ඊගාවට එනවා ලෝකේ සාමය ඇති කරන ඇමෙරිකන් පක්කිලියෝ ටික...අන්තිමේ රට විනාස වෙලා තමා නවතින්නේ..ලංකාව වගේ රටකට ඕව කරන්න අමාරුයි...මොකෝ අපේ සල්ලි උල්පත් තියෙනවා කියලද? ආර්ථික සම්බාදක, අරව මේවා, ඇමෙරිකන් අත පෙවීම්, අන්තිමේ රට විනාස වෙනවා..උබලට මහින්ද ඕනේ නම් ඊළඟ එකේදී මහින්ද හෝ වෙනත් කෙනෙක් පත් කරගන්න...ඔය වගේ දේවල් වලට සහය දක්වන්න එපා..:yes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    lankawe hamuda palanayak karanna nam ewage trust karanna puluwan leader kenek inna one. e leader godak welawata army commander or udama post ekak wenna one. ehema ekak innawada denata ?

    e leader wa trust karala eyage command eka ganna ita passe pahala top levels ready wenna one. ekath karanna lesi ne lankawe. moko untath godak welawata thiyenne personal agenda.

    e hema demata karath palanaya athata aran eka gatta reason eka justify karanna one puluwan wenna one. nettam munissu support karanne ne. moko lankawa kiyanne loke thiyana ekama rata nemei ne. anith ratawath ita passe apita ita wada hapan widiyata natonawa. UN eke inna countries walin salli enne ne. okkoma barriers demmama apita kanna adinna wath system ekak ne. ita passe kelama wela yanawa. but hamudawe lokko tika nam fun eke idi. e nisa eka karannath be

    lankawe hamuda palanayak awath uba oya kiyana kisi deyak wenne ne. unoth wenne apita kela wena eka witharai
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    පිස්සුද බන් නිකන් දවල් හීන දකින්නේ නැතුව හිටහන්. අපේ රටේ හමුදාපාලනයක් එනවා නම් එන්න තිබ්බ හොඳම දවස තමයි හමුදාපතිව හිරේ දාපු දවස. එහෙව් කාලෙකදීත් කරබාගෙන හිටපු හමුදාවක් කවදාවත් රට අල්ලන්න යන්නේ නෑ. මරපු ප්‍රභාකරන්ගෙ කටට මැස්සො වහද්දි අතින් ගහලා මැස්සෝ එලවපු හමුදාවක් අපිට ඉන්නේ. ඉතින් අපේ හමුදාවෙ යුධ හැකියාව වගේම ඉවසීම විනය පැත්තෙනුත් ගොඩක් ඉහල මට්ටමකයි ඉන්නේ. හමුදාව දන්නවා තමන්ගේ සීමාව. හමුදා පලාන ගොඩක් ප්‍රාථමික හීන මිනිස්සු ඉන්න රටවල් වල තියෙනවා.