මම ගුරු වෘත්තියේ නියැලෙන වයස 28ක් වන කාන්තාවක්. මට තිබෙන ගැටලුව මම උගන්වන පාසලේ 8 වසරෙ ඉගෙනගන්න පිරිමි දරුවෙකුට නිතරම ආකර්ශනය වීමයි.. මේක කියවලා මට බනින්න නම් එපා.. වැරැද්දක් බව දන්නවා.. මේකෙන් මිදෙන්න අවශ්‍ය නිසයි මෙහෙම උපදෙසක් බලාපොරොත්තු වෙන්නෙ. මට ඇති වෙන්නෙ ඒ දරුවා ගැන ලිංගික හැගීමක් නෙවෙයි. ආකර්ශනයක්. නිතරම ඒ දරුවාව දකින්න, ඔහු ඇසුරු කරන්න වගේම පමණ ඉක්මවා ඔහුට උදව් කරන්න සහ ඒ දරුවා සතුටින් තැබීමට උත්සාහ කිරීමට හිතෙනවා. දැනටත් විශේෂ සැලකිලි දක්වලත් තියනවා.. ඒ දරුවා නිතරම විහිලුවෙන් සෙල්ලමින් මාත් එක්ක කතාබහ කරනකොට හිතට සතුටක් දැනෙන නිසා නිතරම මට ඔහු ලගින් ඉන්න හිතෙනවා. ඔහුගෙ සම වයස් ගැහැනු දරුවෙකු ඒ පිරිමි ලමයා සමග ලඟින් ඇසුරු කරනවා දැකීමත් මගෙ හිත නොසන්සුන් කරනවා. මට විවාහ වෙන්න කෙනෙකුත් ඉන්නවා. මම ඇත්තටම ඔහුට ආදරෙයි. එයාට මේ දේවල් කිව්වෙ නැහැ. ඔහු මාව මොන විදිහට විනිශ්චය කරයිද දන්නෙ නැති නිසා. ඒ දරුවා ගැන ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න උපරිම උත්සාහ කලත් දවසින් දවස ඒ දරුවාව දකින වාරයක් ගානෙ ඒ හැගීම් වැඩි වෙනවා. මේක ලොකු වැරැද්දක්. ඒ දරුවා වයසින් වැඩි වීමත් එක්ක ඉදිරියට මේ තත්වෙ වැඩි වෙලා ඒ දරුවටත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියල බයයි. මගෙ රැකියාවටත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියල හිතෙනවා. ගුරුවරියකට මෙ වගේ දෙයක් නොගැලපෙන බව මම දන්නවා. මට හිතාගන්න බෑ ඇයි මෙහෙම පොඩි දරුවෙක්ට ආකර්ශනය වෙන්නෙ කියලා. ඉස්කෝලෙ ගියත් ඉස්සෙල්ලම මම බලන්නෙ ඒ දරුවා ඉන්නවද කියලා. මේක අසාමාන්‍ය තත්ත්වයක්. මේකෙන් මිදෙන්න මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න අවශ්‍යද. නැතිනම් මං විසින්ම මේ තත්වය මග හරවාගන්න කල හැකි දෙයක් තියනවද?. මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න මට ලොකු මුදලක් වැය කරන්න අපහසු තත්වයක් තියනවා. මාව judge නොකර වෘත්තීයමය උපදෙසක් ලබාදෙන්න.. ලොකු උදව්වක්. කවද හරි පාසල මාරු කරන කාලෙක ඒ දරුවගෙන් ඈත් වෙන එක හිතට දරාගන්න අමාරු වෙයි කියල හිතෙන නිසා මේක මගෙ මනසට නිතරම වද දෙනවා.

