මේ වගේ ගෑනුන්ගෙන් දැන්ම අයින් වෙන්න!

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ කතාව ඇත්ත නම්, මම හිතන්නේ මේ ගෑණු කෙනාට ස්කිසෝෆ්‍රීනියා වගේ වෙන්න ඇති කියල, බෙහෙත් අරන් දෙන්න ඕන.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    මොකක්ද යකෝ මන් ඒ කියෙව්වේ. ගොටුකොල පොන්න ජීවිතයකනේ යකෝ මේක....මාමගේ ටෙස්ටෝස්ට්‍රෝන් අඩුයි එකයි වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: niranga1989

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    වධක භාරී කියන්නේ ඔකුන්ට තමා. පවට බන් සෙට්වෙන්නෙ ඔහොම එවුන් ගැලවෙන්නෙත් නෑ ලේසියකන්. කැරිම වදයක් දෙන්නෙ බන්
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    Ammo ikmanata wifeta kiss ekak deela admire karanna one uba mata 1000n sampathak kiyala... 😵
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    මා සහ නිර්මලා විවාහ වූයේ වසර අටක සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙසිනි. නිර්මලා මගේ පළමු ප්‍රේමයයි. ඇය සරසවියෙදීද මා ගැන නිතර සොයා බැලුවාය. දිනපතා ඇය හමුවීම සහ මා කරන හැම දෙයක්ම පාලනය කිරීම ඇගේ සිරිතක් වුනු නමුත් මම ඇතැම් විට මිතුරන් සමග හොරෙන් මත්පැන් බීම වැනි අහිංසක වැරදි කළෙමි. දුප්පත් පවුලක කෙල්ලක් වුනු උගත් ඈ මා විවහා කර ගත්තේ මහත් ආඩම්බරයෙනි. විවාහයෙන් පසු අප දෙදෙනාම එක් අයෙක් බව නිතර මෙනෙහි කළ නමුත් එහි සිටියේ නිර්මලා පමණකි. ඇගේ අවශ්‍යතා , රුචි අරුචිකම් සහ ඇගේ දේ හැර මා කියා කෙනෙක් නොවීය. ඇය හැර වෙන කිසිවෙක් මා වෙත සමීප වීම නොයිවසු ඇය මගේ දෙමාපියන් ආවත් මට කතා කිරීමට ඉඩක් නොදුන්නාය. යාලු මිතුරන් හමු වීම වැනි දේවල් මට කොහෙත්ම අකැප නරක දුසිරිත් විය. කාර්යාලයේ වැඩ ඇරීමෙන් පසු ගෙදර එන තුරුම ඇය ෆෝන් එක ඕන් එකේ තබාගෙන එන මට්ටමට මා කොටු කළාය. මේ ජීවිතය මට සැබවින්ම අපායක් විය. මෙසේ කිරීමට මා කළ වරදක්ද නොවුණු අතර එන්න එන්නම මා නමැති පුද්ගලයා මට නැති වෙමින් පැවතුණි. ඇගේ ඥාතීන් සහ හිත මිතුරන් මගේ නිවසේ පදිංචිව සිටි අතර ඔවුන්ගේ වියදම් දැරීම මගේ වගකීමක් වුණා. මා මේ හැම දේම කළේ දැඩි කැපවීමෙන් සහ ආදරයෙන්. මම මගේ බිරිඳ නිර්මලා මගේ පළමු ප්‍රේමය නිසා ඇයට ආදරේ කළා. ඇයට අනුව ජීවත් වෙන්න උපරිම උතසහ දැරුවා. නමුත් දවසින් දවස මගේ ජීවිතේ අපායක්ම වුනේ මාව අසීමිතව සැක කිරීම නිසයි. ඒ වගේම මා කරන කිසිවක් ඇයට ප්‍රමාණවත් නැති වුණා. හැම දේකම මොකක් හරි අඩුවක් කියල නිතර බැන වැදීම සිදු වුණා. නමුත් ඇය ලෝකයට පෙන්නුවේ අපි දෙදෙනා ඉතාම සමගියෙන් සතුටින් ජීවත් වන බවයි. ඒ වගේම ඇය දන්නා හඳුනන හැමෝටම උපකාර කළා. මේවාටත් අධික වියදම් ගියා. මා කෙමෙන් වුර්තියෙන් ඉහළ නගින විට ඇය නිවසේ නතර වුනේ රාජකාරි කිරීම මහන්සි නිසයි. මින් පසු මේ ගැටළු අවම වේවි යයි මා සිතුවා. නමුත් සිදු වුනේ තිබ්බ ගැටළු වැඩි වීමයි. මම ඇයට බයෙන් ගැටුම් හදා නොගන්නට උපරිම උත්සහ කරා. නමුත් කොතන හෝ කොස්සක් අහු වුණා. හොඳම උදාහරණය අපි දෙන්නා දවස් 5 ක් පමණ ගොඩක් ආදරෙන් සතුටින් සිටියා. ඔන්න පස් වන දවසේ හැන්දෑවේ රූපවාහිනියේ ගිය කතාවක කෙල්ලෙක් කොටට ඇඳගෙන සිටියා. මා ඒ දෙස බලා සිටියා. කෑදර ලෙස නොවේ. කතාවේ කොටසක් නිසා.


