මෛත‍්‍රීගේ ඇමති ආරක්ෂාව ඉවතට

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මෛත‍්‍රීගේ ඇමති ආරක්ෂාව ඉවතට

    පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඔහුට ලබාදී තිබූ කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ නමුත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේනට ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් සදහන් කළේ.

    නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය හා උතුරුමැද භාර නියෝජ්‍ය පොලිස්පති මගින් පෙළොන්නරුව පොලීසියට දන්වන ලද නියෝගයක් මත එම ආරක්ෂක රාජකාරී සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් අද (22) උදෑසන සිට රාජකාරි කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

    Hirunews
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකනම් සාමන්ය දෙයක්නේ. දැන් ඇමති නෙමේනේ

    ඔව් ඔව් අර සරත් ෆොන්සේකාටත් කරේ ඕකමනේ..බල්ලෝ වගේ මහින්දගේ වටේ ඉන්නවනම් තමා ඔක්කොම දෙන්නේ..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් ඔව් අර සරත් ෆොන්සේකාටත් කරේ ඕකමනේ..බල්ලෝ වගේ මහින්දගේ වටේ ඉන්නවනම් තමා ඔක්කොම දෙන්නේ..
    මෙතනදි හරි කියන්නත් බෑ වැරදි කියන්නත බෑ. මෛත‍්‍රීව ඇමතිකමින් අයින්කල නිසා තවදුරටත් ඇමති ආරක්ශාව දෙන්න බෑ.ඒත් දැන් ජනාදිපති අපේක්ශකයෙක් නිසා එහෙම අයින් කරපු එක වැරදි. තරහට හැබෙයි නීති පොතේ විදියට කරපු වැඩක්..:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :):) uba hari