මෙහෙම කියපු එක ගොන් ආතල් එකක් වෙනව නේ?
ඔවු ඒක ගොන් ආතල් එකක් තමයි. මොකද බයියෝ ඉන්නවා දකින threads වල උන්ව අවුස්සනවා දකින එක තරං සතුටක් තවත් නැති නිසා..
දැන් ඉතිං බයියා කියල බැනපල්ල, එතකොට මං දන්නවනේ මේක ටයිප් කරේ අපරාදේ කියල
මම මේකේ දේශපාලනේ යි, කලින් "ආර්ථික ව්‍යාපෘති" ගැඹුරින් කතා කරන්න යන්නේ නෑ හේතුව දන්නේ නැති නිසා. ඒක ඕන තරං කියලා තියනවා මං මේකෙම threads වල. මගේ විෂය ක්ශේත්‍රයට අදාල නැති නිසා මං ඕවා වැඩිය හොයන්න යන්නේ නෑ. ඕන වුනොත් කවුරුහරි කියපු දෙයක් අතෑරලා දානවා මිසක්.

බයියා කියල බනින එවුන් වෙනම ඉන්නවා. උන්ට මොනා කිවුවත් බනිනවා.
හොඳයි. නියමයි. මෙතන අනුන් කියපුව අහගෙන ඉන්න මම නොදන්නා ඒවා ගොඩක් තියන නිසා මට පුළුවන් ඒවා උඹෙන් ම අහන්න.
මම උඹව බයියෙක් විදිහට සැලකුවේ නෑ.
1. ලාබයක් තියෙනව කියල පිළිගත්ත එක ගැන සතුටුයි, දැන් ඔන්න කෑ ගහන්න බෑ "මහින්ද චීනට රට වික්ක, මහින්ද චීනෙට පුක දුන්නා" කියල, හොඳද? රටට ලාබයක් වෙන ව්‍යාපෘති දියුණුවෙමින් පවතින රටකට අත්‍යාවශ්‍යයි. දැන් රටට හම්බෙලා තිබිච්ච ගොඩක් ආයෝජන නැති කරගෙන ඉවරයි. පාර්ලිමේන්තුවේම බොරුවට කිව්වා "ශ්‍රී ලංකා මහා බැංකුව අමූලික බොරුකාරයෙක්, කිව්වට වඩා ණය ගොඩක් අරගෙන, මුලාවක් කරලා තියෙන්නේ" කියලා. පාටලී පොත් හිටං ලිව්ව ( දැන් නම් ඒ පොත් ගැන කතාවක් වත් නෑ!

) ඒවා ඇහුණාම විදේශ ආයෝජන එයිද ලංකාවට? ලංකාවේ ප්‍රතිරූපේ පාර්ලිමේන්තුවේදීම කෑවා නේද? අන්තිමේ කෑ ගැහුවේ බොරුවට කියල පේනවා රටටම, යහපාලන ආණ්ඩුවේ මහබැංකු අධිපති ගැන විමර්ශන කරන්න කමිටු, අජිත් නිවාඩ් කබ්රාල් ගැන "මීක්" සද්දයක් වත් නෑ! අයියෝ සල්ලි! යූ ඇන් පී එක ආවම විදේශ ආයෝජන ගලාගෙන එනවා කිව්ව, කෝ ආවද? නෑ නේද? කෝ වෙවී තිබ්බ සංවර්ධනේ ඉස්සරහට අරගෙන යනව?
රට සංවර්ධනයට සංවර්ධන ව්‍යාපෘති ඕන තමා. එකේ සැකයක් නෑ. මං කිවුවේ නෑ නෑ කියලා.
මොනවද නැති කර ගත්ත ආයෝජන?
පාර්ලිමේන්තුවට බොරු කිවුවා නං ඒවා නිත්යනුකුලවම ඔප්පු වෙයි නේ.
රනිල් ලංකාවේ ප්‍රතිරූපය පාර්ලිමේන්තුවේදීම කෑ වා නං ඒ කාපු හැටි ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ලංකාව ගැන යහපත් ආකල්පයක් නැති ජාත්‍යන්තරයක්, මහින්ද ගෙදර ගියා කියලා මාස 3-4 කින් ලංකාව සංවර්ධනය කරන්න ව්‍යපෘති පටන් ගන්නේ නෑ නේ? ව්‍යපෘති, ආයෝජන පටන් ගන්න නම් එහෙම කරන්න ලාබයක් ගන්න පුලුවන් පරිසරයක් තියනවද කියලා බලන්න අදාළ සමාගම් මුලින් හොයලා බලන්න එපැයි. නිකන් පාඩු විඳින්න ආයෝජන කරන්නේ නෑ නේ නේ? ඒ නිසා රනිල් කයිවාරු ගහපුවා වෙනවද කියලා ඉස්සරහට පෙනෙයි.
අනික මහින්ද හිටපු අවුරුදු 10 සිද්ද වෙච්ච ලොකු ආයෝජන මොනාද? මං අහන්නේ වෙන මොනාද මේවගේ තියෙන්නේ රටට ආදායමක් ලැබෙන?
ඒ වගේම ඔයා කියනවා රටේ සංවර්ධනේ ඉදිරියට අරන් යන්නේ නෑ කියලා. මං දැනගන්න අහන්නේ, මහින්ද රටේ සංවර්ධන ව්‍යපෘති කරගෙන ගියේ අර ඔයා කියපු ආයෝජන වලින් රටට ලැබෙන අදායම් වලින් විතරද? නැත්තම් ණය වලින් ද?
සමහර විට උඹට පුළුවන් වෙයි ලංකාව මෙච්චර ලොකු ආයෝජන කරද්දී, මෙච්චර සංවර්ධනය සිද්ද වෙද්දී, ලංකාවේ ඒක මිනිහෙක් අසන්න වශයෙන් රුපියල් ලක්ෂ පහක් ජාත්‍යන්තරයට ණය වුනේ කොහොමද කියලත් පැහැදිලි කරන්න? ආ. . ඔවු මම දැක්කේ නෑ වාර්තා හැබැයි පහුගිය කාලේ බොහෝ වාර ගානක් ඇහුන නේ!
මම මේක බලලා, තවත් කරුණු කීපයක් එක්ක ඔය පොර්ට් සිටි වැඩේට අකමැති කිවුවේ.
සමහර විට
උඹට පුළුවන් වෙයි "පොර්ට් සිටි" එක ගැන මේකේ කියන කරුණු ඔක්කොම බොරු කියලා පැහැදිලි කරන්න.
දැන් උඹ කියයි මෙකෙන්ද ඕක අල්ල ගත්තේ කියලා? උඹ වගේ මෝඩයෙක් කියලා. ඔවු මේකෙන් තමයි. මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා research එකක් කරන්න තරම් උවමනාවක් නොතිබ්බ නිසා මම මේක පිළිගත්තා.
ණය අරගෙන කර්මාන්ත ඇති කරලා රටට ආදායමක් එන වැඩේට මම කැමති. හැබැයි රටේ කෘෂි කාර්මික, කාර්මික හා වෙනත් අංශ වලින් කර්මාන්ත ඇති කරලා රටට ආදායම් ගෙනෙන්නේ නැතිව, පාරවල් බිල්ඩින් ගහන්න ණය අරගෙන, ඒ ණය පියවන්න, කැසිනෝ දාලා, ගණිකාවෝ දාලා, එතනෝල් වපුරලා, කුඩු වපුරලා, මත් පෙති වපුරලා, ඒවාට ලොල් මිනිස්සු ලංකාවට වද්දගෙන, ඒවායින් නං රට සංවර්ධනය කරන්න ගියේ, එකට මම කොහොමත් කැමති නෑ!
සමහර විට උඹේ පැහැදිලි කිරීම වලින් මගේ මෝඩ අදහස් වෙනස් වෙන්නත් පුළුවන්.. බලමු... උඹ මොනාද කියන්නේ කියලා.
2. කුලියට දීමයි බද්දට දීමයි අතර වෙනස හොයල බලන්න.
හරි මම බලන්නම්.
3. ඔව් ලාබ නිසා කැමතියි නේන්නං? අකමැති වෙන්න හේතුවක් කියන්න බලන්න? එක හේතුවයි තියෙන්නෙ, ඉන්දියාවේ විරෝධය. ආසියාවේ චීනය රටවල් එක්ක ආර්ථික සම්බන්ධතා ඇතිකර ගන්නවට ඉන්දියාව විරුද්ධයි. ඒකනේ දැන් චිනේ අත ඇරලා සීපා අත්සන් කරන්න යන්නෙ ඉන්දියාවත් එක්ක. ඒත් වැඩේ කියන්නේ චිනේත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම් ගොඩකින් රටවල් දෙකටම සමානව හෝ ලංකාවට වැඩියෙන් වාසි ලැබුණා, ඉන්දියාව බලන්නේ ගිවිසුම් වලින් ලංකාව හූරගෙන කන්න. උන් උන්ගේ වාසිය විතරයි බලන්නේ. සීපා, සේතු සමුද්‍රම් ගැන හොයල බලන්න. කොටින්ට ආයුධ දුන්නේ ඉන්දියාවද චීනෙද? උඩින් පරිප්පු දැම්මේ චීනෙද? UNHRC එකේ ලංකාව වෙනුවෙන් චන්දේ දුන්නේ චිනෙද ඉන්දියාවද? ලංකාවට විරුද්ධව නේ ඉන්දියාවත් චන්දේ දුන්නෙ? ඒ අසල්වැසිය හොඳයි බල්ලට
4. වාසියක් තියෙනව ඉන්දියාවට. ඒකනේ මහින්ද ගෙදර යවාගත්තේ.
සාධාරණ හේතුවක් නැතිව "ආසියාවේ චීනය රටවල් එක්ක ආර්ථික සම්බන්ධතා ඇතිකර ගන්නවට" ඉන්දියාව විරුද්ධ වෙනවා?

