මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යහපාලනය ඇති කරන්න ,
    රටේ ජිවන බර අඩු කරන්න ,
    වංචා දුෂණ අඩු කරන්න ,




    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘
    :rofl::rofl::rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cartoon-11.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුජීව සේනසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි

    Sujeewa-Senasinghe.jpg


    රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලබාගත්තා යැයි පැවැසෙන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තීරණය කර තිබේ.
    එලෙස මුදල් ලබාගැනීම පැහැදිලිවම අල්ලසක් වන බව පෙනී යන බැවින් මෙලෙස අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළේ යැයි එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පැවැසීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්‌ගෙන් මුදල් ගැනීම දයාසිරිගෙන් - සීඅයිඩීය අද ප්‍රශ්න කරයි

    මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් රුපියල් මිලියනයක්‌ ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (11 දා) දින ප්‍රශ්න කිරීමට නියමිතය.

    මෙම මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට ඉහතදී දයාසිරි ජයසේකර මහතාට දැනුම් දීමක්‌ කර තිබුණි. ඒ අනුව අද පෙරවරුවේ තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව ජයසේකර මහතා කීවේය.

    අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් රුපියල් දසලක්‍ෂයකට අදාළ මුදල් චෙක්‌පත තම ආරක්‍ෂක නිලධාරියා ලවා මාරුකර ගත් බවද දයාසිරි ජයසේකර මහතා වෙත චෝදනා එල්ල වී ඇත.

    අර්ජුන් ඇලෝසියස්‌ මහතා මෙම මුදල් ලබාදුන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ලබාගත් මුදල්වලින්ද යන්න පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්ඩිස්‌ සමාගමෙන් සුජීවට චෙක්‌ තුනම දුන්නේ ඡන්දෙට පසුව- සීඅයිඩී වාර්තාවේ දැක්‌වේ

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් ලැබී රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් මාරු කර ගෙන ඇති බවට පසුගියදා අධිකරණයේදී හෙළිදරව් වූ රු. මිලියනය බැගින් වූ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ 2015 මහ මැතිවරණයට පසුව බව අධිකරණයට වාර්තා කර ඇති රහස්‌ පොලිසියේ වැඩිදුර විමර්ශන වාර්තාව අනුව පැහැදිලි වේ.

    2015 වසරේ මහ මැතිවරණය පවත්වා ඇත්තේ 2015 අගෝස්‌තු 17 වැනිදා වුවත් අදාළ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ ඊට පසුවය. එනම් එක්‌ චෙක්‌පතක්‌ 2015.08.24 දිනද, තවත් චෙක්‌පතක්‌ 2016.03.31 දින සහ තවත් චෙක්‌පතක්‌ 2015.11.12 දින ද නිකුත් කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

    මින් 2015.08.24 දිනැතිව නිකුත් කරන ලද රුපියල් මිලියනයේ චෙක්‌පත 2015 මහ මැතිවරණය පැවැති 2015.08.17 දිනට ආසන්න දිනයක ලියවී තිබුණත් එහි ද චෙක්‌පත නිකුත් කර ඇති දිනය ලෙස සටහන් වන්නේ 2015 මහ මැතිවරණයට සතියකට පමණ පසු දිනයකි.

    අදාළ චෙක්‌පත් මාරු කර මුදල් ලබා ගෙන ඇති ආරක්‍ෂක අංශ නිලධාරීන් සියල්ලන්ගෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ සටහන් කරගෙන එම ප්‍රකාශවල සාරාංශයන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වර්ෂාව නිසා රටේ ආර්ථිකය 3% කින් ඉහළ යනවා - මේ තුළින් රටට විශාල ප්‍රතිලාභ ලැබෙනවා - අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්

    දැනුම වේගයෙන් වෙනස්‌ විය යුතු බවත් අලුත් ලෝකයකට අපි සියලු දෙනාම ගමන් කිරීමේ කාලය උදාවී තිබෙන බවත් විශේෂයෙන් පාසල් සිසුන්ගේ විෂය දැනුම යාවත්කාලීන විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාඡ් කාරියවසම් මහතා අවධාරණය කළේය.

    ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ කුරුණෑගල නගර සමීපයේ පිහිටි ලක්‌දාස්‌ ද මැල් විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

    හයවැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්ති පැවැත්වෙන සෑම පාසලකටම පරිගණක ලබාදීම සඳහා රුපියල් බිලියන 5000 ක්‌ වෙන්කර තිබෙන බවත්, ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පසුගිය කාලයේ අක්‍රිය වුණත් නැවත එම පරිගණක ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කරගැනීමට හැකිවන බවද මෙහිදී අමාත්‍යවරයා කීය.

