මට හිතෙන්නේ ගොන් ප්රශ්නයක් අහන්නෙ. එක උත්තරයක් නෑනෙ ඕකට.
ඉස්සෙල්ලම දැක්කම පේන්න තියෙන්නෙ දැල්වෙන ඉටිපන්දම් 7ක්, දෙකක් නිව්වොත් කිව්වම දැල්වෙන ඉටිපන්දම් වලින් 2ක් නිව්වොත් කීයක් දැල්වෙමින් තියනවද කියන එක අදහස් වෙන්නේ. එතකොට උත්තරේ 5යි.
තව විධියක් තමයි ඉටිපන්දම් දෙක නිව්වට කිසිම ඉටි පන්දමක් අයින් කරන්නෙ නෑ. එතකොට උත්තරේ 7යි.
තව විදියකට හිතුවොත් දෙකක් නිවලා පහක් දැල්වෙන නිසා ඉතුරු වෙන්නේ දෙකයි. මොකද ඉතුරු පහ දැල්විලා ඉවර වෙනවා.
මේ වගේ දේවල් වලට මොළකරුවන්ට කියල පාවිච්චි කරලා හරි යන්නෑ. එක්කෝ විය හැකි සිදුවීම් ගැන අහන්න ඕනෙ.
මට වැඩක් නෑ ඉතින්, නිකන් උස්සන් ආවෙ මේකෙ උන්ට. උබලගෙ අදහස් කියහල්ලා බලන්ට.