කොල්ලා ඉස්සරහ ඉඳන් දුවන්නෙ මොකටද? අතදාල නවත්තන්න පුළුවන්නෙ.
අත දාන මල් ගන්න උබ නවත්තනවා ද ? නෑ
නෑ උගේ බිස්නස් මොඩල් එක. දුක මාකට් කිරීම එක්ක බැදුන එකක්
ඌ ඔය වගේ zig zag විදිහට තියන කන්දක වාහනේට පෙන්න තැන් 3-4ක් follow කරනවා සිරස් අතට කන්දේ දුවලා.
වාහනේ රවුමෙන් එනකොට 3-4 පාරක් ඔය කොල්ලා සෙට් වෙනවා
එක දෙක හිතට වදින්නේ නෑ. නමුත් 3 -4 දකිනකොට හිතෙනවා මූ මේක විකුනන්න විදින දුකක්. මල් බොකේ එකක් ගන්න බැරි කමක් අපට නෑ නේ කියල
ඇස් කදුලින් තෙත් වෙලා මිනිස්සු බොහෝවිට මල් ගන්නවා....
ඌ මල් සෙට් එක විකුනනවා. මිල 3000 පැනලා බොහෝ වෙලාවට. 5000 කිව්වොත් 4000 ට අඩුවට ඉල්ලුවට මලාට දෙන්නේ නෑ.මල් බොකේ එක්කම් බොහොවෙල්වට විකිනෙනවා.... බැරිම උනොත් මහන්සියටත් එක්ක ඕකෙන් රතුමල් එක ගානේ හරි ගන්න කියා ඉල්ලා සිටිනවා.
ඊලග වහනෙටත් ඌ දුවනවා....