    පාසල් සිසුන්ට පරිගණක ලබාදීමේදී අන්තර්ජාලය ඔස්‌සේ ඔවුන්ගේ විෂය දැනුම වේගයෙන් යාවත්කාලීන වෙන බවද මෙහිදී අමාත්‍යවරයා පසක්‌ කර දුන්නේය.

    මෙම අවස්‌ථාවට සහභාගි වී සිටි පාසල් සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සහ අවට පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළුව පාසලේ ආචාර්ය මණ්‌ඩලය අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    මේ දිනවල වර්ෂාව සීමාව ඉක්‌මවලා සිදුවෙනවා. වර්ෂාව ජන ජීවිතයට කරදරයක්‌ වුණත් මේ මොහොතේ රටට විශාල ප්‍රතිලාභ රාශියක්‌ ලැබෙනවා. මේ වර්ෂාව නිසා රටේ ආර්ථිකය 3% කින් ඉහළ යනවා. වර්ෂාව නොමැති කාලය තුළදී විදුලිය ලබා ගැනීම සඳහා ඩීසල් සහ තාප විදුලි බලාගාර වෙනුවෙන් රජයට අති විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවුණා. වර්ෂාව නිසා විශාල ජලාශ පිරී යැමෙන් ජල විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් රජය වැයකළ රුපියල් බිලියන ගණනක අතිවිශාල මුදලක්‌ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබුණා.

    වර්ෂාව නිසා යට වුණ ඇතැම් ප්‍රදේශවල බෝග වගාවන් ඉදිරි කාලය තුළදී සරුසාර වෙනවා. ඒ වගේම පසුගිය නියං කාලය තුළදී වියළී සිඳීගිය වැව් අමුණු විශාල සංඛ්‍යාවක්‌ මේ වෙනකොට පිරී ඉතිරී ගොස්‌ තිබෙනවා. රටේ කෘෂිකර්ම නිෂ්පාදනය ගොවීන්ට වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ කාලගුණික වෙනස්‌ වීම ගොවීන්ගේ මෙන්ම රටේ ආර්ථිකයට විශාල පිටිවහලක්‌ වෙනවා යෑයි හෙතෙම පැවසීය.

    රටට ගැළපෙන කාලගුණික කටයුතු කිරීමට රජයක්‌ විදියට වර්තමාන යහපාලන රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.


    අපේ රටේ රජයේ පාසල්වල උගන්වන ගුරුභවතුන් දෙලක්‍ෂ හැට දහසෙන් සියයට හැට හයක්‌ම ඉන්නේ ගුරු මාතාවන්. මේ ස්‌වෙච්ඡාවෙන් වසරකදී දස දහසක්‌ විතර දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබා ගන්නවා. වෛද්‍ය උපදෙස්‌ මත මේ දරු ප්‍රසූතියට සූදානම් වී සිටින ගුරු මාතාවන් සාරිය ඇඳගෙන පාසලට පැමිණීම හොඳ දෙයක්‌ නොවන බව. ඒ නිසා මේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වී සිටින කාන්තාවන්ට තමන්ට සුදුසු ඇඳුමක්‌ ඇඳගෙන පාසල් පැමිණීමට අවස්‌ථාව සලසා දී තිබෙනවා.

    සුරක්‍ෂා කියන පාසල් සිසුන් රක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළ මම ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම සමඟ සාකච්ඡා කරලා වකුගඩු රෝගය සහ ඇදුම වැනි රෝග සඳහා මේ රක්‍ෂණ ක්‍රමය තුළින් තවත් වැඩිවන ආකාරයට ප්‍රතිලාභ එක්‌කර තිබෙනවා. බොහොමයක්‌ මේවා දන්නේ නෑ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් දස දහසෙන් අට දහසක්‌ම තෝරාගෙන තිබෙනවා මේ පාසල්වලට කුමන හෝ උපකාරයක්‌ කිරීම සඳහා.

    වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාද මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූහ. වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වේඬරුව, කුරුණෑගල අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිරිමෙවන් පොඩිනිලමේ, කුරුණෑගල කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ඩී. එම්. ඥණරත්න සහ ලක්‌දාස්‌ ද මැල් විද්‍යාලයේ විදුහලිපතිනි කේ. ඒ. විමලකීර්ති මහත්ම මහත්මීන්ද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්ගේ කොම්පැනි බැංකු 33කින් සල්ලි බෙදලා

    මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සමාගම් හතර, වාණිජ බැංකු 33ක තිබූ එම සමාගම්වල ගිණුම් මඟින් විවිධ පුද්ගලයන්ට කරන ලද ගෙවීම් හෙළිදරව් කරන ලෙසට මහ බැංකුව එකී සමාගම් හතරට නියෝග කර ඇත. අධිකරණ නියමයකට අනුව සිදුකරන ලද මෙම නියෝගය සමඟ Perpetual Treasuries Ltd, Perpetual Asset Management (Pvt) Ltd, Perpetual Capital Holdings (Pvt) Ltd සහ W.M. Mendis & Co.Ltd යන අර්ජුන් ඇලෝසියස් සමඟ බැඳුණු සමාගම් හතරෙන් මුදල් ලබාගත් බොහෝ පුද්ගලයන්ගේ නම් ගම් හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

    ඉකුත් 2015 ජනවාරි සහ 2018 මැයි අතර කාලය තුළ දී නිකුත් කරන ලද සියලුම චෙක්පත්වල සහ එම චෙක්පත් අනුව අදාළ ගිණුම්වලින් මුදාහරින ලද මුදල් පිළිබඳ විස්තර ඇතුළත් ඉලෙක්ට්‍රොනික පිටපත් මහ බැංකු අධිපතිවරයා වෙත ලබාදෙන ලෙස අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබේ.

    මෙලෙස සිදුවී ඇති චෙක්පත් ගනුදෙනු පිළිබඳ විස්තර ලබාදෙන ලෙසට නියම කරනු ලැබ ඇති වාණිජ සහ විශේෂ බැංකු මෙසේය.

    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, රීජනල් ඩිවලොප්මන්ට් බැංකුව, ඇක්සිස් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, පබ්ලික් බෑන්ක් බර්හාඩ්, නේෂන් ට්‍රස්ට් බැංකුව, හැටන් නැෂනල් බැංකුව. සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, (NDB), DFCC බැංකුව, සෙලාන් බැංකුව. කොළඹ යුනියන් බැංකුව, ඉන්දියානු රාජ්‍ය බැංකුව, හොංකොං ෂැන්හයි බැංකුව, චීන බැංකුව (Bank of Chaina), ඉන්දියන් ඕවර්සීස් බැංකුව, ර්ඛ්ඕ බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන සහ මූල්‍ය සහයෝගිතා බැංකුව , ICICI බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩොයිෂ් (Deutsche Bank)බැංකුව, අමානා බැංකුව, හබිබ් බැංකුව, සිටි බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ජාතික ඉතිරිකිරීම් බැංකුව, කාගීල්ස් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සහ ඉන්දියන් බැංකුව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝටි 150ක් ඉල්ලා චම්පික ‘මව්බිම’ට දාපු නඩු අකුළා ගත්තේ ඇයි?

    c218c91a76.jpg


    1 නඩුවට හේතුව

    'මව්බිම' පුවත්පතේ පළ කරන ලද පුවත් දෙකක් පාදක කොටගෙන තිබිණි. ඉන් එක් පුවතක් වන්නේ 2016 වසරේ ජූලි මස 15 වැනි දින 'මව්බිම' දිනපතා මුල් පිටුවේ පළ වූ "කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි" යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි.

    දෙවැනි පුවත වන්නේ එදිනම 'මව්බිම' පුවත්පතේ 10 වැනි පිටුවේ පළකරන ලද "ගල් අඟුරු ටෙන්ඩරයේ මිලියන 1803ක පාඩුවට චම්පික වගකිව යුතුයි" යන ශීර්ෂය යටතේ පළ කර තිබූ ප්‍රවෘත්තියයි.

    ඉහතකී ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ දැවැන්ත වංචාවක් වූ ගල් අඟුරු ටෙන්ඩරය තුළින් රටට සිදුවූ පාඩුවට ඍජුවම වගකිව යුත්තා එවකට විදුලි බල හා බලශක්ති ඇමැති චම්පික රණවක බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

    2 නඩුවට හේතුව

    2014 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින "මව්බිම" දිනපතා පුවත්පතේ 18 වැනි පිටුවේ පළ කරන ලද "යහපාලන සහකරුවො" තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?" යන හිසින් පළවූ දැන්වීමයි.

    මෙම දැන්වීම තුළින් සිය පෞද්ගලික රහස් වෙබ් අඩවියක පළකිරීම හේතුවෙන් එක්නැලිගොඩ මාධ්‍යවේදියා තමා විසින් මරා දැමූ බව මහජනතාවට ඒත්තු ගන්වා ඇති අතර මේ තුළින් තමා අපරාධකරුවකු ලෙස හුවා දැක්වීමට විත්තිකාර 'මව්බිම' පුවත්පත කටයුතු කර ඇතැයිද චම්පික රණවක ඇමැතිවරයා සිය දෙවැනි නඩුව තුළින් අධිකරණය හමුවේ චෝදනා කර තිබිණි.

