මෛත්‍රීගේ ඇමති ආරක්ෂාව ඉවතට
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඔහුට ලබාදී තිබූ කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව තවදුරටත් මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කළේ.
නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය හා උතුරුමැද භාර නියෝජ්‍ය පොලිස්පති මගින් පෙළොන්නරුව පොලීසියට දන්වන ලද නියෝගයක් මත එම ආරක්ෂක රාජකාරී සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් අද (22) උදෑසන සිට රාජකාරි කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
Hirunews

Last edited: