මෛත‍්‍රී රැල්ලක්

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    මෛත‍්‍රී රැල්ලක්

    maithree-leed.gif


    ජනාධිපතිවරණය ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව කර තිබෙන සමහර අධ්‍යයනයන් අනුව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාලට තිබෙන මහජන පිළිගැනීම ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන පිළිගැනීම ශීඝ‍්‍රයෙන් පහළ වැටෙමින් පවතී. නාමයෝජනාවලින් පසුව මුල් දින හය තුළ පොදු අපේක්ෂකයාට වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන ලද්දේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල පමණය. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රබල තත්ත්වයක සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එහෙත් ඉන්පසු එළැඹෙන දින තුනේදී මෛත‍්‍රීපාල රැුල්ල ග‍්‍රාමීය ප‍්‍රදේශවලද පැතිරයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තිබුණු ආධිපත්‍යයේ ශීඝ‍්‍ර බිඳ වැටීමක් සිදුවී තිබේ.

    ඒ සියල්ල එසේ සිදුවී තිබෙන්නේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් මැතිවරණ ප‍්‍රකාශයක් හෝ වෙනත් කිසිදු පත‍්‍රිකාවක් පවා නොබෙදා තිබියදී හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් වැඩි කොටසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වාසිදායක මාධ්‍ය ආවරණයක් ලබාදෙමින් තිබියදීය. අනෙක් අතට මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහන තවමත් තිබෙන්නේ අසංවිධා නාත්මක හා දුප්පත් තත්ත්වයකය. ජනාධිපති වරයාගේ ප‍්‍රචාරක වැඩසටහන තිබෙන්නේ නිර්ලෝභීව අතිවිශාල ධනයක් විසිකෙරෙන ඉතාමත් ධනවත් තත්ත්වයකය. ජනාධිපති වරයාගේ ප‍්‍රචාරක රැුස්වීම්වලට සහභාගි වන පිරිසෙන් වැඩි හරියක් පිටස්තර ප‍්‍රදේශවලින් ලංගම බස්වලින් ගෙනෙන මිනිසුන්ගෙන් සමන්විත වන බව මහජනයා හඳුනාගෙන තිබේ. විශාල ප‍්‍රචාරයක් නැතිවත් මෛත‍්‍රීපාල වෙනුවෙන් මෙතෙක් පැවැත්වුණු හැම රැුස්වීමකටම පාහේ විශාල මහජන සහභාගිත්වයක් ලැබී තිබේ.

    ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමෙන් පසුව මහජනයාට ලබාදී තිබෙන සහනවල ප‍්‍රමාණය අතිවිශාල වුවත් ඒ කිසිවක් ජනාධිපතිවරයාගේ තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවී නැති බවද පෙනේ. ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරයට මෙතෙක් කිසිදු ජනාධිපතිවරණයකදී දක්නට නොලැබුණු ආකාරයට මහා පරිමාණයෙන් මුදල් විසිකිරීමේ පිළිවෙතද මහජන විරෝධයට හේතුවී තිබෙන වැදගත් සාධකයක් වන බවද පෙනේ. මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂපාතව ගොඩනැගී තිබෙන මෙම මහජන පෙළගැස්ම ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට ඔහු සමත් වෙතොත් ජනාධිපතිවරයාගේ ඡුන්ද යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටී කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වනු ඇති බවද පෙනෙන්නට තිබේ.


    - http://ravaya.lk/?p=5213
     
    • Like
    Reactions: roma3547

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    BUMP හිටං BUMP හිටං BUMP හිටං BUMP හිටං BUMP හිටං BUMP හිටං BUMP හිටං

    01.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    දවල් හීන තමා. අටවෙනිදයින් පස්සෙ බලපං මහලොකු ජනප්රිය මයිත්රීපාලයට වෙන දේ :P මිනිස්සු ගොඩක් දැක්කාම හිතන්නෙ දින්න තමා කියල
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ උනත් ඉන්න සමහර උන් මෛත‍්‍රීපාලට අපහාස කරන්න කරන්න එතුමාගේ චන්ද වැඩි වෙනවා..:lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කල් යයි



    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ලබන 26 දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම උත්සවය හෙට (22) පෙරවරු 9.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

    එසේත් එහි අන්තර්ගත ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති මත ගැටුමක් හේතුවෙන් එය සංශෝධනය කිරීමට තීරණය වී ඇත.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතු බවට වගන්තියක් එක් කරන්නැයි ආණ්ඩුවේ 'වාමාංශික' පිරිස් දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ම, අනාගත අමාත්‍ය මණ්ඩලයේ තුල තරුණ මන්ත්‍රීවරුන් සඳහා 40%ක ප්‍රමාණයක් වෙන් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බලපෑම් කර ඇතැයි පැවසේ.

    එම යෝජනා සම්බන්ධයෙන් සන්ධාන නායකයින් මේවනවිට දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වමින් සිටින බවද වාර්තාවේ.


    - srilankamirror
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එහි ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ ආසන සංවිධායකවරුන් වෙත ලබා දී තිබෙන මුදල්වලින් බලාපොරොත්තුවන මට්ට්මේ ප්‍රචාරණයක් සිදු නොවන බවට ඇතැම් ආසන සංවිධායකවරුන්ට චෝදනා එල්ල වී තිබේ.

    ඒ අනුව වාර්තා වෙන්නේ මෙම ඇතැම් ආසන සංවිධායකවරුන් විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලබා දෙන මුදල් වියදම් නොකර හා ප්‍රචාරණ කටයුතු සිදු නොකර හිඳිමේ සිදු වීම් වාර්තා වී ඇති බවයි.

    මෙලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ආසන සංවිධායකවරයෙකු සඳහා රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදලක් ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු සඳහා ජනාධිපතිවරණය වෙනුවෙන් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් බවත් වාර්තා වේ.


    - asianmirror
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    රත්නසිරිත් හංසයෙක් සොයා යයි ?

    හිටපු අගමැති ජ්‍යේෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක තව නොබෝ දිනකින් දේශපාලන තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටී.


    ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු වාර්තා වුවද මේ වන විට එය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ද මේ සමග ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.
    මහින්ද රාජපක්ෂ පාලනයෙන් අසාධාරණයට ලක්වූ ඇමැතිවරයෙක් වු රත්නසිරි වික්‍රමනායක රාජපක්ෂ ආණ්ඩුව පත්වීමේ සිට මේ දක්වා ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක සිටියේ නැත.
    රාජපක්ෂ පවුල විසින් මොහු නොසලකා හැරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මොහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයෙක් වීම හා එවක අගමැතිවරයා වීම හේතුවෙන් බවද සදහන්වේ


    - http://sinhala.theindependent.lk/index.php/news2/7165-2014-12-21-02-06-30
     
    • Like
    Reactions: sihina kumaraya

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    කෝට්ටේ නගරාධිපති නිශ්ක්‍රිය වෙයි

    මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද පිල නියෝජනය කරමින් විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක නිරතව සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රනවක මහතා මින් ඉදිරියට කිසිඳු අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරක ව්‍යපෘතියක නිරත නොවීසිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ඔහු විසින් ගොඩනගා ඇති එක්සත් සංවර්ධන පදනම නම් සංවිධානයේ සාමාජිකයන් යොදවා පසුගිය දිනවල අකණ්ඩව පෝස්ටර් ඇලවීමේ ව්‍යාපෘතයක නිරතව සිටි අතර එම සංවිධානයේ තවත් සාමාජික සාමාජිකාවන් පිරිසක් යොදවා කැන්වසින් ව්‍යාපාරයකද නිරත විය.

    කෙසේ නමුත් මේ වනවිට එම පිරිස කැඳවා ජනක රනවක මහතා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තමන් මෙතෙක් ගෙනගිය ප්‍රචාරක ව්‍යාපෘතිය නතරකර දමන බවත් තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිවෙකු යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදෙන්නේනම් ඒ සම්බන්ධයෙන් තමන් කිසිඳු වගකීමක් නොගන්නා බවද ඔහු එහිදී පවසා තිබේ.

    තමන් මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හෝ වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු නොකරන බවද ඔවුන් හමුවේ පවසා ඇත.

    මේ වනවිට කෝට්ටේ නගරසභාවේ බලතුළනය සම තත්වයක පවතින අතර ආණ්ඩුපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්වී සිටී.


    - lankatruth
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද දයාන් ජයතිලක ලක්බිමට කියනව රාජ්‍ය නායකයා ගේ ප්‍රමුක වගකීම යනු යහපාලනය ඇති කිරීම නෙමෙයි, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම කියල. හොබ්ස් උපුටා දක්වමින්. ඔහුගේ ලිපිය කියවනකොට තේරෙනව කාටද චන්දෙ දෙන්න ඕනේ කියල. නියම rational articale එක.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    ජනාධිපතිගේ මැතිවරණ ප්‍රකාශය අවුලෙන් අවුලට!

    හෙට (22) නිකුත් වීමට නියමිතව තිබු ජනාධිපතිවරයාගේ ‘තුන්කල් දැක්ම’ මැතිවරණ ප්‍රකාශය ලබන 26 වනදා දක්වා කල් තැබීමට ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ.

    පසුගිය 19 වෙනිදා නිකුත් කරන ලද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩසටහන මේ වන විට ජනතාව අතර හොඳ ප්‍රතිචාරයක් ලබමින් තිබෙන අතර එම තත්වයට සරිලන ආකාරයෙන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශය සංශෝධනය කළ යුතු බවට ඔහුගේ මැතිවරණ කණ්ඩායම ජනාධිපතිවරයාට යෝජනා කොට ඇත.


    පොලීසිය වැඩ නොකරන මන්ත්‍රීවරු සොයයි!

    ආණ්ඩුවෙන් සල්ලි ලබාගෙන විපක්ෂයට නොගොස් ආණ්ඩුව තුල රැදී සිටිමින් තම ආසනවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නොයෙදෙන මැති ඇමතිවරුන් පිළිබඳව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට විශේෂ නියෝගයක් කර තිබේ.

    මෙවැනි ආසන සංවිධායකවරුන් 46 දෙනෙකු පිළිබඳව තොරතුරු මේ වන විට ජනාධිපතිවරයාට රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබා දී ඇත.

    මෙවැනි ‘ඇතුලේ ඉදන් අල කරන’ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ට අයත් ආසන බල ප්‍රදේශවලට විශ්‍රාමික හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු හා විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු බැගින් පත්කිරීමට ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග කොට තිබේ.

    තමා නැවත බලයට පත්වූ වහාම ආණ්ඩුවෙන් ඉවත්ව ගිය මැති ඇමතිවරුන්ට පෙර මෙවැනි ‘ඇතුලේ ඉදන් අල කරන’ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා ඔවුන්ට අදාළ සියළු ෆයිල් සූදානම් කර තබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අදාළ ආයතනයන්ට ජනාධිපතිවරයා පුද්ගලිකව දැනුම් දී ඇත.


    ‘ඇත්ත රිපෝට් දීලා මට ආයිත් ගුටි කන්න බෑ’ – SIS ප්‍රධානී කියයි!

    ‘ජනාධිපති තුමාට අපි ඇත්ත රිපෝට් දෙන්නෙ එතුමා දුර්වල තැන්වල වැරදි හදාගෙන ඉස්සරහට එන්න. නමුත් එතුමා ඒක තේරුම් ගන්නෙ අපි වැරදි වැඩක් කරන විදිහට. අපිටත් පුළුවන් වටේ ඉන්න එවුන් වගේ ඔබතුමා 65%ක් ගන්නව කියල අන්දවන්න. ඒකෙන් කෙල වෙන්නෙ එතුමාටමයි. අපි මේ වාර්තා මාධ්‍යන්ට දෙන්නෑ. ඒවා මාධ්‍යන්ට ලීක් කරන්නෙ එතුමගෙ වටේ ඉන්න අය. සමහර විට පොලිස්පතිත් ඕවා එළියට දෙනව ඇති. අපි වැඩි හොඳ කරන්න ගිහිල්ලා අන්තිමට ගුටිත් කනව.’ යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පසුගියදා තම බුද්ධි අංශයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු හමුවේ පවසා තිබේ.


    වාකිෂ්ඨ මහතා සහ බුද්ධි අංශ නිලධාරීන් අතර ඉහත සාකච්ඡාව ඇතිවී ඇත්තේ රටතුල පවතින යථා තත්වය ජනාධිපතිවරයා හට වාර්තා කරන්නේ කවර ආකාරයෙන්දැයි මතු වූ ගැටළුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය.



    එම සාකච්ඡාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් වාකිෂ්ඨ මහතාට පෙන්වා දී ඇත්තේ මේ වන විට රටතුල පවතින තත්වය ජනාධිපතිවරයාට කිසිසේත් හිතකර නොවන බවයි. නමුත් පවතින තත්වය ඒ ආකාරයෙන් ජනාධිපතිවරයාට වාර්තා කළ හොත් නැවත වතාවක් තමන්ට ජනාධිපතිවරයා පහර දෙනු ඇතැයි බියක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තුල පවතී.

    ‘රටේ මොන තත්වෙ තිබ්බත් ඇත්ත කියන්න ගිහිල්ලා මට ආයිත් ගුටි කන්න බෑ. ඔය ෆිගර්ස් එහාට මෙහාට කරල තනුක කරල ජනාධිපතිතුමා සැනසෙන වාර්තාවක් හදමු. කරන්ඩ දෙයක් නෑ කෙලවෙනකන් අපිත් නලවමු’ යනුවෙන් කියමින් සාකච්ඡාව අවසන් කර ඇති රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිය නවතම වාර්තාවත් රැගෙන හෙට අනිද්දාම ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.


    ‘බැසිල්ට ප්‍රචාරයක් දෙන්න එපා’ - චරිත හේරත්ගෙන් නියෝගයක්

    ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුමෙන් මේ වන විට කැපී ගොස් සිටින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාට රාජ්‍ය මාධ්‍ය තුලින් සහ රජයට හිතවත් පුද්ගලික මාධ්‍ය තුලින් කිසිදු ආකාරයක ප්‍රසිද්ධියක් නොදෙන ලෙස ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා නියෝග කර ඇත.

    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා බැසිල් අමාත්‍යවරයාගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකි. නමුත් ඔහුට ඊට ඉහලින් නියෝග ලැබී ඇත්තේ බැසිල් ඇමතිවරයාගේ තටු තවදුරටත් කප්පාදු කරන ලෙසයි.

    පවතින තත්වය හමුවේ බැසිල් අමාත්‍යවරයාගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම සම්පූර්ණයෙන්ම අක්‍රීය වී සිටී. මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරය ඔහුගේ පුතුන් තිදෙනා


    - lankanewsweb
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    බස්රථ විතරයි ‍සෙනග නැහැ

    අද (21) බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචාරක රැලි ගණනාවකට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ අතර පොදු මගීප්‍රවාහන පහසුකම් සියල්ලම මේ නි‍සා බිඳවැටී තිබිණ.

    හාලිඇල, වැලිමඩ, ඌව පරණගම, හපුතලේ යන මැතිවරණ කොට්ඨාසවල මහින්ද රාජපක්ෂ මහතාගේ එම ප්‍රචාරක රැලි පැවැත්වීය. මෙයට දිස්ත්‍රික්කයේ ඇති සියළුම ලංගම බස්රථ යොදාගෙන තිබුණු අතර නුවර එළිය, හැට්න් සහ මාවනැල්ල ඩිපෝවල බස්රථද යොදවා තිබිණ. වැලිමඩ බදුල්ල සහ බණ්ඩාරවෙල නගරවල සිට ආරම්භවන දුර ගමන් සේවා බස්රථද එම රැලිවලට සෙලනග ප්‍රවාහනය කිරිම සඳහා යොදවා තිබිණ.

    එසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ එම රැලිවලට අපේක්ෂකළ ප්‍රමාණයෙන් 40%ක් පමණ පිරිසක් පමණක් සහභාගී වු බව පොලිස් ආරංචිමාර්ග සඳහන්කරයි.


    - lankatruth
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.21, ප.ව.7.45) ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ.

    ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි

    කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත.

    එතනෝල් ජාවාරම් කාරයන්ට එරෙහිව රාජපක්ෂ පවුල පරාජය කරන්නට පෙරමුණ ගනිමු යැයි සටන් ආරම්භ කරමින්, සටනට මෛත්‍රීපාල එළියට බසින්නේ නම් ඔහු ලඟ පපුව ගෙනැවිත් තබනවා යයි අවසාන මොහොතේදී ද පොරොන්දු වී ඒ සියල්ල රාජපක්ෂලාගේ කෝටි කිහිපයක මුදලකට සහ බීඑම්ඩබ්ලිව් කාර් රථයකට පාවා දී පසුව ‘අප්පච්චි හීනෙන් පේනවා‘ යයි හඬා වැටෙන දඹුල්ලේ තෙන්නකෝන්ලා වැනි දීනයන්ද,

    එජාපය දිනවීමට 12000 කගේ සාමාජික හමුදාවක් හදනවා යැයි වහසි බස් දොඩමින් සිට ඒ සියළු නාම ලේඛන ලැයිස්තුද රැගෙන රාජපක්ෂට ගෙන ගොස් දෙමින් මෙතෙක් කලක් රට විනාශ කරනවා යි කී රාජපක්ෂ පවුලෙන් කෝටි ගණනක් සහ ඇමැතිධූරයක් රැගෙන රට ජනතාව පාවා දෙන අත්තනායකලා වැනි නීචයන්ද,

    සුදු පිරුවට හැඳ රට ජාතික ආගම වෙනුවෙන් දිවි පිදීමට සූදානම් යැයි කියා ඒ සියල්ල එක රැයකින් රාජපක්ෂගේ මුදල් මිටියකට පාවා දෙන ගම්මන්පිල වැනි ගෙම්බන්ද,

    කැටගොඩලා වැනි අසූචි ගොඩවල්ද

    සිටින මේ ශ්‍රී ලංකා දිවයිනේ සංගක්කාර වැනි ශ්‍රේෂ්ඨයන් ද ජීවත් වීම නිසා යුක්තිය සාධාරණය ගරු කරන මිනිසුන්ට වෙන කිසිවක් නැතත් තව දුරටත් ජීවත් වීමට ධෛර්යය ලැබේ. ගුණ ගරුක සත්‍යවාදී මනුෂ්‍යයා ජීවත් වන්නේ හුදු ආහාරයෙන් පමණක් නොවේ. තවත් සත්‍යවාදී ගුණ ගරුක සුවඳක හුස්මක් තමන්ගේ පෙනහළු වලට උරා ගැනෙන්නේ නම් පමණි. කිසිදු කැමරාවක් ඉදිරියේ නැතිව මහා බලගතු මන්දිරයක, මහා බලගතු යැයි කියන පුද්ගලයෙක් අභියස, තනියම, සංගක්කාර මේ රටට මුසු කෙළේ එම සත්‍යවාදී ගුණ ගරුක සුවඳය.

    සංගක්කාර සත්‍ය වීරයෙකි...! සත්‍ය වීරයෙක් වීම ලේසි පහසු නැත..!!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    ජනාධිපතිවරණ දෙවන බුද්ධි අංශ වාර්තාව මරා අතට: මරාට 45% යි මෛත්‍රීට 53.1% යි: ගමේ මතය වෙනස් වෙලා

    (ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.22, ප.ව.10.50) ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට මහජන මතය කුමක්දැයි රාජ්‍ය බුද්ධි සේවය (පොලිස් SIS) විසින් සිදුකරන ලද දෙවන වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී බාර දී තිබේ.

    එහි දැක්වෙන අන්දමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට කැමැති මහජනතාව 53.1 % ක්ද, මහින්ද රාජපක්ෂට කැමැති මහජනතාව 45% ක්ද වේ. රාජ්‍ය බුද්ධි සේවය දුන් පළමු වාර්තාවේ දැක්වූයේ මෛත්‍රීට 52.8 % කි. දෙවන වාර්තාවෙන් එය වර්ධනය වී තිබේ. (එස්අයිඑස් ප්‍රධානී චන්ද්‍රා වාකිෂ්ඨ මහින්ද රාජපක්ෂගෙන් පහර කෑමට ලක්වූයේ ප්‍රථම වාර්තා ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.)

    මේ සමගම හමුදා බුද්ධි අංශ වාර්තාවක් ද ලබා දී ඇති අතර එහි දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂට වඩා මෛත්‍රීපාල සිරිසේන 10% ක් ඉදිරියෙන් සිටින බවයි. හමුදා බුද්ධි අංශය දුන් ප්‍රථම වාර්තාවේ සඳහන් වූයේ එම ගණන 9% ක් ලෙසය. හමුදා බුද්ධි අංශ දෙවන වාර්තාවෙන්ද මෛත්‍රී පළමුවැන්නට වඩා සියයට එකක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

    වාර්තා දෙකින්ම පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට ගම් මට්ටමේ තිබූ වාසිය අහිමී වී යන බවත් විපක්ෂ මතවාදය ගම කරා සීඝ්‍රයෙන් ගලා යන බවයි.

    මෙම වාර්තා ලැබීමෙන් පසුව මහින්ද රාජපක්ෂ දැඩි සේ කෝප වී ඇති අතර ඉන්පසුව ඔහුගේ පෞද්ගලික කාර්ය මන්ඩලයට පවා කිසිදු හේතුවකින් තොරවම තිත්ත කුණු හරුපයෙන් බැන වැදී ඇත. ඔහුගේ නිල සම්බාහන වෛද්‍යවරයාටද ඔහුගේ නිල මුහුණ පේෂල් කරන ශිල්පියාටද තිත්ත කුණු හරුපයෙන් බැන වැදී ඇති අතර දිගින් දිගටම මෙය ඉවසා ගත නොහී පේෂල් ශිල්පියා රාජපක්ෂ සේවයෙන් අද ඉවත්ව ගියේය. (ඔහුගේ නම දන්නා නමුත් ප්‍රසිද්ධ කිරීමෙන් වළකිමු) සම්බාහන වෛද්‍යවරයාද සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි කියන නමුත් තවමත් ඉවත් වී නැත.

    මේ අතර මහින්ද රාජපක්ෂ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ද මෙතෙක් ඉතා සන්සුන් භාවයකින් ක්‍රියා කළ නමුත් මේ වන විට ඔහුද ඔහුගේ නායකයා මෙන්ම කෝප වී කුණු හරුපයෙන් තමා යටතේ සේවය කරන අයට බැන වැදීම ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.