    'මව්බිම' සහ 'ඛ්ඥරතධද ඊධඤචර' යන ලංකාවේ ප්‍රමුඛ ජාතික පුවත්පත් මුද්‍රණය කොට බෙදාහරින සීමාසහිත සිලෝන් නිවුස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයෙන් රුපියල් කෝටි 150ක් අයකර ගනු පිණිස මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක විසින් කොළඹ දිසා අධිකරණයේ පනවා තිබූ අපහාස නඩු 02ක් පසුගිය බ්‍රහස්පතින්දා (07දා) ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා ගාස්තු රහිතවම නිෂ්ප්‍රභ කිරීමට පසුගිය 7 වැනිදා කොළඹ දිසා අධිකරණ විනිසුරු ජටිල රත්නායක මහතා නියෝග කළේය.

    රජයේ ප්‍රබල ඇමැතිවරයකු විසින් ප්‍රසිද්ධ ජාතික පුවත්පතකින් විශාල වන්දි මුදලක් අයකර ගනු පිණිස ගොනුකර තිබූ මෙම නඩු පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන අංශවලද සුවිශේෂී උනන්දුවක් පැවතිණි. මෑත කාලයේ මාධ්‍ය ආයතනයකට එරෙහිව දේශපාලනඥයකු විසින් පවරනු ලැබූ විශාලම වන්දි නඩුවද මෙය වූයේය.

    උක්ත නඩු ද්විත්වයේදී අදාළ පැමිණිලිකරු වූ ඇමැතිවරයා විසින් පුවත්පත් සමාගමද, 'මව්බිම' දිනපතා පුවත්පතේ කතුවරයාද පුවත්පතේ වාර්තාකාරිනියද, අදාළ ප්‍රවෘත්තියට සබැඳි දේශපාලන පක්ෂ නියෝජිතයාද අධිකරණය හමුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි. මෙම නඩුකාරයන්ට පාදක වූ ඇමැති පාඨලී චම්පික රණවකගේ පැමිණිලි හා එයට ප්‍රතිචාර දක්වමින් 'මව්බිම' වෙනුවෙන් සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය කොළඹ දිසා අධිකරණයට ගොනු කරනු ලැබූ හරස් ඉල්ලීම් ඇතුළත් නඩු තීන්දුව පහත දැක්වේ.

    ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් 'මව්බිම' පුවත්පතින් රුපියල් මිලියන 1000ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා පළමු නඩුව ගොනු කරනු ලැබුවේ 2017 වසරේ ජනවාරි මස 02 වැනිදාය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ, 'මව්බිම' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා, එම පුවත්පතේ වාර්තාකාරිනි අනුරාධා හේරත් සහ සීමාසහිත සිලෝන් නිව්ස් පේපර්ස් ලිමිටඩ් යන පාර්ශ්ව නම් කරන ලදී.

    එම නඩුව සඳහා 'මව්බිම' පුවත්පතේ පළකරන ලද පුවත් දෙකක් පාදක කොටගෙන තිබුණි. ඉන් එක් පුවතක් වන්නේ 2016 වසරේ ජුලි මස 15 වැනි දින 'මව්බිම' දිනපතා මුල් පිටුවේ පළ වූ "කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි" යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි.

    දෙවැනි පුවත වන්නේ එදිනම 'මව්බිම' පුවත්පතේ 10 වැනි පිටුවේ පළ කරන ලද "ගල් අඟුරු ටෙන්ඩරයේ මිලියන 1803ක පාඩුවට චම්පික වගකිව යුතුයි" යන ශීර්ෂය යටතේ පළ කර තිබූ ප්‍රවෘත්තියයි.

    ඉහතකී ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ දැවැන්ත වංචාවක් වූ ගල් අඟුරු ටෙන්ඩරය තුළින් රටට සිදුවූ පාඩුවට ඍජුවම වගකිව යුත්තා එවකට විදුලි බල හා බලශක්ති ඇමැති චම්පික රණවක බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

    මෙම දැවැන්ත මහජන මුදල් කොල්ලකෑමේ සිද්ධියට පාඨලී චම්පික රණවක ඇතුළු විදුලිබල මණ්ඩලයේ හිටපු නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළ බව 'මව්බිම' මාධ්‍යවේදිනිය වාර්තා කර තිබිණි. වත්මන් හවුල් පාලනය මෙම වංචාව තවදුරටත් පවත්වාගෙන යෑමට උත්සාහ දරන බැවින් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන්න යට කී වාර්තාවෙන් අවධාරණය කර තිබිණි.
    පැමිණිලිකාර චම්පික රණවක මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ උක්ත පුවත් මුළුමනින්ම අසත්‍ය වන අතර ඒවා තම කීර්තියට හානි සිදුකිරීමේ අරමුණින් පළකර ඇති බවයි. මේ තුළින් සිය දූෂණ විරෝධී දේශපාලන දර්ශනයට හා අවිහිංසාවාදී පෞද්ගලික ජීවිතයටත් බරපතළ හානියක් සිදුකර ඇතැයි සඳහන් කරන චම්පික රණවක ඇමැතිවරයා මේ හරහා තමා මහජනතාව ඉදිරියේ වංචාකාරී පුද්ගලයකු ලෙස හඳුන්වා දී මහජනයාගේ කේ‍රා්ධයට බඳුන් කර ඇතැයිද චෝදනා කළේය.

    කැබිනට් ඇමැතිවරයකු ලෙස ක්‍රියා කරන සිය ඡායාරූපය පුවත්පතේ මුල් පිටුවේ පළකිරීම තුළින් තමා රාජ්‍ය මුදල් අවභාවිත කරන මහජන මුදල් කොල්ලකන අයකු ලෙස හඳුන්වාදී ඇති අතර ඒ හරහා තමාගෙන් දූෂණ විරෝධී හා යහපාලනයක් අපේක්ෂා කළ නොහැකිය යන මතයක් මහජනතාව අතර එම පුවත්වලින් පෙන්නුම් කර ඇතැයිද චම්පික රණවක ඇමැතිවරයා අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ.

    ඊට අමතරව 'මව්බිම' පුවත්පතින් තවත් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා චම්පික රණවක ඇමැතිවරයා 2017 වසරේ ජනවාරි මස 20 වැනිදා තවත් නඩුවක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළේය.

    එහි විත්තිකරුවන් ලෙස නම් කර තිබුණේ 'මව්බිම' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා සහ සිලෝන් නිවුස්පේපර්ස් ප්‍රයිවට්ලිමිටඩ් සමාගම වේ.

    2014 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින "මව්බිම" දිනපතා පුවත්පතේ 18 වැනි පිටුවේ පළ කරන ලද "යහපාලන සහකරුවො" තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?" යන හිසින් පළවූ දැන්වීමයි.
    මෙම දැන්වීම තුළින් සිය පෞද්ගලික රහස් වෙබ් අඩවියක පළකිරීම හේතුවෙන් එක්නැලිගොඩ මාධ්‍යවේදියා තමා විසින් මරා දැමූ බව මහජනතාවට ඒත්තු ගන්වා ඇති අතර මේ තුළින් තමා අපරාධකරුවකු ලෙස හුවා දැක්වීමට විත්තිකාර 'මව්බිම' පුවත්පත කටයුතු කර ඇතැයිද චම්පික රණවක ඇමැතිවරයා සිය දෙවැනි නඩුව තුළින් අධිකරණය හමුවේ චෝදනා කර තිබිණි.

    පහත සඳහන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයන් විත්තිකරුවන් සිදුකර ඇති බවට ඔහු පැමිණිලි කර තිබිණි.

    (අ) තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළි කරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැමිණිලිකරු විසින් මරා දමන ලද බව.
    (ආ) එම ඝාතනය සිදුකළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා පැමිණිලිකරු බවට මහජනයාට ඒත්තු ගැන්වීම.
    (ඇ) කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කරන පැමිණිලිකරු නීතිගරුක පුද්ගලයකු නොවන අපරාධකාරයකු බවට මහජනයාට හුවා දැක්වීම.
    (අෑ) පැමිණිලිකරු රටේ යහපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණ පිළිබඳව මහජනතාව ඉදිරියේ ඇති විශ්වාසය අහිමි කිරීමද වේ.

    එහෙත් චම්පික රණවක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති නඩු 02ක ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් 'මව්බිම' පුවත්පත කොළඹ දිසා අධිකරණය හමුවේ හරස් ඉල්ලීම් 02ක් ඉදිරිපත් කළේය. එම හරස් ඉල්ලීම්වලින් සඳහන් කර තිබුණේ 'මව්බිම' පුවත්පත සහ එහි සභාපති ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද්වේෂ සහගත ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

    2016 වසරේ ජූලි මස 14 වැනිදා බත්තරමුල්ල පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චම්පික රණවක ඇමැතිවරයා 'මව්බිම' සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකර තිබූ බව 'මව්බිම' පුවත්පත අධිකරණය හමුවේ ගොනු කළ හරස් ඉල්ලීමේ සඳහන් විය.

    මම ටිරාන් අලස්ට එකක් කියනවා. පත්තරවලින් තමුන්නාන්සේ හැදුවා කරු ජයසූරිය විනාශ කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා විනාශ කරන්න. ඒ වගේම තව තවත් දේශපාලකයෝ බය කරලා තම සාක්කුවට ගන්න. අපිව එහෙම සාක්කුවට ගන්න බෑ. ඔය මාධ්‍යවලින් අපිව විනාශ කරන්න බෑ."

    යනුවෙන් චම්පික රණවක ඇමැතිවරයා චෝදනා නඟා තිබූ බව 'මව්බිම' පුවත්පත අධිකරණයේ ගොනු කළ හරස් ඉල්ලීම්වලින් සඳහන් කළේය.

    චම්පික රණවක ඇමැතිවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශවලින් 'මව්බිම' පුවත්පත් සමාගම දේශද්‍රෝහියකු ලෙස හුවා දක්වමින් රැවටිලිකාර ආයතනයක් ලෙස කියා පෑමට උත්සාහ කර ඇති බවද එම හරස් ඉල්ලීම්වලින් සඳහන් කර ඇත.

    එම ප්‍රකාශ හරහා 'මව්බිම' පුවත්පත දේශපාලකයන්ට තර්ජනය කරමින් මඩ ගැසීම සිදුකරන පුවත්පත් ආයතනයක් ලෙස හුවා දැක්වීමට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ක්‍රියා කර ඇති බවත් ඒ හරහා ඔහු 'මව්බිම' පුවත්පත් සමාගමට බරපතළ අගතියක් මෙන්ම අපහාසයක් සිදුකර ඇති බවද අධිකරණය හමුවේ ගොනුකළ හරස් ඉල්ලීම්වලින් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    මේ හේතුවෙන් චම්පික රණවක ඇමැතිවරයා ගොනු කර ඇති නඩු දෙක ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු විසින් සිදුකර ඇති අපහාසය වෙනුවෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා 'මව්බිම' පුවත්පත ගොනුකළ හරස් ඉල්ලීම්වලින් අධිකරණය වෙතින් අයැද තිබිණි.

    මෙම නඩු දෙක ඉකුත් 07 වැනිදා කොළඹ දිසා විනිසුරු ජටිල රත්නායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.සී. ජයරත්න මහතා කරුණු දක්වමින් මෙම පැමිණිලි ඉදිරියට පවත්වාගෙන යෑමට තම සේවාදායකයා බලාපොරොත්තු නොවන බව දන්වා සිටියේය.

    මේ හේතුවෙන් අදාළ නඩු 02ක ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසද රණවක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් 'මව්බිම' පුවත්පත් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පැමිණිලිකාර රණවක ඇමැතිවරයා ගොනුකළ මෙම නඩුවලින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා තම සේවාදායකයන් හරස් ඉල්ලීමක් ගොනුකර තිබුණද පැමිණිලිකාර අමාත්‍යවරයා මෙම නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබ½දව විරුද්ධ නොවන බව දන්වා සිටියේය.

    එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ නඩු 02ක ඉල්ලා අස්කර ගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරයාට අවසර දුන් දිසා විනිසුරුවරයා අනතුරුව එම නඩු දෙක ගාස්තු නොමැතිව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

    මෙහිදී 'මව්බිම' පුවත්පත වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
    "මව්බිම" පුවත්පතේ පළවූ වාර්තා මඟින් ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එල්ලවී තිබුණේ ඉතා බරපතළ චෝදනා කිහිපයකි. එක අතකින් එම චෝදනා විශාල මූල්‍ය වංචාවකට අදාළ වන අතර තවත් පැත්තකින් අපරාධ චෝදනාවකට ප්‍රස්තුත වන කාරණාය. රුපියල් කෝටි 150ක් තරම් විශාල වන්දියක් ඉල්ලා 'මව්බිම'ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට ඇමැතිවරයා තීරණය කළේද මෙම කාරණා බොහෝ බැරෑරුම් බව හොඳින් දන්නා නිසා විය යුතුය. හදිසියේම නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට චම්පික රණවක ඇමැතිවරයා තීරණය කළේ මන්ද යන්න අපටද ප්‍රශ්නයකි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    සිංහලයෝ බලු ගානට දාලා සහජීවනයක් ගේන්න බෑ පොනිල් හුටන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් පිරිසට එරෙහිව රාවණා බලයෙන් අල්ලස්‌ කොමිසමට පැමිණිල්ලක්‌


    පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමෙන් අල්ලස්‌ ලබාගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව රාවණ බලය සංවිධානය ඊයේ (11 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා වෙත ලි�ත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

    එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමිගේ අත්සනින් යුතුව එම පැමිණිල්ල ඊයේ (11 වැනිදා) පෙරවරු 9.00 ට පමණ ඉදිරිපත් කරන ලදී.

    එම සමාගමෙන් අල්ලස්‌ ගත් අය පිළිබඳ විමර්ශනය කිරීමට තම සභාවට මේ වන තෙක්‌ පැමිණිල්ලක්‌ ලැබී නැතැයි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්‌ නෙවිල් ගුරුගේ මහතා කළ ප්‍රකාශය හේතුවෙන් තමන්වහන්සේ මෙම පැමිණිල්ල කළ බවත් දැන් පැමිණිල්ලක්‌ ලැබී ඇති හෙයින් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන ලෙසත් දන්වන බව සද්ධාතිස්‌ස හිsමියෝ 'දිවයින'ට කීය.

    කෝප් කමිටු සාමාජිකයන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් මුදල් ලබාගැනීම මුළුමනින්ම අල්ලසක්‌ බවත් මේ අයට ලබාදෙන දඬුවම කුමක්‌ද යන්න රටම බලාසිටින බවත් උන්වහන්සේ පැවසූහ.

    මෙම අවස්‌ථාවට හිමිවරුන් පිරිසක්‌ සහ නීතිඥ දොලවත්ත මහතා එක්‌ව සිටියහ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සී.අයි.ඩී.ය දයාසිරිගෙන් පැය 5ක්‌ ප්‍රශ්න කරයි

    මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන් ඇලෝසියස්‌ මහතාගෙන් රුපියල් මිලියනයක මුදලක්‌ ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් ඊයේ (11 වැනිදා) පැය පහක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය.

    මෙම මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීමකට අනුව දයාසිරි ජයසේකර ඊයේ පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

    දයාසිරි ජයසේකර මහතා මෙම මුදල් ලබාගත්තේ කුමන පරමාර්ථයකින් ද යන්නත් අර්ජුන් ඇලෝසියස්‌ මහතා ලබාදී තිබුණේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ලබාගත් මුදල් ද යන්නත් මෙහිදී ප්‍රශ්න කර තිබූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

    අර්ජුන් ඇලෝසියස්‌ මහතාගෙන් ලබාගත් රුපියල් දස ලක්‍ෂයක මුදල් චෙක්‌පතක්‌ දයාසිරි ජයසේකර මහතා සිය ආරක්‍ෂක නිලධාරියකු ලවා මාරු කරගෙන තිබූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

    මේ අතර අර්ජුන් ඇලෝසියස්‌ විවිධ උදවියට මුදල් ලබාදීමේ සිද්ධීන් පිළිබඳව තමා දන්නා තොරතුරු සියල්ලම ඊයේ (11 දා) රහස්‌ පොලිසියට හෙළි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

    රහස්‌ පොලිසිය තමාගෙන් ඊයේ පැය 5 කට වැඩි කාලයක්‌ ප්‍රශ්න කළ බවද, පොලිසිය තමාට තේ පැන්, සහ කෑම බීමෙන් හොඳට සැලකූ බවත් හෙතෙම කීවේය.

    මෙම සිද්ධිය පිළිබඳ ඉදිරි කාලය තුළ තවත් කීපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ තිබෙන බවද හෙතෙම පැවසීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාරට මේ දිනවල වෙන වැඩක්‌ නැත. දැනගන්නට ඇති ආකාරයට අනතුරට පත්වූ තම පුත්‍රයා බලන්නට ද තවමත් රාජ්‍ය ඇමැතිවරයා ගොස්‌ නැත. ඔහු කියන්නේ පසුගියදා යශෝධ රංගේ බණ්‌ඩාර නම් තම පුත්‍රයා සිදුකරන ලද අනතුර පිළිබඳව ජනමාධ්‍ය බොරු කියන බවය. රාජ්‍ය ඇමැතිවරයා කියන පරිදි ඇත්ත කතාව මෙසේය.

    තමාගේ පුත්‍රයා අනතුරට ලක්‌කරන ලද වාහනයේ තිබී හමුවූ වොඩ්කා බෝතලයේ පුරවා ඇත්තේ උණුකර නිවාගත් බීමට සුදුසු ජලයයි. කඩුව සහ විකට්‌ කූර අනතුර සිදුවූ පසු යශෝධ රංගේ බණ්‌ඩාරට පහරදීමට පැමිණි පිරිසක්‌ දමාගිය ඒවාය. ඊට පෙර සිදුවූ අනතුර සිදුකර ඇත්තේ තම පුත්‍රයා නොව වෙනත් අයයි. යශෝධ රංගේ බණ්‌ඩාර පැදවූ වාහනය රජයේ වාහනයක්‌ වුවද, එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක්‌ නොවේ. ඊට හේතුව තම පුත්‍රයා වන යශෝධ රංගේ බණ්‌ඩාර තමන්ගේ මාධ්‍ය ලේකම්වරයා වන නිසාය.

