මෙහෙමයි මචන්. එඩියුකේටඩ් ලේබරර් කෙනෙක් විදියට උඹට පුළුවන් කොහෙහරි හොඳ ලොකු තැනක ලොකු රස්සාවක් කරන්න. ඒ අයගේ ටී ෂර්ට්ස්, ඒ අයගෙ මග්ස්, ඒ අයගෙ ලෝගෝස් උඹේ ලෝගෝ එක කරගන්න. සති අන්තෙ ඒ අයගෙ පිරිස එක්ක, නැත්තන් උඹ වගේ තවත් අය එක්ක ලොකු හොටෙල් එකකට හරි, ඒ වගේ තැනකට ගිහිල්ලා හෙන සතුටු වුණා වගේ සෝෂල් මීඩියා වල පෙන්නල හොඳ උසස් ගුණාත්මක ජීවිතයක් ගත කරනවා කියල ලෝකෙට පෙන්නල ජීවත් වෙන්න.
හැබැයි මතක තියාගනින්, උඹට ලෙඩක් හැදිල අමාරු වුණොත් උඹේ ඒ මේන්ටේන් කරන සොසායටි එක එන්නෙ නෑ උඹට උදව් කරන්න. මොකද උන් හරියටම කියනව නං මාසෙන් කෙමිකල් ගහන කූඩුවෙ හදන කුකුල්ලු වගේ. පෙනුමට හෙන ලොකුයි බෝල වගේ. ඒත්, ඇතුලෙ ගුණාත්මක අදහස්, සහ-කම්පනය, මනුස්සකම් නැහැ. මෙහෙම කියන්නෙ නිකම්ම කටට එනවට නෙමෙයි මචන්. අත්දැකීමෙන් හොඳේ. මමත් ඔය ලොකුයි කියන ආචාර්‍යය පට්ටම් තියෙන අයත් එක්ක වැඩ කරල තියෙනවා. ඒ අයගෙ ඇතුලෙ ගුණාත්මකභාවය කියන කරුණ යටපත් වෙලා උඩට ඇවිල්ල තියෙන්නෙ - ප්‍රමාණය පිළිබඳ හැඟීම විතරයි.
හැබැයි මේ ජීවිතේ තමන් කවුද? ඇත්තටම සන්තුට්ඨිය කියන එක - කොටින්ම නිවන, ස්වර්ගය කියන්නෙ මොකක්ද කියල දැනෙන්න නම් පරිසරයට කන් දීල බලන්න ඕන බන්. සල්ලි ගොඩ ගහගෙන මම තමයි ලොක්ක කියන එකාට වඩා එතන තියෙන සැනසීම විඳල බලන්න ඕන. මොකද මැරෙන වෙලාවට කවුරුත් මැරෙනවා. ඒක රිවස් කරන්න බෑ. කුණු පෙරේතයො වගේ සල්ලි පස්සෙ දිව්ව කියල ලැබෙන්නෙ නැති සැනසීම තියෙන්නෙ ස්වාභාවික පරිසරය එක්ක එකතු වෙද්දියි. අනිත් එක ඒ මිනිස්සු හරිම ප්‍රායෝගීකයි. සුන්දරයි. ඒ වගේම, ඒ මිනිස්සු අලුත් අලුත් බ්ලූ කොලර් රිසර්චස් කරනවා. ඒක මනසට මාරම ලොකු ඩොපැමින් කික් එකක් ගේනවා මචන්.
අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල වෙන සර් කෙනෙක් ගෙ පුතාල ජීවත් වෙන්න නෙදර්ලන්තෙ. ඉතින් ඒ සර්ල ගිහින් ආව එහෙ. සර්ල දවස් කීපයක් ඉඳල තිබුනෙ එහෙ ෆාර්ම් හවුස් එකක. ඒකෙ අයිතිකාර ගැහැණු කෙනා අශ්වයා පිටේ යන්නෙ. ඒ මිනිස්සුන්ගෙ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම, බොඩි සයන්ස් එක, ආකල්පමය ගතිගුණ හරිම ප්‍රියමනාපයි මචන්. විල් වල තාරාවො පීනනවා. ශීත කාලෙට කන්න කෑම හදල ගබඩා කරගන්නවා. ඒව ගවයන්ට කන්න දෙනවා ඒ ඒ කාල වලදි. පෙට්ටගම් වල නිධාන පුරවල මැරෙද්දි හූල්ල හුල්ල මැරෙන ජාතියකට වඩා ස්වභාවධර්මය එක්ක බද්ධ වෙච්ච මිනිස්සු යහතින් නිවනෙ ජීවත් වෙනවා.
සත්තු එක්ක ගෙවන ජීවිතේ මට නං හරිම සැනසීමක්. ගොවියෙක් වෙනව නං, ඒක ඇඟෙන්ම එන්න ඕන මචන්. සමහර් මනුස්සයො ඉන්නවා ඒක විඳින. ගහ කොළක් එක්ක, නිර්ව්‍යාජ සත්තු එක්ක ගෙවන ජීවිතේ මේ ව්‍යාජ මිනිස්සු එක්ක ගෙවන පුහු ජීවිත වලට වඩා මාරම සුවදායකයි. විඳල බලපන් දැනෙයි උඹටත්
සල්ලි පස්සෙ විතරක් දුවන වෙලේ, මේ ලැබිච්ච ජීවිතේ සතුටින් විඳින්න උත්සාහයක් තියෙන මිනිස්සු හරිම සුන්දරයි මචන්