මොකක්ද බං උන්ඩියල් කියන්නෙ

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    The "hawala" or "undiyal" transfer system allows migrant workers to remit funds, usually cash in the currency they earn in is given to a middleman who in turn ensures that the person's family in Sri Lanka receives the equivalent amount in rupees.

    හවාලා’ කියන්නෙ අරාබි වචනයක්. ‘හුවමාරු කිරීම’ වැනි අදහසක් තමයි එයින් ඇඟවෙන්නේ. ඒ වගේම අතීතයේ පටන් රටකින් රටකට අවිධිමත් ලෙස මුදල් යැවීමට උපයෝගී කර ගත් ක්‍රමයක් හඳුන්වන්නත් ‘හවාලා’ යන වචනය භාවිත වෙනවා. බැංකු පද්ධතිය මග හැර කෙරෙන මේ මුදල් යැවීමේ ක්‍රමය විවිධ රටවල නොයෙක් නම්වලින් හඳුන්වනවා. ‘උන්ඩියල්’ කියන්නෙත් එම ක්‍රමය හඳුන්වන තවත් නමක්.

    හැබැයි මේ ක්‍රමය නීත්‍යනුකූල මුදල් හුවමාරු ක්‍රමවේදයක් නෙමෙයි. අවම කාලය, හුදු පහසුව, ලියකියවිලි ගොඩක් පිරවීමට සිදු නොවීම, අඩු වියදම වගේම රහස්‍යභාවය රැක ගත හැකි වීම හවාලා ක්‍රමය යොදාගෙන රටකින් රටකට මුදල් යැවීම ජනප්‍රිය වීමට හේතු ලෙස හඳුනාගෙන තියෙනවා. ඒත් මෑත කාලයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ආධාර දීමට වගේම විවිධ අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදල් යැවීමටත් හවාලා ක්‍රමය වැඩිපුර යොදා ගැනෙන නිසා මෙහි අවාසිදායක පැති ගැන අවධානය යොමු වෙලා තියෙනවා.

    හවාලා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. අපි හිතමු නිමල් කියන්නෙ ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඔහුට අවශ්‍ය වෙනවා මීගමුවෙ සිටින තම දෙමව්පියන්ට මුදල් යැවීමට. නිමල් ගිහින් ඉතාලියෙ හවාලා ක්‍රමය පවත්වාගෙන යන පුද්ගලයෙක් (මේ අය ‘හවාලා දාර්’ ලෙස හඳුන්වනවා) මුණ ගැසී යූරෝ 100ක් දීලා තමන්ගෙ තාත්තාගෙ නම සහ ලිපිනයත් දීලා ලංකාවට එම මුදල් යවන ලෙස ඉල්ලා සිටිනවා. ඒ හවාලා දාර් තමයි දිමිත්‍රි. රහස් අංකයක් සමග ලංකාවෙ ව්‍යාපාරයක් කරන නොයෙල් කියල පුද්ගලයෙක්ගෙ දුරකථන අංකයයි, ලිපිනයයි එයා නිමල්ට දෙනවා. මේ නොයෙල් කියන්නෙ ලංකාවෙ ඉන්න හවාලා ඒජන්තකරු හෙවත් හවාලා දාර්. දැන් දිමිත්‍රි නොයෙල්ට පණිවුඩය දුන්නහම යූරෝ 100ට සමාන රුපියල් ප්‍රමාණය නොයෙල් විසින් නිමල්ගෙ තාත්තට ලැබෙන්න සලස්වනවා. අර රහස් අංකය ඉදිරිපත් කරල නොයෙල් හමු වෙලා මුදල් ගන්න තාත්තට පුළුවන්. නැත්නම් නොයෙල් විසින් අදාළ මුදල නිමල්ගෙ තාත්තගෙ ගෙදරටම ගිහින් භාර දීමේ ක්‍රමයකුත් තියෙනව.

    හැබැයි ගැටළුව තමයි මේ ක්‍රමයේදී බැංකුවක් හරහා මුදල් එවන විට වගේ සුරක්ෂිතභාවයක්, වගකීමක් හෝ කිසිම සහතිකවීමක් නොමැති වීම.

    බැංකුවක් හරහා එව්වා නම් නිමල්ගෙ තාත්තට පුළුවන් විදේශ මුදලින්ම ඒ සල්ලි ටික ඉතුරු කරගන්න. ඒත් හවාලා ක්‍රමයෙන් ලැබෙන්නෙ රුපියල් නිසා රටේ විදේශ විනිමය වැඩිවීමක් වෙන්නෙත් නැහැ. මුළු ගානම අතට ලැබුණහම වියදම් වෙන නිසා ඉතුරුවකුත් නැහැ. මුදල් එවීම හෝ එවන මුදල් ප්‍රමාණය පිළිබඳ නීත්‍යනුකූල තහවුරු සටහනක් ලැබෙන්නෙත් නැහැ.

    දැන් අර හවාලා දාර්ල කොහොමද ගනුදෙනු පියව ගන්නෙ?

    දිමිත්‍රි විසින් ලංකාවෙ නොයෙල්ට එවිය යුතු යම් මුදලක් තියෙනව නම් නොයෙල් කරන්නෙ ඒ ගණනින් අර නිමල්ගෙ තාත්තට ගෙවපු මුදල අඩු කර ගන්නව. විවිධ රටවල සිටින දාර්ලාගේ ගනුදෙනු පියවාගැනීමක් තමයි මෙහිදී වක්‍රාකාරව සිදුවන්නේ. මේ කියන ගනුදෙනු බොහොමයක් නීති විරෝධී ගනුදෙනු විය හැකියි. උදාහරණ ලෙස මත්ද්‍රව්‍ය, අවි ආයුධ, මූල්‍ය වංචා වැනි දේට අදාළ ගනුදෙනු මෙහිදී පියවෙන බව හෙළි වී තිබෙනවා. මුදල් රට තුළට එවීමට වගේම නීති විරෝධීව රටින් පිටට යවන්නත් මේ හවාලා ක්‍රමය භාවිතා වෙනව. ඒක විදේශ විනිමය නීති උල්ලංඝනය කිරීමක්. ආනයන අපනයන ගනුදෙනුවලදී වංචනික ලෙස බදු මුදල් පැහැර හැරීම (under-invoicing) සඳහාත් මේ ක්‍රමය යොදා ගැනෙනවා. එයින් රටකට විශාල විදේශ විනිමය පාඩුවක් සිදු වෙනවා.

    තමන් මුදල් යැවූ ආකාරය පිළිබඳ ලිඛිත සාක්ෂි නැති වීමෙන් බොහෝ ගැටලු උද්ගත වෙන්න පුළුවන්. හවාලා ක්‍රමයේ ප්‍රධාන අහිතකර ආර්ථික සාමාජීය ප්‍රතිවිපාක තමයි රටට ලැබිය යුතු බදු මුදල් අහිමි වීම, විදේශ විනිමය නොලැබී යාම සහ ත්‍රස්තවාදී අපරාධ කල්ලිවලට වාසි ලැබීම. මේ දිනවල අපේ රටට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන විදේශ විනිමය නොලැබී යාම හවාලා ක්‍රමය නිසා සිදු වන ප්‍රධාන ආර්ථික අවාසියක්. ඇතැම් වාර්තා සඳහන් කරන විදියට මෙවැනි නීත්‍යනුකූල නොවන ක්‍රම හරහා ලැබෙන මුදල් බැංකු පද්ධතිය හරහා එන මුදලටත් වඩා වැඩියි.

    අර කලින් කියපු හවාලා දාර්ලා වෙනත් ව්‍යපාර කරන මුවාවෙන් තමයි මේ කටයුතු කරන්නෙ. පොඩි කඩ, දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන වගේ ව්‍යාපාරවලට වසන් වෙලා තමයි හවාලා ක්‍රමය පවත්වා ගෙන යන්නෙ.

    2010 වසරේ නිව්යෝර්ක් චතුරශ්‍රයට එල්ල වුණු බෝමබ ප්‍රහාරයට මුදල් ලැබුණේ අයිස් ක්‍රීම් කඩයක් පවත්වාගෙන හවාලා ව්‍යාපාරිකයෙක් හරහා බව පරීක්ෂණවලින් අනාවරණය වුණා. ‘බොකෝ හරාම්’ සහ ‘අල් කයීඩා’ වැනි සංවිධානත් ත්‍රස්ත ප්‍රහාර සඳහා අවශ්‍ය මුදල් හවාලා ක්‍රමය මගින් ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනව.

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත’ (Financial Transaction Reporting Act) යටතේ සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමෙන් විවිධ ව්‍යාපාර මුවාවෙන් කරන හවාලා ගනුදෙනු නීතියේ රැහැනට හසු කළ හැකියි. වරෙක Financial Action Task Force කියන අන්තර් ජාතික සංවිධානය අපේ රට ඔවුන්ගේ වර්ග කිරීම් යටතේ අළු පැහැ ලැයිස්තුවට (Grey List) දැමීමටත් හවාලා වැනි ක්‍රම මෙරට ක්‍රියාත්මක වීම හේතුවක් වුණා. මෙවැනි දේ නිසා රට අපකීර්තියට ලක් වෙනවා වගේම ආනයන අපනයන ඇතුළු අන්තර් ජාතික ගනුදෙනුවලටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා.

    මහජනතාව මේ පිළිබඳව දැනුවත් වී මුදල් එවීමේ සහ යැවීමේ කටයුතු නීත්‍යනුකූල ක්‍රම හරහාම සිදු කළ යුතුයි. දැන් දියුණු තාක්ෂණයත් යොදාගෙන බැංකු හරහා ඉක්මනටත්, පහසුවෙනුත්, ආරක්ෂිතවත් මුදල් එවීමේ ක්‍රම බොහොමයක් තියෙනවා. එවැනි ගිණුම් වර්ග පිළිබඳව පසුගිය ලිපියේ සඳහන් කළා. මුදල් ප්‍රේෂණ ක්ෂේත්‍රයේ තරඟකාරී බව වැඩි කිරීමෙන් මුදල් එවීමේදී ගෙවිය යුතු කොමිස් ගාස්තු අඩුකර ගත හැකියි. ජනතාව දැනුවත් වී හවාලා වැනි නීත්‍යනුකූල නොවන ක්‍රම භාවිතයෙන් වැළකීමෙන් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වල කටයුතු අඩපණ කිරීමට දායක වීමටත් පුළුවන්.

    හුදු පහසුව පසුපස සැඟවුණු දරුණු අවදානම වටහා ගන්න! දුරු රටක වෙහෙසී උපයන මුදල් මව් රටේ ප්‍රගතිය වෙනුවෙන්ම මිස අගතියකට යොදා ගැනීමට ඇති ඉඩ අහුරාලිය යුතුයි. මේ අපේ රටේ ආර්ථික අභියෝග ජය ගැනීමට ඔබෙන් එබඳු දේශප්‍රේමීත්වයක් අවැසිම කාලයයි

    https://www.colombotelegraph.com/index.php/nishadi-tennakoon-24-april-2021/

    AnuradhaRa

    Well-known member
  • ඒත් හවාලා ක්‍රමයෙන් ලැබෙන්නෙ රුපියල් නිසා රටේ විදේශ විනිමය වැඩිවීමක් වෙන්නෙත් නැහැ.

    පිටරටින් වත්කමක් ලැබුණ පලියට විදේශ විනිමය කියන්න බැරිද එතකොට? විදේශ මුදලක්ම වෙන්නෝනද?
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93

    බොහොම හොඳ ලිපියක්. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව හවාලා, උන්ඩියල් ප්‍රවර්ධනය කරන ආකාරයත් සඳහන් උනානම් තවත් වටිනවා :lol:
     
    • Haha
    Reactions: nidarsha91

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මං හිතං හිටියෙ රෝල් කරල පුක මැද්දෙ ගහ ගන්නව කියල
    සවුත්තු වර්ඩ් එකක්නෙ
    රුපියල් දීලා ඩොලර් ගන්නකොට තමයි එහෙම කරන්නෙ🤭
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    thambi innawa rata ratawala, un e rate currency aran mehe inna unge ewunta kiyala rupees ape account ekata danawa.
    godak kudu business karana un inne game eke