මෛත්‍රී_පතුරුගසයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෛත්‍රී_පතුරුගසයි

    ආණ්ඩුව හරියට කරේ නෑ - ජාතික දිනයේ මෛත්‍රී තම රජය පතුරු ගසයි
    gossiplanka_2019-02-04-1593.jpg


    අද (4)පැවති ජාතික දින උත්සවයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැත්වූ කතාවේදී රජයේ සංවර්ධන වැඩසටහන් දුර්වල බවට විවේචන සිදු කෙරිණි. එසේම ජාතික ආණ්ඩු යෝජනාවට තමන් අකමැති බවද දන්වා සිටින ලදි.

    " ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන
    ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ. පාර්ලිමේන්තුව පිරිහිණා.පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළා. සැඟවූ පිහි පෙන්නුවා. සමාජයේ පිරිහීම පාර්ලිමේන්තුවෙන් පෙන්වන බව ජනතාව සඳහන් කරනවා. ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකරා ගොස් තිබෙනවා.
    පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩියි. පුනරාවන්තන හා ප්‍රාග්ධන වියදම් උඩුයිටිකුරැ කළ යුතුයි. පළාත් සභා කල් දැමීම ගැන Ngo නිහඬයි.
    එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරක කියා මා කියනවා. යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.
    ජනගහනයෙන් 50%ක් සාපේක්ෂ දරීද්‍රතාවයක ඉන්නේ. ආර්ථික ජවාරම්කරුවන් විසින් ශ්‍රි ලංකාව මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කර තිබෙනවා.
    පරිසර සංරක්ෂණය අපේ අත්පොත විය යුතුයි. දශක ගණනාවක් අප කර තිබෙන්නේ ඥාති සංග්‍රහය හා බඩ වඩා ගැනීමේ දේශපාලනයයි.
    මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු කළු ආර්ථික කටයුතු අප පරාජය කළ යුතුයි. තරුණ පරපුර නවෝත්පාදනයට හුරුකරවිය යුතුයි.‘


    gossiplanka_2019-02-04-1601.jpg


    gossiplanka_2019-02-04-1602.jpg


    Source: Gossiplankanews
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිටං ආණ්ඩුව ගැන කියල තියන කතාවනම් ඇත්ත බන්.. හිටංට වැඩක් කරගන්න බැරි උනාට හොදට විවේචනය කරන්න නම් පුලුවන්.. :yes:
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මුගේ කතාව වටිනවා, හැබැයි ඊට වඩා කතාව ලියපු කොලේ වටිනවා. :rofl:

    තව මාස හය හතකින් ජනාධිපතිවරනය කෝල් කරන්න එපයි. එතකං මූ ඔහේ කියව කියව ඉදපුදෙන්. මොකෙක් වත් සතපහකට මුගේ කතා ගනන් ගන්න එකක් ඇයි.:baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    පොර ඇත්තටම පොරක්ද බලගත්තකි ඉල්ලුම් ගහ ක්‍රියාත්මක කරොත්... එතකම් මොනවා උනත් පොරගේ කතා අහල හිනා වෙලා අතල් එකක් ගන්න තියෙන්නේ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිය කියා ඉන්නේ කරපංකෝ ඔය තියෙන බලතලයක් පාවිච්චි කරලා :baffled: ආපු දවසේ ඉඳන් අරක කරන්න දුන්නේ නෑ මේක දුන්නේ නෑ කිය කියා අඩනව :baffled:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම මානව හිමිකම් කඩ කිරිමක් .ඒවගේම ඥාණසාර හිමිව නිදහස් නොකිරිම පව්කාරකමක්.ඒක හිටoට අනාගතයේදි ලෑබේවි:angry::angry::angry:සිරිසේන කියන්න සුපිරි නලුවෙක්.ඌ ඔය කතා කරන්නේ රට ගැන කැක්කුමකින් නෙමේ .රනිල්ට රිටන් එක දෙන්නයි, මෙයා පොරක් කියලා හෝදාපාලුවෙලා සුන්නද්දුලි වෙල යන නිදහස් පාක්ෂිකයින්ට පෙන්නන්නයි තමයි ඔයවගේ සිගිති කතා කියන්නේ.

    හිටo, රනිල්ගේ බිරිද ඇතුලු NGO පිල්ලිවල ඉල්ලිමට හිසනමයි.ඥාණසාර හිමිට නිදහස නෑ

    සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..

    අදට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 525 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

    ඇප ගෙවා ගැනීමට නොහැකිව සිරගත කල අය හා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත කල පුද්ගලන් පිරිසකට මෙම නිදහස් හිමිව ඇත.

    එයින්ද 18 දෙනෙකු නැවත සිරගත කර ඇත්තේ වෙනත් වැරදි සම්බන්ධයෙන්ද සිර දඬුවම් නියම කර ඇති හේතුවෙනි.

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිව නැත.


    -lankacnews-


    maithretu23232.jpg


    දැන්වත් තෙරුම්ගනිල්ලා කවුද සිරිසේන කියන්නේ කියලා..:angry::angry::angry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    මුගේ කතාව වටිනවා, හැබැයි ඊට වඩා කතාව ලියපු කොලේ වටිනවා. :rofl:

    තව මාස හය හතකින් ජනාධිපතිවරනය කෝල් කරන්න එපයි. එතකං මූ ඔහේ කියව කියව ඉදපුදෙන්. මොකෙක් වත් සතපහකට මුගේ කතා ගනන් ගන්න එකක් ඇයි.:baffled:


    පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළා. :P:P:P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිය කියා ඉන්නේ කරපංකෝ ඔය තියෙන බලතලයක් පාවිච්චි කරලා :baffled: ආපු දවසේ ඉඳන් අරක කරන්න දුන්නේ නෑ මේක දුන්නේ නෑ කිය කියා අඩනව :baffled:

    :lol::lol::lol:සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…………(හැබැයි ක්‍රියාවෙන් පුලුවන් )
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    උඩ බලාගෙන කෙලගහගන්නවා, අවුරුදු 71 එක එකාට මඩ නෙලාගන්නවා. මේ පොල් හරක් පාර්ලිමේන්තු යවපු උන්ට ලැබෙන ප්‍රතිපල මේ . මම මේ ආන්ඩුව ගැන නෙමෙයි හිටපු හැම ආන්ඩුවක්ම නටපු නාඩගම් වල අවසන් ප්‍රථිපලයට ලගා වෙමින් ඉන්නේ
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    උඩ බලාගෙන කෙලගහගන්නවා, අවුරුදු 71 එක එකාට මඩ නෙලාගන්නවා. මේ පොල් හරක් පාර්ලිමේන්තු යවපු උන්ට ලැබෙන ප්‍රතිපල මේ . මම මේ ආන්ඩුව ගැන නෙමෙයි හිටපු හැම ආන්ඩුවක්ම නටපු නාඩගම් වල අවසන් ප්‍රථිපලයට ලගා වෙමින් ඉන්නේ




    ඔව් බන් මුන්ගේ බුද්ධියේ තරම තමයි බන් මේ.. මූ මතකද ඔය වගේම මීටිමක කිවා ඌ 2015 දිනුවේ නැත්තම් අඩි 6ක් යට දැන් ඉන්නේ කියලා..


    පස්සේ කියනවා ගැලරියේ කතාලු..



    මේ නාකි පිංගුත්තරයෝ ටික එළවලා කවදා දේශපාලනේ සුද්ද වෙයිද දන්නේ නෑ මේ රටේ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ මනුස්සය බං. මං නං ඊලඟ පාර ඡන්දෙත් දෙනව. රනිල්ව අයිං කලා නං අගේට රට කරනව.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එක එකාට බනින මඩගහන වෙලාවේ රට වෙනුවෙන් මොනවහරි කරන්නකෝ. හිගන්නාගේ තුවාලේ වගේ විකුණගෙන කන්නේ නැතුව අඩුගානේ ඔය හිරේ දල ඉන්න Army එකේ කොල්ලෝ ටික එලියට දාන්න.
     
    Dec 31, 2018
    332
    22
    0
    හොඳ මනුස්සය බං. මං නං ඊලඟ පාර ඡන්දෙත් දෙනව. රනිල්ව අයිං කලා නං අගේට රට කරනව.

    ඌ හරියන්නෙ නෑ බන්. මිනිස්සුන්ට පුතේ අරින එකෙක් තමයි අපට ඕන.