    “ ආ… ආසා හිතුනා නේ? දැන් ඒ කෙල්ල මෙතන හිටියා නම් බලන්න තිබුනා නේද ?” අහල මා දෙස ද්වේශයෙන් බැලුවා. මේ අසාධාරණ කතාවට මගෙත් ඉවසීමේ සීමාව බිඳිලා ගියා. රූපවාහිනියේ යන ගැහැණියක් පවා මට පාවා දෙන මට්ටමට නිර්මලා වැටීම මට දැඩි අවමානයක් වුණා. මේ ගැන අපේ පවුල් වල උදවියත් ඇයට කතා කළා.

    මගේ දෙමාපියන් මේ විදිහට පිරිමියෙක් දැඩිව කොටු කරන්න බැහැ කියා ඇයට නොයෙක් වර කීවා. ඇය ඒ හැමෝටම බැන්නා. මේ අතරේ නිර්මලා මගේ කාර්යාලයේ රියදුරන්, සිකුරිටි වැනි අය සමග පවා මගේ ඔත්තු බලන්න ගත්තා. මේක ඉවසිය නොහැකි මට්ට්මකට වැටුනා. අවසානයේ මම මට මානසික ලෙඩක් ඇති බව කියා නිර්මලා මානසික වෛද්‍ය වරයෙක් වෙතට රවටාගෙන ගෙන ගියා. ඔහුගේ නිර්දේශය වුනේ ඇයට Delusional disorder නම් ආබාධය ඇති බවයි. එයට බෙහෙත් සහ උපදේශන ප්‍රතිකාර අවශ්‍යය වුණා.

    නමුත් නිර්මලා වෛද්‍ය වරයාට දොස් කියා බෙහෙත් බීම මගහැරියා. තෙරපි කරන චිකිත්සක වරිය දකින්න යන්න ඕනේ නිසා මා ඇය පිස්සෙක් ලෙස හංවඩු ගසා ඇති බව මට චෝදනා කළා.

    මේ අතර ඇය විටින් විට මට පහර දුන්නා. අතට අහුවෙන දේවල් වලින් පවා. මාව තදින් සීරුවා. ගැහැණියකට ගැසීම හොඳ නැති දෙයක් නිසා මා අපහසුවෙන් නමුත් ඉවසා සිටියා. නමුත් ඒ වනවිට අපේ අඹු සැමි සම්බන්ධය දරුණු විදිහට දෙදරා ගිහින් තිබ්බේ. ඈ සමග ලිංගිකව හැසිරෙන්න මට ආශාවක් ඇතිවුනේ නැහැ. මේ නිසා ඇය තව තව කුලප්පු වුණා. මා සමග කෝප වුණා. මාත් ඉතාම දැඩිව මානසික පීඩනයට ලක් වෙලා හිටි බව මට හිතෙනවා. මට අදටත් යාලු මිත්‍රයෝ නැහැ . මොකද කිසිම දවසක යාලුවෙක් හම්බු වෙන්න යන්න ලැබිලා නැහැ. මම වැඩකර එසැනින් ගෙදර ආ යුතුයි. ඒ වගේම අම්මා දකින්න ගියත් ඈ සමග හැර කොහේ වත් යන්න තහනම් වුණා.

    මේ දේවල් පිරිමියෙක් ගැහැණියකට කරා නම් මේවා පොලිසි යන තරම් දරුණු ගෘහස්ත හිංසන බවට සැක නැහැ. නමුත් මා පිරිමියෙක් නිසා කවුරුත් මට අනුකම්පා කළේ නැහැ.

    “ අඩෝ ගෑනිගෙන් ගුටි කනවද තෝ? මාර පොරක්නේ බන් “ කියල තමා මගේ පාසල් කාලේ මිතුරෙක්ට කීවහම මට ප්‍රතිචාර දැක්කුවේ.

    “ ගෑනි ඒ විදිහට හැසිරෙන්න මිනිහා මොනවා හරි වැරදි කරනවා ඇති. නැත්නම් ඔහොම ගෑනි අත උස්සද්දී සද්ද නැතුව ඉන්නේ නැහැනේ “ ගොඩ දෙනෙක් කියල තිබ්බේ ඒ විදිහට.

    දවසක් මහ පාරකදී ඇය මට පහර දුන්නා. පයින් ගහපු පාරට මගේ බඩ බදාගෙන මම අයිනට වුණා. නමුත් ඈ මට ගහද්දි කවුරුත් බැලුවේ වත් නැහැ. ඔය විදිහට මම නිර්මලාට ගැහුවා නම් මම දන්නවා වටේ සිටි හැමෝම එකතු වෙලා මට බනීවි. මම පිරිමියෙක් ඒ නිසා සමාජය කවදාවත් මට අනුකම්පා නොකරන බව මට වැටහුණා. නිර්මලා මට පහර දීම සහ මා හට මානසිකව මේ ලෙස හිංසා කිරීම ඇගේ යෙහෙළියෝ සැලකුවේ නිර්මලාගේ දක්ෂකම සහ නිර්භීත කමක් ලෙසයි. ඒ වගේ එක යාලුවෙක් ඇගේ සැමියාට නිර්මලා විදිහට සලකන්න ගිහින් විවාහය දෙකඩ වෙන තැනට කරුණු යෙදිලා යන්තම් ගැලවුණා. ඊට පස්සේ බිරිඳගේ හදිස්සි විපර්යාසයට හේතුව නිර්මලාගේ චන්ඩිකම් ආදර්ශයට ගැනීම බව වටහා ගත් ඒ සැමියා නිර්මලා ඇසුරු කිරීම තහනම් කර තිබුණා.

    නිර්මලා හැමෝටම කීවේ මම ඇයට ආදරේ නැහැ කියල. ඒ වගේම මම ඇයට කිසිම සෙනෙහසක් නොපාන එක විශාල ගැටළුවක් බවත් ඒ නිසා ඇය විශ්වාස කරන පරිදි මට වෙනත් ගැහැණු සිටිනා බවත් ඇය හැමෝටම කීවා. මේ අතරේ අප සමගිව ඉන්නා දුර්ලභ කාල පරිච්චේද තිබුණා. ඒ කාල වල මම ඒ සතුට පවත්වා ගන්න කොතෙක් උත්සහ කරත් මොකක් හෝ පුංචි දෙයක් මගින් එය බිඳ වැටුණා.

