මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්&#3

monson

Well-known member
  • May 7, 2007
    25,699
    28,784
    113
    මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්&#3

    මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න - ඒකාබද්ධ විපක්ෂය

    මේ වන විට රට තුල මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන ප්‍රතිවාදීන් දුර්වල කර පහතට දැමීමේ සැළසුම්සහගත උපායමාර්ගික වැඩ පිළිවෙලක් දියත් කර තිබීම බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් පවසයි.

    ඒ යටතේ මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය වෙත ඉලක්ක කර දියත්කර තිබූ උපායමාර්ගික දේශපාලන ප්‍රහාරය මේ වන විට අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර දියත් කර ඇති බවත් මෙහි එකම ඉලක්කය ජනාධිපතිවරයා එළඹෙන 2020 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට පසුබිම නිර්මාණය කර ගැනීම බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    එම මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යෝජිත ශ්‍රීලනිප - ඒකාබද්ධ ආණ්ඩුව සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසීමේදී ය.

    මැතිවරණය පෙරසිට තිබූ සැලැස්මක්

    එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙතින් එල්ල කරමින් සිටින දේශපාලන ප්‍රහාරය මැතිවරණයට පෙර සිට සූදානම් කරගෙන සිටි බවට ඒකාබද්ධ විපක්ෂය වෙත විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම කඩිනම් කරන්නට තම පාර්ශවය කටයුතු කළේද ඒ මත බවය.

    අපිට කළින් අගමැතිට ගහන බව දැනසිටියා - ඒකාබද්ධ විපක්ෂය

    ඊට අනුව ඒකාබද්ධ විපක්ෂය වෙත දේශාපලන ප්‍රහාරයක් එල්ලවීමට පෙර ආණ්ඩුව පාර්ශවයේ සිටින සිය ප්‍රධාන ප්‍රතිවාදියා දේශපාලන වශයෙන් දුර්වල කිරීමක් පළමුව සිදුවනු ඇති බවට තම පාර්ශවය නිවැරදිව තක්සේරු කළ බවද ඔහු පැවසීය.

    ආණ්ඩුව නිල්ද ? අගමැති නිමල්ද ? නෙවෙයි ප්‍රශ්නය - 2020ට ඉන්නේ කවුද

    එසේම මෛත්‍රී පාර්ශවය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහය ඉල්ලා සිටියත් එම පාර්ශවයේ ඇත්ත අපේක්ෂාව වන්නේ රනිල් නොවන වෙනත් දුර්වල නායකයකු අග්‍රාමාත්‍යවරයා බවට පත්කරගෙන ආණ්ඩුවේ ඉදිරි වසර දෙක පවත්වාගෙන යාම බව තමන් පැහැදිළිව දන්නා බවත් කතානායක කරු ජයසූරියගේ නම ඒ සඳහා යෝජනා වුයේ ඒ අනුව බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

    එසේ නොවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙස තමන් මුල සිට සිදුකල දැනුම්දීමට ප්‍රතිචාර දක්වන්නට මෙතෙක් කාලයක් ගතවිය නොහැකි බවත් ඒ අනුව ජනාධිපතිවරයාට ඇති ප්‍රශ්නය වන්නේ අගමැති නිමල්ද නැතිනම් වෙනත් අයෙකුද යන්න නොව 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් නියෝජනය කරන පාර්ශවය තුළ සිටින ප්‍රබල ප්‍රතිවාදීන් එකිනෙකා ඉවත් කරන්නේ කෙසේද යන්න බවද ඔහු සඳහන් කරයි.

    මෛත්‍රී ගැන විශ්වාසයක් නෑ- ඒකාබද්ධ විපක්ෂය

    තවද ශ්‍රීලනිපය සහ එජාප මහලේකම්වරුන් අතර අත්සන් කර ඇති ගිවිසුම පවා අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකර සිටින්නේ ඒ හේතුව මත බවත් ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් ගැන වන අපේක්ෂාව ඈතට ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි. එසේම තම පක්ෂය කිසිවිටෙකත් මෛත්‍රී ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නොතබන බවත් එය තම පාර්ශවයට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා ඇති බවද ඔහු පැවසීය.

    - https://newstube.lk/news/1024-my-game
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,784
    113
    Hopper Drama II – The Inside Story: Ranil-Maithri Rift Rooted In Presidential Ambitions

    The estrangement between President Maithripala Sirisena and Prime Minister Ranil Wickremsinghe has its roots in the former’s desire to remain as President until 2025 and not the ‘crisis’ produced by the results of the local government elections where the parties led by both men suffered heavily.

    - https://www.colombotelegraph.com/in...aithri-rift-rooted-in-presidential-ambitions/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,784
    113
    තජුඩීන් ඝාතනය : 'පරීක්ෂණ නවත්වන්න එපා' - ජනපතිගෙන් නියෝගයක්

    17 February 2018

    රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපතිවරයාගේ නියමය මත ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු දැනුම්දුන් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

    ජනාධිපතිවරයා රාජපක්ෂවරුන් සමග අලුත් ආණ්ඩුවක් සැදීමට යන බැවින් රාජපක්ෂවරුන්ට එරෙහි වංචා දුෂණ හා මිනීමැරුම් සම්බන්ධ පොලිස් විමර්ශන තාවකාලිකව නවතා ඇතැයි යන රාවය සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමේදී එම පොලිස් නිලධාරියා එබව සඳහන් කළේය.

