යහපාලන පරස්පරය
මම අතිශය බරපතල උභතෝකෝටිකයකට මැදි වී සිටිමි.
ඒ උභතෝකොටිකය වන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ යහ පාලනයයි.
පෙරේදා එතුමා හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, එජනිස රජයක් පත්වන්නේ නම් ඔබට වැඩි ජ්‍යෙෂ්ටයන් එහි සිටින බවත් ඔවුන් ගෙන් කෙනෙකුට අගමැතිකම ලබා දී ඔබේ පරිත්‍යාගශීලීත්වය පෙන්වන ලෙසත් ඉල්ලීය.
ඊයේ එතුමා ම එවන් ජ්‍යෙෂ්ටයන් දෙදෙනෙක් තනතුරු වලින් ඉවත් කොට වෙනත් අයවළුන් පත් කොට ඔවුන් හට අර කලින් තනතුරු වල සිටි ජ්‍යෙෂ්ටයන් දෙදෙනාට විරුද්ධව අධිකරණ වාරණ නියෝග ගන්නා ලෙස දැන්වීය. එපමණක් නොව ඔවුන් දෙදෙනා පක්ෂයේ සාමාජිකත්වයෙන් ද නෙරපා හැරියේය.
එයින් නොනැවතුනු මෛත්‍රී, ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ කාර්යාලයේ ඒ වන විට මැතිවරණ මෙහෙයුම් වල යෙදී සිටි සියලු ම දෙනා ඉවත් කොට එය සීල් තැබීය.
තම තනි මතයට පක්ෂයේ තීරණ ගන්නා එතුමා ගේ සමාජ ප්රජාතන්ත්රවාදය කොහිදැයි මම අතිශය බරපගල භතෝකෝටිකයක හිර වී සිටිමි.
අවනීතියට එරෙහිව නැගිය යුත්තේ අවනීතිය නොව නීතියයි. නැතහොත් අවනීතිය පලවා හැර නැවත රජ වන්නේ අවනීතියයි.
මිනිසුන් මහින්ද ප්‍රතික්ෂේප කලා නම්, මෛත්‍රී තවත් මහින්ද කෙනෙකු, නැතිනම් මහින්දට එහා ගිය වියරු පාලකයෙකු වීම ඔහුට සහ ඔහු ගේ යහපාලනයට මනාපය පල කල මිනිසුන් ගේ හිතසුව පිණිස නොවනු ඇත.....
ගරු ජනාධිපතිතුමනි,
ඔබේ හෘදය සාක්ෂියෙන් විමසන්න. මේ ප්රජාතන්ත්රවාදය ද?
මේ යහපාලනය ද?