    ඔය කාලේ මගේ අතට අහු වුනේ පුදුම දෙයක්. ඒ තමා ඇය මා මේ ලෙස සැක කරමින් ඉන්න අතරේ ඇයට වඩා ලාබාල තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බව. මේ සම්බන්ධ සාක්ෂි මට දුන්නේ ඒ තරුණයාගේ බිරිඳ විසිනුයි. මේ සාක්කි ලැබීම මට දුකක් ගෙන ආවා. ඇය මෙතෙක් කලක් කොතරම් මුලාවක් කර තිබුනාද මට හිතා ගත නොහැකි වුණා. නමුත් ඇයට අපූරු නිදහසට කරුණකුත් තිබුණා.

    “ ජීවක මට කිසිම ආදරයක් නැහැ. මා එක්ක සම්බන්ධයක් නැහැ. මාත් මනුස්සයෙක්. මගේ අතින් ඒ වැරදි සිදු වුණා “ ඇය කීවේ බොහෝ අහිංසකව.

    මේ සිදුවීම රට පුරා කිවීමෙන් අවමාන වෙන්නේ මට බව මටම වැටහුණා. බිරිඳට අපහාස කිරීම මටත් වෙන අවමානයක් නිසා මම ඒ ගැන කියා ඈ නින්දාවට පත් කරන්න හිතුවේ නැහැ. නමුත් මා සිතුවේ මීට පස්සේ අපේ පවුලේ ගැටලුව අවම වේවි කියලයි. නමුත් ඒ ගැටළු අවම වුනේ නැහැ. කාලය එක්ක වැඩි වුණා. මගේ දරුවෝ නිසා දික්කසාදයක් කරා යන්න මට හිත හදාගන්න බැරි වුණා. මගේ පවුලේ හැමෝම දික්කසාදය සැලකුවේ මරණයක් වගේ නරක දෙයක් ලෙසයි. එයින් මගේ දරුවන් විනාශ වෙන බව ඔවුන් කීවා. මම විවාහය අද වෙනස් වේවි හෙට වෙනස් වේවි කියා විශ්වාසයෙන් සිටියා.

    මගේ දරුවෝ ලොකු වුනේ මේ පීඩාකාරී පරිසරේ මැද. අදටත් ලොකු පුතා මානසික පීඩනයට බෙහෙත් බොනවා. දෙවෙනි පුතා ටිකක් ඉක්මනින් විවහා වුණා. ඔවුන් අපේ නිවසේ පදිංචියට ආවා. දුවෙක් නැති මම ගොඩක් සතුටු වුණා. ඉතින් දෝනි අපේ ජීවිත එලිය කළා කීවොත් හරි. දෝණි ඉද්දි පරණ විදිහට ගහ මරා ගන්නත් නිර්මලාට බැරි නිසා මමත් සතුටු වුණා. ඒ අතරේ චූටි පුතා ඔෆිස් එකේ වැඩකට රට ගියා සති දෙකකට එතකොට දෝණි මාස දෙකක ගර්භනී මවක්. අපි දෙන්නා ගෙදර ඉන්න නිසයි පුතා දාල ගියේ.

    මම උදේම කඩේට ගිහින් දෝණිට කන්න බටර් කේක් ගෙනාවා. එදා වමනේ ගිහින් ඇඳේ වැටිලා හිටි කෙල්ලට ලොකු කෑලි දෙකක් කපාගෙන කිරි තේ හදාගෙන මම ඇගේ කාමරයට ගියා. දෝණි ඇඳ උඩ වාඩි වෙලා කේක් කන්න ගත්තා. කාමරේ දොර ඇරලා දාල තිබ්බේ. මම පුටුවේ වාඩි වුණා. දෝනිගේ සැප සනීප අහපු මම ඇයට කේක් දීල විස්තර කියමින් තේ බීවා.

    හදිස්සියේ කාමරයට වැදුණු නිර්මලා හෙන ගහනවා වගේ මට බනින්න ගත්තා.

