බුදුන් ගේ පහල වීම සිදුවන්නේ අවුරුදු 80000 ට මිනිස් ආයුෂ පැමිණි විට බව මමත් අහලා තියෙනවා. මට හිතෙන විදියට නම් දැන් අපේ සමාජයේ සාරධර්ම පිරිහිලා පිරිහිලා අවුරුදු 10 දක්වා ආයුෂ අඩු වෙමින් යන්නේ. මොකද අපි අත්දැකීමෙන් කියන්න පුළුවන් අපේ මුතුන් මිත්තන් අවුරුදු 100 හෝ ඊට වැඩිය ජිවත් වුනා. එත් දැන් ආයුෂ වල සාමාන්‍ය අගය 70 ගානක් මගේ මතකයේ හැටියට. මේ ත්‍රස්තවාදී කටයුතු සහ එකිනෙකා අතර තියෙන ඊර්ශ්‍යාව වෛරය ක්‍රෝධය බල තන්හාව වගේ දේවල් නිසා එන්න එන්නම මිනිසුන් අඩු වයසින් මිය යාම අපට පැහැදිලිවම බලාගන්න පුළුවන්. මමත් හිතන්නේ අපේ මේ ආයුෂ අවුරුදු 10 ට අඩු වෙලා නැවත එය අසනක්‍ය දක්වා වැඩි වෙලා නැවත අඩු වෙන කාලයේ එනම් මිනිස් ආයුෂ අවුරුදු 80000 වන කාලයේ අප මෛත්‍රී බෝසතාණන් මෙලොව පහල වේවි.
මා වැරදි නම් නිවැරදි කරන්න. ඔබේ අදහස් ද වටි.