මේ සර්පයා මොකෙක්ද?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවට ආවේනික පුල්ලි දත් කැටියා රතු දත්ත සටහනේ LC කාණ්ඩය යටතේ ඉන්න සතෙක් අහිංසකයෙක්. කොස්සකින් වගේ දෙයකින් තල්ලු කරලා මිදුලට දාන්න මියන්, හූනන්, හිකනලුන් සහ බිත්තර තමයි ආහාරයට ගන්න කැමැති. ගොඩක් වෙලාව නිශාචර පැවතුම් තියන සතෙක් ඒත් සමහර වෙලා වලට දවල් කාලෙදිත් දකින්න පුළුවන්.

    බය වුනාම බොරුවට මැරුණ වගේ රගපානව සහ දගර ගැහිල ඔලුව හංග ගන්නවා. ගැරඩියටත් වඩා අහිංසක සතෙක් වන මෙයා පහර දෙන්න පෙලබෙනවා ඉතාමත් අඩුයි.

    මිනිස් ක්‍රියාකාරම් නිසා නිකරුනේ චප්ප වෙලා මැරිලා යනවා වගේම අහිංසක කම නිසාම කරවලුන්, නාගයින වැනි සර්පයින් අහාරයට ගන්නා සර්පයින්ට බොහෝවිට ගොදුරක් වෙනවා