    “ නාකි වලත්තයා … තෝ දෝනි දෝණි කිය කියා පස්සෙන් යද්දී මම හිතුවා. “

    “ අම්මේ තාත්තට කේක් ගේන්න කීවේ මම “ දෝණි බයෙන් ගැහෙමින් නමුත් මේ ජරා කතාවට උත්තර බැන්දේ මා වෙනුවෙන්.

    “ මූ මහා වල් බල්ලෙක්. තෝත් ඒ ජාතියේම ලජ්ජා නැති ගෑණියෙක්. බඩේ ඉන්න එකා මගේ පුතාගේද මුගේද ?” ඇසු ඇය උණු තේ කෝප්පයට පහරක් ගැසුවාය. දෝණි ඉකි බිඳිමින් හඬමින් ගෙදර යන්න සූදානම් වුනේ තැලුණු සිතින්. මම ගෙදර ගිහින් දාන්න ඇහුවත් ඇය “එපා” කීවේ ලජ්ජාවට.

    නිර්මලා කාමරයට ගිහින් මටත් ලේලිටත් දොස් නගමින් එහා ගෙවල් වලට ඇහෙන විදිහට කෑ ගැසුවා.

    දෝණි ගිය ගෙදර මට මහා පාළුවක් දැනුණා. ඒ වගේම ලැජ්ජාවක් දැනුණා. හරියට පන්සලක් ඉසරහ හෙළුවෙන් හිටි මිනිහෙක් වගේ මට දැනුණා. මගේ දරුවෝ දෙන්නම දැන් ලොකුයි. මම නැතුව උන්ට පාඩුවක් නැහැ. මේක ඉවර වෙන්න එපාය. මම කාමරයට ගිහින් ගෙල වැලලා ගන්න සැලසුම් කළා. මා විඳි වේදනාව , ජීවිත කාලය පුරාම ගොළු වුනු මගේ කතාව කොලේක සටහන් කළා. මට දැන් යන්න පුළුවන්. ජීවිත කාලයම වලෙක් ලෙස හංවඩු ගැහුණු මම මගේ උපරිමයෙන් හොඳ සැමියෙක් වෙන්න උත්සහ කරා. හොඳ පියෙක් වෙන්න උත්සහ කරා. මගේ අනාගත මුණුබුරාට හොඳ සීයෙක් වෙන්න උත්සහ කරා. මගේ මරණය නිසා දෝණි වරද පටවාගෙන ජීවිත කාලයම දුක් විඳින එක නතර කරන්න තමා මම මේ සටහන ලිවුවේ. මේක මගේ කරුමය.

    පසු ලිවීම : සියදිවි නසා ගැනීමට උත්සහ කළ මේ විශ්‍රාමික මහතා එයින් ගලවාගෙන මානසික ප්‍රතිකාර වලට යොමු කරනු ලැබුවා. ඔහු බිරිඳගේ හැසිරීම් සහ ගෘහස්ත හිංසනය නිසා දැඩිව මානසික අවපීඩනයට ලක්ව සිටියා. මානසික රෝහලෙන් නික්ම ඔහු ගියේ ඔහුගේ සොයුරියක් වෙතටයි. අදටත් ඔහුගේ බිරිඳ නොයෙක් අයුරින් කෝල් කරමින්, මුදල් ඉල්ලමින් , විටින් විට කඩා වදිමින්, මහා මාර්ග වලදී පහර දීමට උත්සහ දරමින් ඔහුට හිරිහැර කරයි. ඔහු ඒවා නිහඩව දරා සිටී. ඇයට මානසික ප්‍රතිකාර කිරීම නොහැකි බවත් එයට උත්සහ කිරීම පවා කළ නොහැකි බවත් ඇගේ දරුවෝ පවසති.
    :angry::angry::angry::angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    මම දන්න කෙනෙක් (කෙල්ලෙක්) ඔහොම කෙනෙක්. එයාගෙ අතීතය හෙව්ව. පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් තනියම පාලු ගෙයි බයවේමක් තමයි මූලික හේතුව. පිරිමියා තමන්ව දාල යාවි කියල හිතනව හැමතිස්සෙම.

