මාත් කෙල්ලෙක් බලන්න ගියා ඕං......
ඔන්න ඉතිං කට්ටිය දන්නවනේ පූස් පැටියා තනියෙන් කියලා... ඉතින් අම්මටත් කියලා හා හා පුරා මමත් ගියා පූසියක් බලන්න.ලස්සනට ඇඳලා කරන්න ඕනි සේරම වැඩකෑලි දාලා මමත් හත් දොහක් තිස්සේ ගමනට ලෑස්ති උනා.එයා වැඩ කරනව කිව්වේ මොකක්ද කොම්පැණියක.නීතිමය ප්‍රෂ්ණ නිසා ඒකේ නම් නොදා ඉනනම්.කියන්නත් මට මතක නෑවගේ දැනනම්.ඔව්ව ඉතින් කාටද මතක හිටින්නේ.
මට බලන්න කියලා ෆොටෝ එකක් එවල තිබ්බා.අම්මප කියන්නේ ඒක දැක්ක ගමන් මගෙ ඇස් ගෙඩි දෙක එලියට පැන්න.හරි ලස්සනයි.හරි චාම්.ඉතින් ඕක දැක්කට පස්සේ මට මේලෝකේ සිහියක් නෑ කියන්නකෝ.හීන මව මව ආතල් එකේ හිටියා.ඔහොම ඉන්නකොට යන බලන්න යන දවසත් ඔන්න ආවා.උඩදී කිව්ව වගේ එලටම ඇඳල පට්ටම ජැන්ඩිය වගේ ගියා බලන්න.
බලන්න ගිය දිහාට ටික දුරක් යන්න ඕනි.ගියේ මායි අම්මයි අප්පච්චියි විතරයි.වෙන කවුරුත් එනවට අප්පච්චි කැමති උනේ නෑ.ලස්සන ගෙදරකට ගියා ඕන්.ලස්සනයි කිව්වේ හරිම පිලිවෙලයි.මාත් ඉතින් තිබ්බ හොදම පුටුව බලල ඉදගත්තා.කිව්වට මොකද මට හෙන බයයි දැන්.දාඩියත් දාලා.එයාලගෙ අම්ම ඇවිත් ඒසී එක දාලා දුන්නා.පොඩ්ඩ වෙලාවක් කථා කරකර ඉදල එහෙම හෙමින් හෙමින් ආව වැඩේට කට්ටියම එන්ටර් උනා.ඔන්න දැන් එයා එනවා අර මොකක්ද හෙප්පුවක් එහෙම අරන්.අම්මට සිරි වෙනවා මට නැගිටගන්න පණකුත් නෑ.කකුල් දෙකත් ගැහෙනවා.කොහොමහරි පුටුව අල්ලන් නැඟිටලා ගත්ත හෙප්පුව මාර ගේමක් දීලා.එයා හිනාවක් එහෙම දාලා යන්න හැරුනා.හැරුනට ගියේ නෑ.එයාලගෙ අම්ම ලගට වෙලා හිටියා.මාත් ඉතින් නිධානයක් හම්බුනා වගේ බැලුව අර හෙප්පුවෙ රෙද්ද උස්සලා.ඒකේ තිබ්බ කොහෙල්මලක් නැ.පස්සෙ ටිකකින් අම්මල කිව්ව දෙන්නට කථා කරගන්න දේවලුත් ඇතිනේ කියලා එහෙනම් එලියට ගිහින් කථා කරන්න කියලා.මාත් බයේ ගැහි ගැහි ආව එලියට.එයත් ආව මං පස්සෙන්.ඇවිත් අපි දෙන්න උද්‍යාන බංකුවක වාඩි උනා.මල කෙලියයි මට දැන් ඉන්න බෑ චූ බරක් හැදිලා.මං එහෙන් මෙහෙන් ඇඔරෙනකොට අරය ඇහුව මොකද නිකන් බය වෙලා වගේ කියලා.හතර විලිලැජ්ජාවේ බෑ.අම්මප කොල්ලෙක්ගෙන් අහනවද මෙහෙම.මාත් සද්දෙ හොදටම අඩු කරලා නෑ නිකන් කිව්වා.
ඇත්තෙන්ම කෙල්ලෙක් අවන්කවම කථා කරනව මං දැක්ක පළවෙනි පාර මේක.මට එයා හැමදේම වගේ කිව්වා.මචන්ලා එයාට ඇත්තටම ආදරේ කරන්න කෙනෙක් ඉන්නවලු.එයත් එක්ක තියෙන සම්භන්දෙට අම්මල කැමති නෑලු.ඒ හින්දලු මෙහෙම දෙයක් කරන්න හදලා තියෙන්නේ.මේක අහපුපාර මං උඩ විසි උනා.බැරිවෙලාවත් බැන්දට පස්සෙ කිව්වනම්.මං එවෙලෙ එයාට ගොඩාක් ස්තූති කලා.ඒ මට ඇත්ත කිව්වට.ඊට පස්සෙ එයා මට ඒ ගැන සේරම විස්තර කිව්වා.එයාගේ එක්කෙනාට හරියට රස්සාවක් නැති හින්දලු මේයාගේ දෙමව්පියො කැමති නැත්තේ.ඉතින් උඔල දන්නවනේ සුදු පූසා කියන්නේ කවුද කියලා.මාත් ඉතින් පොර වගේ කිව්වා මං පුළුවන් හැමදේම කරනවා ඔයාලව එකතු කරන්න කියලා.අපි තීරණේ දන්වන්නම් කියලා අපි ආවා.
ඔන්න ඉතින් ඒ මඟුළත් හබක් කියමුකෝ.දැන් අරූට රස්සාවක් හොයපන්කෝ.මං ඉතින් දන්න උන් සේරටම මේ ගැන කියලා උදව් ඉල්ලුවා.අරූගේ වාසනාවට එලකිරි වගේ ජොබක් සෙට් උනා.මං පොර උනා.ඊට පස්සෙ ගෙදර ෂේප් කරන්න කියලා මායි තව එකෙකුයි ගියා අරහේ.මුලදී එයාලගේ තාත්තා ගේමමයි ඉල්ලුවේ.පැය ගානක් ටොක් කරල වැඩේ ගොඩ දාගත්තා.පස්සෙ කෙල්ලව හම්බෙලා දැන් ඉතින් හරිනේ කියලා මං ආව.මට හුලං.
මට මෙන්න මේ දේයි කියන්න ඕනි උනේ.මොනව උනත් ඔය වගේ දෙයක් උනාම ඒක අනිත් එක්කෙනාට කියන්න.මොකද අපි මනුස්සයොනේ.අනික් කෙනා ඔයාව තේරුම් ගනනවා ශුවර් එකට.එහෙම නැතිව හිතේ හංගන් හිටියනම් හිතන්න අපි දෙන්නම අද අමාරුවේ.එයාට මං ලවු එයා මට උලව්.ඇත්තටම ආදරේ කරන අය වෙන්කරන්න බෑ.වෙන් කරත් හිතින්නම් සඳහටම ඉන්නවා.ඒක හින්දා වෙන කෙනෙකුට වැරැද්දක් කරන්න එපා.මං එලකිරි අක්කිලාගෙන් නංගිලාගෙන් ඉල්ලන්නේ දෙන්නෙක්ව අසරණ කරන්න එපා.මේ වගේ කෙලින්ම කියන්න.එකකොට ගොඩාක් දුරට හරි යනවා.එහෙනම් තනිකඩ පූස් තඩියා තාමත් ඔයාල එක්ක...........

Last edited:

kohomahari elakiri machen