මෛත්‍රී ජනාධිපති වෙලා විධායක බලතල අගමැති
මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 38/1 බලතල අනුව පැය 24 ක් ඇතුළත විධායක බලතල අගමැතිවරයා වෙත පවරා ගැනීමටත් 17 වැනි ව්‍යවස්ථාව බලාත්මක කිරීමටත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් සහ දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් එක්සත් ජාතික පක්ෂය සහයෝගය දක්වන බවත් මෙම මාධ්‍ය හමුවේදී තිස්ස අත්තනායක මහතා පැවැසීය.
හරි. දැන් මෙතැන වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ කිය කියා විධායක අගමැති කෙනෙක් පත්කරගන්න එක නේද? ඒක නිකං හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් නේද? භායනක දේ "විධායක බලතල" නම්, ඇයි ඒ බලතල රනිල්ට දෙන්නේ? අනික රනිල් මෙතැන කරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවාගන්නවා වගේ වැඩක් නෙවෙයිද? මිනිස්සු චන්දය දෙන්නේ මෛත්‍රීට , ඒත් මුල්පුටුවේ ඉඳගන්නේ රනිල්?? එතකොට ජනතාවට ඕනෑ කෙනා නොවෙයි මුල් පුටුවේ ඉන්නේ? අන්තිමට "විධායක" ජනාධිපති කෙනෙක් නැතුව "විධායක" අගමැති කෙනෙක් ඉඳියි

Last edited: