හැබැයි ඒ කිසිවෙකු/කුගෙන්
මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...
රට රටේ සම්පත් විකිණූ බවක්...
බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...
ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...
රට සංවර්ධනය නොකල බවක්... පවසන්නේ/අසන්නට ලැබුනේ නැත...
මහින්ද යුද්දය වෙලාවේ සෘජුව හිටපු එක මං අගය කරනවා. පිටරට පාර්ශවයකට පාවා නුදුන්නා වෙන්න පුළුවන්. ඒත් යුද්දේ ඉවරකරපු සරත් ෆොන්සේකාව සිරගත කිරීම එක්තරා ආකාරයක පාවාදීමක් තමයි හැබැයි.මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්
හම්බන්තොට වාරයේ කොටසක්, කොළඹ පොර්ට් සිටියේ කොටසක්, ගාලුමුවදොරේ කොටසක් චිනාට දීම සම්පත් විකිණීමක් නෙවෙයිද?රට රටේ සම්පත් විකිණූ බවක්...
නමුත් මහින්ද ජාතිවාදයට වක්‍රාකාරව උඩගෙඩි දුන්නා. බෙදුම් වාදය බිහිවීමට එක් හේතුවක් තමයි ජාතිවාදය කියන්නේ මට හිතෙන හැටියටබෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...
අපේ රටේ තියෙන්නේ ජාතික ආර්ථිකයක් කියලා කියන්නේ කොහොමද. බහු ජාතික සමාගම් වල නිශ්පාදන හෝ ආනයනය කරපු භාණ්ඩ හා නිෂ්පාදන තමයි වෙළඳපලේ බහුතරයක් තියෙන්නේ. ගොඩක් වෙලාවට දේශීය ව්‍යවසායකයා ආණ්ඩුවේ හෙන්චයියෙක් නෙමෙයිනම් වෙන්නේ පාඩු ලබන්න. අපේ රටේ අපනයනය පැත්තෙන් මොනවද වෙලා තියෙන සංවර්ධනය?ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...
ග්‍රාමීය වශයෙන් මහාමාර්ග දියුණු කිරීම සහ ප්‍රධාන මාර්ග දියුණු කිරීම, කොළඹ වරාය සංවර්ධනය මහින්ද කරපු හොඳ වැඩ. ඒත් මත්තල ගුවන් තොටුපල වැනි සැලසුම් සහගත නොවන සුදු අලි රටේ ජනතාවට බරක්. ඒ වගේම එදා මෙදා නොවිච්ච ආකාරෙට කොමිස් ගහලා ගාන අඩුවට සහ කොලිටිය අඩුවට කරන සංවර්ධන ක්‍රම රටට පාඩුවක්. චිණයට ගෙවන්න වෙන ණය පොලි එක්ක බැලුවම සමහර සංවර්ධන ක්‍රම දැන්ම නොකරානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?රට සංවර්ධනය නොකල බවක්
මහින්දගේ හොඳ තියනවා මචන්. ඒත් 2010 පස්සේ මහින්ද යන්නේ නරක පැත්තට. ඒ නිසා මේ පාර වෙනසක් කල යුතු වෙනවා. මහින්දට සමහරවිට වැරදි හදාගෙන අනාගතයේ යම් දවසක ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාව සහය දෙයි. හැබැයි මේ පාර මහින්දව ගෙදර යවන්න වෙනවා.
Last edited:








