මොකක්ද මේ wordpress සහ ඒකෙන් මොනවද කරන්න පුළුවන්? What is WordPress and What we can do with WordPress?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Introduction to WordPress - WordPress හැදීන්වීම

    maxresdefault.jpg

    ගොඩක් දෙනෙක්ට සමහර දේවල් ඉගෙනගන්න බැරි වෙන්නෙ ඒ දේවල් පිළිබදව මූලික දැනුමක් නැති නිසා. මම මේ ලිපිය ලියන්න හිතුවෙත් ගොඩක් අයගෙ ඉල්ලීම් සලකා බැලීමක් විදියට.

    ඇත්තටම මට දැන් ටික දවසකට කලින් හම්බ උනා Malinda අයියව. එයාගෙ යාළුවො වගේම ගොඩක් අය මගෙන් ඇහුවා wordpress ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා. සමහර අයියලා අක්කලා ගොඩක් ලොකු company වල අය. (හෑල්ලුවට ලක්කරන්න නෙවෙයි එහෙම කිව්වෙ. එයාලා කොච්චර ලොකු තැනක හිටියත් මට msg එකක් දාලා, කෝල් එකක් දීලා අහන්න තරම් නිහතමානියි. අනික එයාලට තවත් දෙයක් ඉගෙනගන්න ඕනෙ කියන හැගීම තියන නිසයි මම එහෙම කිව්වෙ. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.) හරි අපි යමු පාඩමට.

    WordPress කියන්නේ මොකක්ද සහ එයින් කල හැක්කේ කුමක්ද?

    WordPress කියන්නෙ CMS (content management system) එකක්. WordPress විතරද CMS තියෙන්නෙ? නෑ නෑ තව ගොඩක් තියනවා. මම Manage කරන CMS ගැන කිව්වොත් WordPress, Drupal, MyBB, Vanilla, phpbb, Xenforo වගේ ගොඩක් ඒවා තියනවා. හැබැයි මේවා use කරන්නෙ එකිනෙකට වෙනස් කාර්යයන් වලට. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි CMS එකකින් කරනවට වඩා වැඩි දෙයක් මේ WordPress වලින් කරන්න පුළුවන්. (අත්දැකීම් අනුව කියන්නෙ) ඒ ගැන ඉස්සරහට යද්දි කතා කරමු.

    WordPress ගැන යාන්තමින් හරි දන්න කෙනෙක්ට අපේ ලිපිය එතරම්ම වැදගත් නෙවෙන්න පුළුවන්. ඒත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ වැදගත් වැඩ වලට භාවිත කරන්න පුළුවන් Plugins, Themes වගේ ගොඩක් දේවල් ගැන. ඒවා ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ Youtube channel එක Subscribe කරලා තියාගන්න. මම post 1 අවසානයට link එක දාන්නම්.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලොකු software company වල ඉන්න ගොඩක් experience තියෙන මිනිස්සුත් හැම technology එකක්ම දන්නේ නැහැ. ඕක අමුතු දෙයක් නෙවෙයි. මම වැඩකරපු company එකේ හිටපු සමහර C/C++ architectsල ඉන්නව අලුත් web/mobile technology ගැන මෙලො දෙයක් දන්නේ නැති. එත් ඒ මිනිස්සු වැඩ කරන area එකේ හෙනම පොරවල්.
     
    • Like
    Reactions: elajani

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සුපිරි වැඩක්. දිගටම දාන්න. bookmarked බොහොම ස්තුතියි
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මගේ මේ වගේ post එකකට මෙච්චර comment වැටුනමයි. ස්තූතියි බම්ප් කරලා සප් එකක් දීපු හැමෝටම සහ වචනයකින් හරි උදවු කරපු හැමෝටම. full article එකත් මේ නූලෙම එල්ලලා අළුතින් thread 1කුත් දාන්නම්. :love2: :love2: :love2: :love2:
     
    • Like
    Reactions: castellain

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මොකක්ද මේ wordpress සහ ඒකෙන් මොනවද කරන්න පුළුවන්?
    What is WordPress and What we can do with WordPress?

    Introduction to WordPress - WordPress හැදීන්වීම

    ගොඩක් දෙනෙක්ට සමහර දේවල් ඉගෙනගන්න බැරි වෙන්නෙ ඒ දේවල් පිළිබදව මූලික දැනුමක් නැති නිසා. මම මේ ලිපිය ලියන්න හිතුවෙත් ගොඩක් අයගෙ ඉල්ලීම් සලකා බැලීමක් විදියට.

    ඇත්තටම මට දැන් ටික දවසකට කලින් හම්බ උනා Malinda අයියව. එයාගෙ යාළුවො වගේම ගොඩක් අය මගෙන් ඇහුවා wordpress ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා. සමහර අයියලා අක්කලා ගොඩක් ලොකු company වල අය. (හෑල්ලුවට ලක්කරන්න නෙවෙයි එහෙම කිව්වෙ. එයාලා කොච්චර ලොකු තැනක හිටියත් මට msg එකක් දාලා, කෝල් එකක් දීලා අහන්න තරම් නිහතමානියි. අනික එයාලට තවත් දෙයක් ඉගෙනගන්න ඕනෙ කියන හැගීම තියන නිසයි මම එහෙම කිව්වෙ. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.) හරි අපි යමු පාඩමට.

    WordPress කියන්නේ මොකක්ද සහ එයින් කල හැක්කේ කුමක්ද?

    WordPress කියන්නෙ CMS (content management system) එකක්. WordPress විතරද CMS තියෙන්නෙ? නෑ නෑ තව ගොඩක් තියනවා. මම Manage කරන CMS ගැන කිව්වොත් WordPress, Drupal, MyBB, Vanilla, phpbb, Xenforo වගේ ගොඩක් ඒවා තියනවා. හැබැයි මේවා use කරන්නෙ එකිනෙකට වෙනස් කාර්යයන් වලට. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි CMS එකකින් කරනවට වඩා වැඩි දෙයක් මේ WordPress වලින් කරන්න පුළුවන්. (අත්දැකීම් අනුව කියන්නෙ) ඒ ගැන ඉස්සරහට යද්දි කතා කරමු.

    WordPress ගැන යාන්තමින් හරි දන්න කෙනෙක්ට අපේ ලිපිය එතරම්ම වැදගත් නෙවෙන්න පුළුවන්. ඒත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ වැදගත් වැඩ වලට භාවිත කරන්න පුළුවන් Plugins, Themes වගේ ගොඩක් දේවල් ගැන. ඒවා ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ Youtube channel එක Subscribe කරලා තියාගන්න. මම post 1 අවසානයට link එක දාන්නම්.

    මොනවද මේ CMS? - What is a CMS?

    අපි CMS ගැන පොඩි අදහසක් අරගෙන ඉදිමු මුලින්ම. සමහර දේවල් ඉස්කෝලෙන් ඉගෙනගෙන ඇගිල්ලෙන් ඇනලා tution sir ඉගැන්නුවත් තේරුම් ගන්න බෑනෙ. ඒ නිසා එහෙම නොවන විදියකට අපි මේක ඉගෙන ගනිමු.

    අපි නිකමට වගේ මගෙ site එකම ගමු උදාහරනයකට. මේක WordPress වලින් හදලා තියෙන්නෙ කියල මගෙ පළවෙනි WordPress Lesson එක බලපු කෙනෙක් නම් දන්නවා.

    https://secdevil.com

    Site එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් උඩින්ම (Logo එකටත් උඩින්) සහ Logo එකට පහලින් තියනවා Menu 2ක්.

    මේ වගේ Category වලට මම මේවා වෙන් කරලා තියනවා.

    Home, Kali Linux, IT Related, Vulnerability, Programming Language

    එතන තියන menu එකෙන් ඔයා IT Related Menu 1 ට ගියොත් ඒක මම තවත් Sub Menu වලට බෙදලා තියනවා. ඒ ඒ category එකට අදාලව තමයි ඒවායේ Article පළකරලා තියේනනෙ.

    මුල් පිටුව බැලුවම පේන්න තියෙන්නෙ මගේ latest articles සහ popular posts වගේ ඒවා. ඒ කියන්නෙ මම මට පුළුවන් විදියට article ලියලා හැම category එකකටම ගැලපෙන විදියට මම ඒවා category වලට වෙන් කරනවා. ඉස්කෝලෙදි උගන්වපු කුලක පාඩමේදී වගේ. (ඒක ඉගෙනගත්තා නම් මෙතන ඉන්නවද නෙහ්. වැඩිය හිතන්න එපා.)

    කුලක දන්නෙ නැත්තම් මෙතනින් එහාට යන්න බෑ කියලා හිතන්න එපා. හැමෝටම පුළුවන් මේක කරගන්න.

    කුලක ඉවර කරලා අපි යමු හැමෝම දන්න තොරණකට. තොරණක තියනවා චිත්‍ර, බල්බ්, හදපු අයගෙ නම ගහලා තියනවා, බල්බ් ලස්සනට පත්තු වෙනවා. මේවයෙ කොහොමද බල්බ් පත්තු වෙන්නෙ? එක රටාවකට! කණ්ඩායමක් ඒක සිද්ද වෙන්න ඒනෙ දේ පිටිපස්සෙ ඉදලා කරනවා.

    ඒ වගේ තමයි
    https://secdevil.com කියන එකත්. ඒකෙත් පිටිපස්සෙ ඉදන් පින්තූර, ලිපි, audio, video වෙනම දාන්න පුළුවන්.

    තව උදාහරනයක් විදියට අපි ගමු ඔයා පත්තර වාර්තාකරුවෙක් විදියට. ඔයා ළිපියක් ලියනවා. ඒක ඔයා ගිහින් පත්තර කන්තෝරුවට දෙනවා. එතන අය ඒකෙ හරි වැරදි බලනවා. ඊට ප්සසෙ අකුරු හදලා, අච්චු ගහලා (අච්චු කරලා නෙවෙයි) පාඨකයෝ අතට යනවා. මේක හෙන ලේසි වැඩක් වගේ පෙනුනට සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්.

    මොකද CMS එකක් තියන්නෙ කඩදාසි නැති පත්තරයක්. මේ CMS 1 කියන පත්තරේට ඔයාට කැමති වෙලාවක ලිපි, පින්තූර ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම පොඩි වැරුද්දක් උනොත් ඒක අයින් කරලා ආපහු අපිට අළුතින් දෙයක් එකතු කරන්න පුළුවන්. (එහෙම කියලා වරද්දලා දාන්න ඕනෙ නෑනෙ. අපි හරි විදියටම පටන් ගමු.)

    මේ CMS වල තියනවා ප්‍රධාන කොටස් 2ක්. Front End (ඉදිරි අන්තය) එක Back End (පසු අන්තය) එක. සාමාන්‍යයෙන් ඔයාලා Website එකකට ගියාම (
    https://secdevil.com) අපිට පිටින් පේන්න තියෙන්නෙ Front End එකයි. ඒ වගේම අපි ලිපි ලියන්නෙ, පින්තූර දාන්නෙ, Category වලට වෙන් කරන්නෙ Back End එකෙන්. අපිට පුළුවන් අපි backend එකේ ඉදන් කරන දේවල් front end එකේ පෙන්වන්න. ඒ වගේම අවශ්‍ය නැති නම් අපිට නොපෙන්වා ඉන්නත් පුළුවන්. (ලිපියක් බාගෙට ලියලා Draft කරනවා වගේ දේවල්)

    අපිටත් පුළුවන් අපේම CMS එකක් හදාගෙන අපි ඉගෙනගන්න දේවල් ලියන්න, අපි යන එන තැන් ගැන ලියන්න.

    ඔයාට ව්‍යාපාරයක් තියනවා නම් ඒකෙ තොරතුරු, ඔයාගෙ සංවිධානයේ තොරතුරු, ගමේ සමිතියක තොරතුරු, ඔයාගෙ පාසලේ තොරතුරු, ඔයාගෙ කැමතිම චිත්‍රපට වල තොරතුරු වගේ එකී මෙකී නොකී හැම තොරතුරක් ගැනම ලෝකය දැනුවත් කරන්න ඔයාට පුළුවන් free use කරන්න දීලා තියන CMS එකක් ගන්න.

    ඊටත් වැඩි දෙයක් ගැන හිතනවා නම් ඔයාට පුළුවන් Ebay, Ali Express, Ikman වගේ website එකක් උනත් හදාගන්න.

    කාලෙකින් තමයි ආපහු සම්පූර්ණ ලිපියක් ලිව්වෙ. අඩුපාඩු තියනවා නම් සමාවෙන්න ඕනෙ.

    WP පළමු පාඩම මෙතනින් බලන්න පුළුවන්

    Channel එකට මෙතනින් යන්න - https://www.youtube.com/c/SecDevilOfficial

    ගිහින් එන්නම් සුභ දවසක්.
     
    • Like
    Reactions: NRTG

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    machan wp walin karana site ekakata hoda page builder ekakin astra wage theme ekak dala site eka hadana ekada nattam premium theme ekak aran hadana ekada? free dena responsive theme thiyenawada? updates dena?
     
    • Like
    Reactions: castellain