කෙනෙක්ට හෝ පක්ෂයකට චන්දෙ දෙන්න, ඌ දේශපාලන විද්‍යාව ඉගෙනගෙන තියෙන්න ඕනේ නෑ.. පොලවේ පය ගහල හිටියනම් එච්චරයි.. මිනිහෙක්ට චන්ද අයිතිය හම්බෙන්නේ මොන්ටිසොරියේදී නෙමෙයි, අවුරුදු 18 දී.. ඒක මේ ලෝකෙම පිළිගත්ත සම්මතයක්, මොකද අවුරුදු 18 වෙද්දී මිනිහෙක් තමන්ගේ වටපිටාව ගැන දැනුවත්..තමන්ට තනියෙන් තීරණයක් ගන්න පුළුවන් කමක් තියෙනවා කියල මුළු ලෝකෙම පිලිගන්නවා..
ඒත් ඔයා කියන්නේ අපේ රටේ ඉන්න අවුරුදු 18 එකෙක්, 5 වසරේ ශිෂ්‍යත්වෙට වාඩි කරවන්න ඕනේ කියලද? අපේ රටේ උන් එච්චරටම මන්දබුද්ධිකයි ද?
දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්.. අපි දේශපාලනයට බැස්සත් අපිටත් වෙන්නේ ඒ මඩේ ලගින්න.. නමුත් චන්ද අයිතියට අනුව අපි කාට හරි චන්දෙ දෙන්න ඕනේ.. නැත්නම් ඒ චන්ද අයිතිය ළමයෙක්ට දෙන්න ඕනේ...
අවුරුදු 18 ක් උන කෙනෙක් දන්නේ නෑ කියමු.. ඒත් අවුරුදු 25ක් උන මිනිහෙක් දන්නවා මේ රටේ 2002 දී මොකද උනේ කියල.. 2002-2004 කාලේදී රටේ අගමැතිතුමා, එදත් රනිල්ම තමයි, ජනාධිපතිනියටත් නොදන්වා සාම ගිවිසුම් ගහලා, මේ රටේ හමුදාවේ ගෞරවය බින්දුවට දාල, මිලේනියම් සිටි හිටපු බුද්ධි අංශය පාවලා දීල, බුද්ධි අංශ නිලධාරීන් 127 දෙනෙක්ව මරන්න, කොටින්ට නම් ලිස්ට් එක යවපු විදිහ.. හමුදා කෑම්ප් එක ඉස්සරහට කොටි ඇවිත් සරම උස්සල පෙන්නද්දී, තුවක්කුවට වෙඩි උණ්ඩ දෙන්න නිවට උන ආණ්ඩුවක් රට විනාස කරපු හැටි..
2005 දී මහින්ද ආවට පස්සේ ඒ හමුදාවේ වැටිලා තුබුන මොරාල් එක නග්ගල, "අපි වෙනුවෙන් අපි" කියල වැඩසටහනක් හදල ( ඒක හැදුවේ දෙරණ TV එකේ ලොක්කා... අද FCID එකට එයාව ගෙන්නන්නේ අන්න ඒ නිසා) දිනන්න බැරිය කියපු යුද්ධයක් අවුරුදු 4 කට අඩු කාලයකින් ඉවර කරලා, ඊට පස්සේ ඊලග අවුරුදු 5 ඇතුලේ මේ රටේ හිතාගන්න බැරි සංවර්ධනයක් කරාට පස්සේ, අපේ රටේ පය ගහල හිටපු මිනිහෙක්ට අමුතුවෙන් උගන්වන්න ඕනෙද තමන්ගේ චන්දය දෙන්න ඕනේ, හමුදාව පාවලා දුන්න කොටි රැලට හේත්තු උන, ගුණමකු පොන්_ My3 ට ද, නැත්නම් මේ රටේ ස්වයිරීත්වයට වචනයකින් හරි හානියක් නොකරපු, මේ රටේ අවුරුදු 30 ක් යුද්ද්යය ඉවරයක් කරපු මිනිහටද කියල? අපේ රටේ ඉන්නේ එච්චරටම මන්දබුද්ධිකයෝ කියලද කියන්නේ?