මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ

    වාහනයක රියදුරෙකුට තම වාහනයේ දෙපැත්තෙන් පසුපස බැලීමට සයිඩ් කන්නාඩි තිබෙනවා. ඒ වගේම පසුපස බලන්නට තවත් කන්නාඩියක් වාහනය ඇතුලේ තියනවා. දැන් කාලේ වාහන වල පසුපස සවි කල කැමරාවක් තිබෙන නිසා වහනය රිවස් කිරීම පහසුයි. අපි දන්නවා මුහුදේ දිය යටින් ගමන් කරන සබ්මැරීන්. මේවා දිය යටින් ගියත් වරින් වර දිය මතුපිටට පෙරිස්කෝප් එක යොමු කර අවට තත්වය සොයා බලනවා. හැබැයි වර්තමානයේදී චන්ද්‍රිකා තාක්ෂණය නිසා එසේ පෙරිස්කෝප් එක පාවිච්චි කරන වාර ගණන ඉතාම සීමිතයි.


    පෙරිස්කෝප් එකේ සරලම නිපැයුම කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1430 දී පමණ. මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමුඛයකු වූ ගුටෙන්බර්ග් තමයි මේ මූලික නිපැයුම කර තිබෙන්නේ එය ඉතාම සරල නිපැයුමක්. ඔහු මෙය හැදුවේ සෙනග රැස්වන ආගමික උත්සව වලදී එය හරිහැටි බලාගැනීමට (ඉදිරියෙන් සිටින අයගෙන් වැසෙන නිසා) අධාරක උපකරණයක් ලෙස. මෙන්න එහි පිළිවෙත.

    periscope-simple-make.png


    periscope-professional.png


    මුලින්ම තියෙන්නේ අංශක 45 කෝණයකට, ටියුබ් එකක් තුල තැන්පත් කරන ලද, කන්නාඩි කෑලි දෙකක් මගින්, ඉදිරි භූමිය නිරීක්ෂණය වන ආකාරට සකසන ලද සරල ඇටවුමක්. දෙවැනි රූපයෙන් දැක්වෙන්නේ එම ටියුබය තුල කාච සවි කර කන්නාඩි වෙනුවට ප්‍රිස්ම යොදවා කරන ලද වඩාත් වෘත්තීය මට්ටමේ පෙරිස්කෝප් එකක්. අදනම් අපට සී.සී.ටී.වී කැමරා තිබෙනවා. නමුත් අදටත් පෙරිස්කෝප් උපකරණය සබ්මැරින් වල පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ පෙරිස්කෝප් එකක් සබ්මරිනයකදී පාවිච්චි කරන ආකාරය සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘නෝත් කැරොලිනා’ නමැති න්‍යෂ්ටික සබ්මැරීනය. මෙහි පෙරිස්කෝප් ක්‍රමයට අමතරව තවත් විකල්ප ක්‍රම රාශියක් තිබෙනවා.

    periscope.jpg

    0aobfk4.jpg

    periscope-1.jpg

    north-carolina.jpg


     
    Last edited: