මේ සත්‍යානුභාවයෙන් මහමෙව්නාව බොහෝ කල් බබ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මේ සත්‍යානුභාවයෙන් මහමෙව්නාව බොහෝ කල් බබ

    සමාවන්න...!!! වැරදීමකින් Joke Section එකේ Post වෙලා තියෙන්නේ... :( :( :( :( :(

    BlogBanner.jpg


    දයාබර යාලුවනේ..

    හරියට ම කියනව නම් මීට වසර 11 කට කලින් අද වගේ දවසක තමයි (අගෝස්තු 14) පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කෙරුණේ. එදා මෙදා තුර කාලයේ ඒ පැන් පොකුණෙන්, දහම් පවස සනසාගත්ත පිරිස ඉතා බොහෝ යි. කෙතරම් බාධා කම්කටොලු නින්දා අපහාස ගැරහුම් එල්ලවුනත්, ගොයුම් ගොත් මුනිඳුන් ගේ සසුන බබුලුවන පිරිසක් බිහිවේවා කියන පිවිතුරු චේතනාවෙන් ම ආරම්භ කළ මහමෙව්වෙන් සිදු වූ සේවය අනල්ප යි.

    ඒ සේවය යම් කෙනෙක් වසන්න කල්පනා කරනවා නම්, ඒක මහා හස්ථියෙක් පුංචි හබරල කොලේකින් වහන්න කරන උත්සාහය වගේ එකක්.

    පිවිතුරු චේතනාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මහමෙව්නාව නිසා බුදු සමිඳුන් කෙරෙහි ශ්‍රද්ධාවට පත් වුන විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    ශ්‍රී සද්ධර්මය ගැන ශ්‍රද්ධාව ඇතිකරගත්ත විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    ආර්ය සග රුවන ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගත්ත විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    සසර බිය හදුනාගත්ත විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියල අදහසට පත් වුන විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    ඒ ශ්‍රද්ධාව නිසා ගිහිගෙදරින් නික්මිලා උතුම් බඹසර සීලයට පත් වුනු ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    පින් රැස් කරගැනීමේ අරමුණින් ම දහම් ප්‍රචාරය කරන විශාල පිරිසක් බිහිවුනා. ඒක සත්‍යය යි!

    අවබෝධයෙන් අප්‍රමාණ පින්දහම් කර ගත්ත, අදටත් සිදු කරන විශාල පිරිසක් බිහිවුනා.ඒක සත්‍යය යි!

    ඇත්තටම කියනව නම් මාව උස් මහත් කරන්න ගොඩක් දුක් විඳපු මගෙ අම්මට ධර්මය මුණ ගැහුණා. ඒක සත්‍ය යි.!!

    මේ සත්‍ය මනුලොව කවුරු නො දන්නවා වුනත් දෙව්ලොව දෙවිවරු දන්නවා. ඒක සත්‍යය යි!!!

    මේ සියලු සත්‍යානුභාවයෙන්, අද දවසේ එකොළොස් වෙනි වසර සපුරණ ඒ උතුම් මහමෙව්නාව භාවනා අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් ‍මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා !!! සම්බුදු සසුන සුරැකෙත්වා..!!! සතුරු බාධා දුරු වෙත්වා..!! සතුරෝ පවා දහම් දකිත්වා..!!! සියල්ලෝ නිවී සැනසෙත්වා..!!!


    සාදු!! සාදු!! සාදු!!!
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Bohoma pin. Mama nitharama yana thanak. Mage hondama yaluwo dennek innawa. Ekkenek pawadi wela. Inne Matara, Aparakke. Anith kena Pawadi wela naha tawama. Eya inne Embilipitiye.
     
    • Like
    Reactions: nrjayasinghe

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇයි බං මේක ජෝක්ස් තීරුවෙ පළ කළේ.?:confused:
    හ්ම්, මහමෙව්නාවෙන් ලොකු සේවයක් වෙනව, බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා මහමෙව්නාව තව බොහෝ කාලයක් මෙලෙසින්ම පවතීවා..! :):)
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඇයි බං මේක ජෝක්ස් තීරුවෙ පළ කළේ.?:confused:
    හ්ම්, මහමෙව්නාවෙන් ලොකු සේවයක් වෙනව, බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා මහමෙව්නාව තව බොහෝ කාලයක් මෙලෙසින්ම පවතීවා..! :):)

    :yes::yes::yes::yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    Bohoma pin. Mama nitharama yana thanak. Mage hondama yaluwo dennek innawa. Ekkenek pawadi wela. Inne Matara, Aparakke. Anith kena Pawadi wela naha tawama. Eya inne Embilipitiye.

    Mageth Campus Eke Yaluwek Innawa, Eyath pewidi wela. Den inne ape gewal kittuwa (Mahamewunawa Buttala) eya thamai ethana barawa inna Sawamin wahanse. ethanata giyana wnna Hitenne ne