කඩවසම් බව යනු සාමාන්‍යයෙන් පිරිමියෙකු හට වාසිදායක තත්ත්වයක් උදාකළද, එය පරහක් වී රටින් පිටුවහල් කිරීමට හේතුවක් වූ පුවතක් සෞදි අරාබියෙන් වාර්තා වේ.
සෞදි අරාබියේ රියාද් අගනුවර පැවැත්වෙන වාර්ෂික සංස්කෘතික උළෙලකට සහභාගී වීමට එක්සත් එමීර් රාජ්‍යයෙන් පැමිණි පිරිමින් තිදෙනෙකු මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
එලාෆ් නම් අරාබි පුවත්පතේ වාර්තා කර ඇති ලෙස, මොවුන් තිදෙනා කඩවසම් වැඩි හෙයින් කාන්තාවන් ඔවුන්ට ආකර්ෂණය වේ යැයි පවසමින් සෞදි අරාබියේ ආගමික හමුදා විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරට පිටුවහල් කර තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.
උපුටාගැනීම:http://srilankamirror.lk/sinhala/world/7698-saudi-arabia-deports-3-men-for-being-too-handsome