ඉන්දියාව, චිනේ වගේම ලෝකේ බලවත් රටක් විදිහට සැලකෙන්නේ. නැද්ද?
ලංකාව ලෝකේ සලකන රටක් ද ? මොනාහරි ප්‍රශ්නයක් ඇති වුනොත්?
අපි, අපිට ලඟින්ම ඉන්න බලවත් රට තරහ කරගෙන, තවත් බලවත් රටක් හිතවත් කර ගන්න එක, අපේ රටේ අනාගතයට හොඳ දෙයක් ද? ද නැත්තම් වඩාත් හොඳ රටවල් දෙකම ශේප් කරගෙන ඉන්න ඒකද? (දැන් මම කිවුවේ උන්ට මාළු අල්ලන්න දෙන එක හරි කියලා නෙවේ.)
ඇත්ත. ඉන්දියාව ලංකාව ගණන් ගත්තේ නෑ තමයි. ඇයි ඉතින් මහින්දත් ඉන්දියාව එක්ක වැඩි සම්බන්ධ කමක් නැතිව ඉන්දියාව තරහක් තියන චීනය හිතවත් කර ගත්තා නේ.
ලංකාවට බොහොමයක් අපනයන කරන රටක් ඉන්දියාව කියන්නේ. බෙහෙත් එහෙමත් ගෙන්නන්නේ ඉන්දියාවෙන් නේද? ආහාර, වාහන, බෙහෙත්, ... etc ඉන්දියාවෙන් ගෙනෙන්නේ. මන් දැක්කා වර්තාවක ඇමරිකාව ගාවට ලංකාවේ අපනයන වැඩිම යන්නේ ඉන්දියාවට කියලා. එතකොට උඹ කියන්නේ එහෙවු ඉන්දියාව ශේප් කරගෙන තියාගන්නේ නැතිව උන් එක්ක ඇරගන්න ගිහින් ලංකාවට ඇති වාසිය මොකද්ද? දැන් උඹ ම කිවුවනේ කොටින්ට ආයුධ දුන්නේ ඉන්දියාව කියලා. ඉතින් එකෙන්ම පේනවා නේ. ඉන්දියාවට ඕනේ නං ලංකාවේ නැවත යුද්ධයක් ඇති කරන්න බැරි කමකුත් නෑ කියලා මම හිතන්නේ. උන්ව ශේප් කරගන්නේ නැතිව උන්ව තරහ කර ගැනීමෙන් වාසියක් උඹට පේනවා නං කියපන්.
එහෙම කියලා ඉන්දියාව ගහන ගහන පදේට ලංකාව නටන්න වුවමනා නෑ. ඒක වෙනම කතාවක්.
5. අවුරුදු 100 තුළ වෙන්න පුළුවන් දේවල් මොනවද? කියන්න බලන්න? සීපා ගිවිසුමෙන්, අවුරුදු තුනක් ලංකාවේ මුහුදු සීමාවට එන්න "ලයිසන්" එකක් ම දීපු එකෙන් වෙන අවාසි කියන්න පුළුවන් සෑහෙන ගානක්. අවුරුදු 100 ක් ඔතෙන්ට වෙලා කරන්නේ ව්‍යාපාරික වැඩ. ඒකෙන් ලංකාවට මොනවද වෙන අවාසි ? රැකියා අවස්ථා, විදේශ ආයෝජන, සංචාරක ආකර්ෂණය වැඩි වෙන එක ඇරෙන්න?
අවාසි කියන පුළුවන් ඕන තරම්. නමුත් කිසියම් සීමාවකට යටත් ව නේ ඒවා කරන්න ඇත්තේ. අනික ඉන්දියාවේ ධීවරයෝ පහුගිය කාලේ ලංකාව දැනුවත් ව වුනත් ඔය උඩ කොටසේ මුහුදේ මාළු ඇල්ලුවා කියලා උඹට අහන්න ලැබෙන්න ඇති. ලංකාවේ ධීවරයෝ ම ඒවා කිවුව මට මතකයි. නමුත් ශ්‍රී ලංකා - ඉන්දීයා අතර හිතවත් කම වැඩි වෙන තරමට "
සමහර විට" උඹ ඉදිරිපත් කරන සමහර අවාසි නැති වෙන පුළුවන් නේද? කොහොම වුනත් මම ඕකට කැමති නෑ.
එතකොට ඇමරිකන් ඩොලර් මිලියන එක්දාස් ගානක් වියදම් කරලා(ණයට කියලා නේ කියන්නේ) කරන ඔය ආයෝජනයෙන් රැකියා අවස්ථා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා? සාමාන්‍ය අපනයන කර්මාන්තයක් ඇති කරලා රැකියා නැති දහස් ගණනක් මිනිස්සුන්ට රැකියා ලැබෙනවට වඩා රැකියා සංක්‍යාවක් ඔය පොර්ට් සිටි ආයෝජනයෙන් ලංකාවට ලැබෙනවා? ඇත්තටම?

ඔය පොර්ට් සිටි එකට විශාල ආයෝජන, වැඩි සංචාරක ආකර්ශනයක්? පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔය ඔක්කොම කොහොමද සිද්ද වෙන්නේ කියලා? කෙටියෙන් හරි?
මහින්ද ගහපු ගිවිසුමේ අවාසි කියන්නෙත් නෑ, මයිත්‍රී ගෙ ගිවිසුමේ වාසි දන්නෙත් නෑ. වාසි දන්නේ නැත්තෙ මොකද, ගිවිසුම ගැහුවේ උඹ නෙවෙයි ලු. එහෙනං මහින්ද රටේ කෑලි චීනට දුන්න කියන්න පෝට් සිටි ගිවිසුම ගැහුවේ උඹ ද?

හැබැයි මහින්දගේ ගිවිසුමෙන් රටට ලාබයි කියල පිළි ගත්ත. ඒ හින්ද ඒ දෙකම එකට දාල,
ඇත්ත මම කිසි දෙයක් දන්නේ නෑ. ඒ නිසා උඹට පුළුවන් මුළු එලකිරියටම පේන්න ඔය උඩින් මන් අහපු ඒවාට උත්තරයක් දෙන්න.

එකෙන් මමත් නොදන්නා ඒවා දැන ගන්න අතරේ, වැරදි වැටහීමක් තියන එළකිරියේ තවත් අය ඉන්නවා නං "මම ඇරෙන්න

" උන්ට සැහෙන්න යමක් දැන ගන්න පුළුවන් වෙයි!
අනික මට රනිල්ගෙන් වත් මහින්ද ගෙන් වත් පලයක් නෑ. රටට වැඩක් වෙන පිළිවෙලකට විතරයි මම කැමති. එච්චරයි.