    නමුත් පිරිමියා හයියට හිටියම ඔය ගතිය අඩු වෙනවා.

    කවදාවත් දැකල තියෙද ගෙවල් වල බඩු මුට්ටු පොලොවෙ ගහන , කුනු හරුප කියන එවුන්ගෙ ගෑනු ඔහොම වෙලා තියෙනව. :lol:
    ඒ කියන්නෙ අඩුකුලේ ගෑනියෙක්ව බඳින්න ඕන අඩුකුලේ එකෙක්මයි. තමන් රෙස්පෙක්ට් පිට ගෙවල් පැත්තෙ මිනිස්සු එක්ක වැදගත් විදිහට ඉන්නව නම් කවදාවත් මේ වගේ ගෑනු බඳින්න හොඳ නෑ. බඩු මුට්ටු පොලොවෙ ගහලා, ගහමරාගෙන ඉන්න ඕන මේ ගෑනු ඒක. ඉතින් තමන්ට කියල ආත්ම ගරුත්වයක් නැත්තන් මෙහෙම ගෑනියෙක් බැන්දට ප්‍රශ්නයක් නෑ.

    simple.. narcissistic personalities...
    ඔව් මෙතන 100% ඒ රෝග ලක්ශන තියෙනවා. මට වුනත් අන්තිම මොහොතෙදි මතක් වුනේ අර ගෑනිව බැන්දා නම් මට වෙන්නෙ බෙල්ලෙ වැල දාගන්න තමා කියලා.
    ------ Post added on May 20, 2024 at 10:35 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ section සෙට් එක එලකිරියට අවශ්‍යයි.

    චන්ද කැම්පේන් කාරයොන්ගේ section එක.

    ආගම සික් කාරයොන්ගේ section එක (එමියෝස් වගේ එවුන්ව මේකේ දාල ලොක් කරන්න ඕන. 😂)

    depression කතා section එක.

    වැල section එක.

    බස් ජැක් කාරයොන්ගේ corner එක.
    අපෝ තව තියෙනවා.....

    චන්දිගාර් කෙල්ලගේ කෝනර් එක.....

    කුනුහරුප කාමරේ....

    දේශපාලන මෙන්ශන් තාප්පය....

    නංගි ගේ ස්කූටර් කෝනර් එක...

    අවධාන පිටුව (අවධානය ඉල්ලන්නන්ගේ පිටුව)...

    ඒළකිරියේ අවසාන මංචකය(එළකිරිය එපා වී යන්නන්ගේ පිටුව).....

    හිඟන වීදිය....

    :sorry: :sorry:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    මමත් දන්න එක කතාවක් තියෙනවා ඔය වගේ. අපේ නෑදෑ වෙන කෙනෙක්ගේ. දැන් නම් මැරිලා. මේ වගේ තමයි. හැබැයි ඔච්චර ශාරීරිකව වද දීලා නෑ දන්න විධියට. හැබැයි තේ එක හදන එකේ ඉදලා හැමදේම කරලා තියෙන්නේ පිරිමියා. අපි පොඩි කාලේ හින්දා මතක නෑ. හැබැයි අපේ පවුල්වල කට්ටිය ඒ ගෙදර ගියාම තත්වේ දැකලා. අපායවල් වල ජීවත් වෙනව වගේ වෙන්න ඇති ඉතින්. අන්තිම කාලේ සෑහෙන අවුලන් ඉන්න ඇති කියලා තමයි අපේ නෑදෑ කට්ටිය කියන්නේ. අහිංසක මනුස්සයෙක් උනාම ලැබෙන්න යක්ෂණියක් වුණාම ඔහොම වෙනවා.

    ඕකෙම අනිත් පැත්තත් වෙනවා නේ හැබැයි සමහර පවුල්වල.
     
    Last edited: