මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cartoon-04.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටී.එන්.එල්. විකාශනාගාරයට සීල්


    ටෙලිශාන් නෙට්වර්ක් පුද්ගලික සමාගම හෙවත් ටී.එන්.එල්. රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය 5දා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා එම ආයතනයට අයත් විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
    අධිකරණය මගින් ලබා ගත් අවසරයක් මත එම යන්ත්‍ර අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
    ‍පොල්ගහවෙල සිට සිදුකරන විකාශන කටයුතු සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් වාර්ෂිකව ලබා ගත යුතු බලපත්‍රය මේ වන තෙක් ලබා ගෙන නොමැති නිසාත් එවැනි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිත කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද විදුලි සංදේශ නියාමන කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
    මේ හේතුවෙන් ටී.එන්.එල්. රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත් ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ලක්බිම කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් 4දා අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ‍පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ‍පොලීසිය ‍පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන කටයුතු කිරීම සඳහා මෙම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.
    මේ වන විට ටී.එන්.එල්. රූපවාහිනියේ සබරගමුව, වයඹ හා බස්නාහිර ප්‍රදේශවල විකාශන කටයුතු ඇන හිට තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Accident.jpg


    Accident1.jpg


    Accident2.jpg


    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර (අවු:25) රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

    අද (06) අළුයම 12.50 ට පමණ හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කොට්ටපිටිය මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇත.

    අනතුරින් කැබ් රථයේ ගමන් කරමින් සිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් යන අයද සුළු තුවාල ලබා ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.



    අනතුර සිදුවන විට කැබ් රථය පදවා ඇත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ පුතා විසින් බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

    අතුරු මර්ගයක සිට අධික වේගයෙන් පැමිණ ඇති කැබ් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැදීමෙන් අනතුර සිදුවී ඇත.අනතුරින් නිවස තුළ සිටි කිසිවෙකුට හානියක් සිදුවී නැත. නමුත් නිවසට බරපතල හානි සිදුවී ඇත.



    අනතුරට පත්ව ඇති කැබ් රථය නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් එකක් බව අනාවරණය වී ඇත.

    ආරච්චිකට්ටුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපරාදෙ කාලකන්නි ටික මැරුනෙ නෑනෙ :angry::angry::angry:

    උඹ බැලුවද වීඩියෝ එක,වාහනය ඇතුලේ කඩුවක්,යකඩ පොල්ලක් එහෙම තිබ්බා. :cool:
     
    Status
    Not open for further replies.