මොකක්ද මේ සින් එක?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ඕකට කියන්නේ sky burial කියලා
    ටිබෙට් රටේ සම්ප්‍රදායක් .
    මිනිහෙක් මැරුණම ගිජුලිහිනියන්ට කන්න දෙනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    3.png


    2.jpg



    ටිබෙට් රටේ සීන් එකක්

    Sky Burial Ceremony

    Sky burial is a traditional funeral rite for the Tibetan people. After death, the corpse is taken to the designated place for the vultures (or other carnivorous birds, mammals, etc.) to devour.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ මේ ජොබ් එක කරන්න තලගොයා ,කබරගොයා
    වෙන සත්තුන්ට කන්න බැරි නරක් උන මල කුණු කන නිසා සතෙක් මැරුණම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නවතින නිසා හැදෙන විෂබීජ පැතිරිලා මල කුණ නිසා ලෙඩ බෝ වෙන එක වලකිනවා .


    මුන්ට ඕන විෂබීජයක් කන්න පුළුවන් ඒත් වගා වලට දාන වස & සත්තුන්ට කන්න දෙන විස තීන දේවල් නිසා මුන් වඳ වෙනවා




     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Sky Burial. ඕක ගැන පෝස්ට් එකක් දැක්කා උදෙත්.

    Sky burial එකක වීඩියො එකක් ශෙයාර් වෙනවා දැක්කා. ඒකේ ගිජුළිහිණියො කාලා ඉවර කරපු ඇටසැකිල්ලක ඉතුරු ටික කපලා නැවත ලිහිණින්ට දෙන එකක් පේන්නේ. මේ sky burial මෙතඩ් එක ප්‍රසිද්ධ වෙන්නේ තාමත් මේක තිබ්බතයේ ඉතිරිවෙලා තියෙන නිසා. තිබ්බතය සහ මොංගෝලියාවේ ප්‍රදේශ කිහිපයක ඔය වැඩේ ඉතිරි වෙලා තියෙනවා. මේ කලාපයට sky burial සම්ප්‍රදාය එන්නේ වජ්‍රයාන බුදු දහමෙන්. වජ්‍රයානයේදි ශරීර කූඩව කියන්නේ සංසාරයේ විවිධ අවස්ථා අතර ගමන් කිරීමට අවශ්‍ය යාත්‍රාවක් විදිහටයි දකින්නේ. ආත්මය හැර ගියාට පස්සේ ඒකෙන් ඇති වැඩක් නෑ.. කෑලි කරලා සත්තුන්ට කන්න දෙනවා. වජ්‍රයානයේ ඔය sky burial වැඩේ එන්නේ ගෙඩක් පස්සේ කාලෙක. වජ්‍රයානයට හා මුල් බුදුදහමට වඩා සෑහෙන පැරණි ආගම් හා දර්ශනවල ඔය සම්ප්‍රදාය භාවිතා කෙරුනා. ඒ අතරිනුත් ලෝකයේ අතිශයින්ම පැරණි ආගමක් වෙන සොරස්ත්‍රියානු දහමේ තමයි sky burial එක දරුණුවටම තිබුනේ. සොරස්ත්‍රියානු දහම අදහහන්නේ පැරණි පර්ශියන්වරු. ඉස්ලාම් ආක්‍රමණ ආවට පස්සේ මේ සොරස්ත්‍රියාන් දහම අදහපු අය (පාසි) පර්ශියාවෙන් සංක්‍රමණය වෙනවා. වැඩි හරියක් එන්නේ ගුජරාට් වලට. සුළු කණ්ඩායම් ලංකාවටත් එනවා. දැනුත් පාසි ජනයා අතලොස්සක් ලංකාවේ ජීවත් වෙනවා. ප්‍රසිද්ධ දේශපාලනික නමක් තමයි චොක්සි. චොක්සිලා අයිති වෙන්නෙත් ඔය ලංකාවේ පාසි කමියුනිටියට.

    ආයේ කතාවට ආවොත් ඉන්දියාවට පාසි ජනයා අවම sky burials දිගටම කරගෙන ගියා. ඉන්දියාවෙත් ගිජුළිහිණි ඉන්නවා මේ මියගිය සිරුරු ආහාරයට ගන්න. ඇයි ගිජුළිහිණිම මේකට මුලික වෙන්නේ ? හේතුව තමයි ගිජුළිහිණි කියන්නෙ කුණප බුදින්න දැඩි අනුවර්තන දක්වන පක්ෂි විශේෂයක් වීම. ගිජුළිහිණින්ගේ ආමාශයික අම්ල අතිශයින්ම ප්‍රබලයි. මේවට පුළුවන් ඇටකටු වුනත් දියකරලා දාන්න. මේවයේ pH අගය 1 ට අඩුයි. ආම්ලිකතාව ගැන ඒකෙන් හිතාගන්න පුළුවන්නේ. ඇටකටු වගේ දැඩි දේවල් ජීර්ණය කරනවා ඇරෙන්න තව ද්වීතීක කාරණාවක් මේකෙන් වෙනවා. ඒ තමයි කුණප බුදීමේදි ශරීරගත වෙන බැක්ටීරියා වර්ග විනාශ කිරීම. දැන් කොහොමෙන් හරි ඉන්දියාවේ සොරෙස්ත්‍රියානු සම්ප්‍රදාය කරන් ආවට අනුව දශකයේ මුල් භාගයේදි ඉන්දියාවේ ගවයින්ට ඇතිවෙන රෝගයකට Diclofenac ඖෂධය භාවිතා කරනවා. මේත් එක්කම මැරිලා යන ගවයන් ගිජුළිහිණින් ආහාරයට ගන්නවා. ඒකෙන් වෙන්නේ ගිජුළිහිණින්ගේ වකුගඩු අකර්මණ්‍ය වෙලා මරණයට පත්වීම. අනුගනන්වල මේ හුටපටය නිසා ඉන්දිියාවේ ගිජුළිහිණි 90% විතර වඳවෙලා යනවා. ඒකෙන් සිද්ධ වෙන අතුරුඵලය තමයි සොරස්ත්‍රියානු sky burial සම්ප්‍රදාය තවදුරටත් ඉන්දියාව තුල කරගෙන යන්න බැරිවීම. බැහැර කරන මළකුණක් පැයක් දෙකක් ඇතුලත ආහාරයට ගන්න ගිජුළිහිණින්ගේ තැන ගන්න වෙන කිසිම කුනප බුදින්නෙක් නැති වීම. අද වෙද්දි ඉන්දියාවේ සොරස්ත්‍රියාන්ස්ලා මේ හේතුව නිසා sky burial සම්ප්‍රදායෙන් බැහැර වෙලා ඉන්නේ.

    Sky burial සම්ප්‍රදාය ගැන සෑහෙන ඉන්ට්‍රෙස්ටඩ් නිසා (පෞද්ගලිකව මම යන්න කැමතිම විදිහ) ඔක ගැන හොයද්දි ලංකාවේ පාසි කමියුනිටි එකත් ඕක කලා කියලා අහන්න ලැබුනා. නමුත් එතනින් එහාට විස්තරයක් දන්නෙ නැහැ. එතන ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ලංකාවේ ඒ සම්ප්‍රදාය තිබුනානන් ගිජුළිහිණි නැති (වේග්‍රන්ට් රෙකෝර්ඩින්ස් ඇරෙන්න) නිසා ඒක වුනේ කොහොමද කියන එක..

    Don Supz
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,947
    113
    මේක ටිබෙට් බුදු දහමෙ චාරිත්‍රයක්, මෙකෙන් අදහස් කරන්නෙ මර්ණයෙදීත් අනයගේ සුභසිද්ධිය පිණිස දානය කරුණාව පැතිරවීම

    මෙ චාරිත්‍රය ලංකාවෙ ජීවත්වෙන ඉතා කුඩා ජනසංඛ්‍යාවක් වන පාර්සි ජනයාත් (Parsi people) සිද්ධ කරනවා, Colombo 7 වල පාර්සි ආගමික ස්ථානයක මේ චාරිත්‍රය සදහා ස්තානයක් පවත්වාගෙන යනවා. ගිජිලිහිණියන් ඇතිකරනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    3.png


    2.jpg



    ටිබෙට් රටේ සීන් එකක්

    Sky Burial Ceremony

    පුලුවන්නම් ලොම්සං රම්පාගේ දිබ්බ චක්ඛු පොත කියවන්න. තෙවන ඇස කියලත් ඒකම පරිවර්තනය උනා. විස්තර ගොඩක් හම්බෙයි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    mata mathaka na
    documentry eke nam

    eke thibba me scene eka.
    pahadili karanwa ethana kenek niwedakayata,


    matanam marunama saththunta kanna denna wenwata wada asaa wadak gannaa puluwan dewal tika thawa manussayekta deela ithuru tika medical collage ekata denna, :D
     
    • Like
    Reactions: NRTG