මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්ද-චම්පික රණවක
මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් එන්න කියයි........
ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන ආණ්ඩුවට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද සහභාගී විය හැකි බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
මෛත්‍රී පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව බවත්, ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත් ඔහු කියා සිටියේය.
චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී හෙළ උරුමයේ සහාය ජාතියේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්න අපි තීරණය කළා. එහෙම තීරණය කළේ සිරිසේන මහතා සහ ඕමල්පේ සෝභිත හිමියන් අතර ජාතික ප්‍රතිඥාවකට අත්සන් තැබීමෙන් පසුවයි.
ඔහු බලයට පත්වී දින සියයක් ඇතුළත කරුණු ගණනක් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වනවා.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධන කරන්න අපි එකඟ වෙලා ඉන්නවා.
මෙය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවෙයි. මෙය රටට ජාතියට අත්‍යවශ්‍ය දෙයක්.
මේ වැඩපිළිවල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙලක්. එයට දෙමළ ජාතික සන්ධාන නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්. අපේ මන්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන්නා.
පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ. හැබැයි එය එජාපයේ වැඩ පිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්.
බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා.
ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මන්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.
අපි අපේ රට ජයග්‍රහණය කරා ගෙන යනවා.

මටත් ආසයි බන් රාජපක්ශලාට බලය නැති වුනාම මොනවාද කරන්නේ බලන්න 