    යෝෂිත රාජපක්ෂ මහතා සැකකරුවකු ලෙස සැලකෙන රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු නව අදියරකින් ආරම්භකර ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

    - https://newstube.lk/news/1015-thajudeen-muder
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    කවුද ඔය ප්‍රබල මන්‍ත්‍රීවරයා.....
    කවුරුවත් නොකිව්ව දෙයක් දානවා ගොන් බූරු ජඩමාධ්‍ය නෙට් ලොල්ලලා සෙට් එක.....
    දැං මයිත්‍රීට ඒකබද්ධයො ටික සෙට් වෙලා නිසා නපුංසක බල්ලො රැළ බය වෙලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    එම මන්ත්‍රීවරයා කවුද කියලා නොකිව්වට. ඩබලගෙ වලිය ඉස්සර නම් ගියේ පෞද්ගලික සාකඡ්ඡාවල ඊට පස්සෙ කැබිනට් එකට ආවා දැන් නම් එලිපිටම යනවා. රනිල් මෛත්‍රීට ගහන්නත්, මෛත්‍රී රනිල්ට ගහන්නත්, දෙන්නටම දේශපාලනික වශයෙන් සාධාරණ හේතු තියෙනවා. ඔන්න ඔහේ මරා ගත්තුවාදෙන්. දක්ෂයා දිනයි. අපි වෙන දෙයක් බලන් ඉමු.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මෙහෙම දෙයක් කතා කරපු එක ඇත්ත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එත් මේ කියල තියන දේ නම් මටත් කලින් හිතිලා තියනවා

    මයිත්‍රී ට ආයිත් ජනපතිවරණයට ඉල්ලන්න නම් මුලින්ම එජාපය වට්ටලා ඉන්න ඕනේ . වැටිලා ඉන්නේ එජාපය එක්ක සාකච්චා කරලා ජනපතිවරණයට චන්ද ගන්න පුළුවන් තමන්ට විතරයි කියල පෙන්නලා විතරයි මෛත්‍රීට ආයිත් එන්න පුළුවන් වෙන්නේ.

    එත් දැන් ගහන විදිහට නම් UNP කාරයෝ ගෙදර හිටියත් මයිත්රීට නම් චන්දෙ දෙන්නේ නැහැ.
    එයාගේ හිතේ තියනවා නම් 2020 ඉල්ලන්න එයා උඩින්ම පරාදවෙනව.
     
    Mahinda ta 2020 campaign karanna deyak naha. :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපතිවරයාගේ නියමය මත ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු දැනුම්දුන් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

    ජනාධිපතිවරයා රාජපක්ෂවරුන් සමග අලුත් ආණ්ඩුවක් සැදීමට යන බැවින් රාජපක්ෂවරුන්ට එරෙහි වංචා දුෂණ හා මිනීමැරුම් සම්බන්ධ පොලිස් විමර්ශන තාවකාලිකව නවතා ඇතැයි යන රාවය සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමේදී එම පොලිස් නිලධාරියා එබව සඳහන් කළේය.

    යෝෂිත රාජපක්ෂ මහතා සැකකරුවකු ලෙස සැලකෙන රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු නව අදියරකින් ආරම්භකර ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

    - https://newstube.lk/news/1015-thajudeen-muder

    :lol::lol::lol:
    Maru news bn. Source eka news tube, kiyala thiyenne jeshta police niladariyek, namak naa, official position eka dala naa. Maru athal ube news :yes::yes:
    :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kalin idanma kiyala thibbane media walin, chande iwara wenakan witharai kiyala Hutangei Ponilgei wali okkoma. Hariyata harine eka dan. Un denna set wela hoda guliyak dunne minissunta :yes::D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,784
    113
    :lol::lol::lol:
    Maru news bn. Source eka news tube, kiyala thiyenne jeshta police niladariyek, namak naa, official position eka dala naa. Maru athal ube news :yes::yes:
    :lol:

    AFP, Reuters unath ona tharam news daane mehema dala.

    U.S. administration officials “spoke on condition of anonymity because they were not authorized to speak publicly.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    උඹ ඕවා දාලා රටේ සංවර්ධන වැඩ කටයුතු එහෙම අඩපණ කොරගන්නවා නෙයෙි මෝන්සූන් කොල්ලෝ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් පවසයි.
    ...එම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
    එම මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ....

    ...පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

    අයෙක්, ඇතැමෙක්, සමහරු,.... කිව්වට මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි. නම ගම දාල පිලිගන්න පුලුවන් විදිහට ලියපන් මීට පස්සෙවත්.:D:P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    AFP, Reuters unath ona tharam news daane mehema dala.
    :lol::lol::lol:
    Ane bn, AF kiyanne loke thiyena hodama news agency ekak, un dana news wala responsibility eka gannawa & apita ewaye authenticity check karanna puluwan unwa official widiyata contact karala. :yes::yes: