2006 දී දැන ගත්තේ එළකිරි එක ගැන. ඉස්සෙල්ලම ආවේ සින්දු ගන්න. පස්සේ තමයි ෆෝරම් එක ගැන දැනගත්තේ. ඒ කාලේ gallezone එකයි මේකයි තමයි සින්දු ඩවුන්ලෝඩ් කරන්න තිබ්බේ. සිංහලඑම්පීත්‍රී කියලත් එකක් තිබ්බ. මියුසික් ඩොට් එල්කේ උනේ ගෝල්සෝන් එක නේද?
BMICH එකේ තිබ්බ exhibition එකක එළකිරි එකේ ස්ටෝල් එකකුත් තිබ්බා.
ඉස්සර ටීවී රේඩියෝ චැනල් වලත් ප්ලේ කරන්න සින්දු ගත්තේ එළකිරි එකෙන්. ටීවී එකේ රේඩියෝ එකේ සින්දු යද්දී මැදින් එළකිරි ඩොට් කොම් කියලා කියනවා. 2009 , 2010 වගේ වෙනකං එහෙම තමයි. යුට්යුබ් එන්න කලින් මේක තමයි තැන සින්දු ගන්න.
ඉස්සර එළකිරි එකේ ඇලෙක්සා රෑන්ක් අනුව ලංකාවේ ටොප් තුන හතරටත් ආවා නේද?
සිරාජ්, අතුල සිරිවර්ධන, සචි ඔය වගේ යාලුවෝ හිටියා ඒ කාලේ. දැන් අවුරුදු 20 කට කිට්ටුයි නේද බලාගෙන ගියාම.
ජිටිආර්ඉසෙඩ්ගේ විශේෂ ඉල්ලීමක් පරිදි පිටසක්වල ජීවින් හොයාගෙන ගියපු වීඩියෝ එක මතකද?