    මෙවැනි කරුණු ගණනාවක්‌ පිළිබඳව මාධ්‍ය හමුවකදී කියන රංගේ බණ්‌ඩාර රාජ්‍ය ඇමැතිවරයා වාහනයේ තිබූ "බයිට්‌" ගැන වචනයක්‌ හෝ නොකියන්නට ප්‍රවේශම් වෙයි. දැන් මේ කියන කාරණා අනුව අපට හිතෙන්නේ යශෝධ රංගේ බණ්‌ඩාර ශීල වැඩසටහනකට හා භාවනා පන්තියකට සහභාගි වී එන අතරතුර විශාල කරදරයකට මුහුණපා ඇති බවය. කොටින්ම කීවොත් උණුකර නිවාගත් ජලය ටිකක්‌ බී වාහනයක්‌ දෙකක්‌ හප්පා නිවී සැනසිල්ලේ කාලය ගත කරනවා හැරුණු විට යශෝධ රංගේ බණ්‌ඩාරගෙන් කිසිදු වරදක්‌ සිදුනොවේ. හෙතෙම බෝ පැළයකි. රාත්‍රි ජාමය පසුවීත් ප්‍රදේශයේ සුපිරි හෝටලයක ඔහු කාලය ගත කර ඇත්තේ ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට ගිය නිසා බව රාජ්‍ය අමාත්‍යවර පියාම කියන නිසා අපට ශීල කතාව පැත්තකට දැමීමට සිදුවේ. පළාතේම තිබෙන පොලිස්‌ ස්‌ථාන මේ සිද්ධියේදී රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව කටයුතු කර තිබෙන බවක්‌ පෙනේ. ඊට හේතුව මේ වෙනතුරුත් අනතුර සිදුවූ මොහොතේ එතැනට පැමිණ කිසිවකුටත් හානියක්‌ නොකොට කැබ් රථයේ කඩුවක්‌ සහ විකට්‌ කූරක්‌ තැන්පත් කළ එකා අල්ලා නොගැනීමය. කරුමෙකට මෙන් කැබ් රථය කඩාවැදී සුනු විසුණු වූ නිවසේ හිමිකරු පවා යශෝධ රංගේ බණ්‌ඩාරට පහරදීමට පැමිණි මැරයන් දැක නැත.

    මෙවැනි "පුදුම හිතෙන" දේවල් ශ්‍රී ලංකා දේශපාලන කරළියේ බහුලව සිදුවන නිසා අපටද ඒ ගැන අමුතු පුදුමයක්‌ දැනෙන්නේ නැත.

    රංගේ බණ්‌ඩාර රාජ්‍ය ඇමැතිවරයා කියන්නේ ඇත්තම ඇත්ත යෑයි කියන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එමෙන්ම ඒ කියන්නේ බොරු යෑයි කියන්නටද අප ඉක්‌මන් වන්නේ නැත. මේ කියන කාරණා ගැන අප සැලකිලිමත් විය යුත්තේ යශෝධ රංගේ බණ්‌ඩාරගේ "පෙර ක්‍රියා" සැලකිල්ලට ගනිමිනි. යශෝධ රංගේ බණ්‌ඩාර ගමන් ගන්නා සියලු වාහන මිනිසුන් යටකර දමන්නේද, ගෙවල් සුන්බුන් බවට පත් කරන්නේද, ඔහු එම වාහන තුළ ගමන් ගන්නා අවස්‌ථාවේදීම වීම පුදුම සහගතය. මීට පෙර අනතුරට පත් වාහනවල පිරිසිදු ජලය, පොල් වතුර, කිතුල් පැණි, මිදි යුෂ, අරිශ්ට බෝතල් තිබුණු බව වාර්තා වී නැත. ඒ නිසාම ඒ ගැන අප කිසිවක්‌ නොකියමු.

    දැන් අපට දැන ගැනීමට ඇති වැදගත් කරුණක්‌ තිබේ. ඒ මේ හාදයා යළි රිය පදවන්නේ නම් ඔහු පැමිණෙන ගමන් මාර්ග කුමක්‌ද යන්නය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කිරීම රාජ්‍ය ඇමැති රංගේ බණ්‌ඩාරගේ වගකීමකි.
     
    Status
    Not open for further replies.