මොකක් ද මේ Super-AMOLED vs IPS LCD තේරෙන සිංහලෙන්

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43

    මොකක් ද මේ Super-AMOLED කියන්නේ?​

    taFuV36.png


    වැඩි දියුණු කල AMOLED තාක්ෂණය තමයි මේ Super-AMOLED කියල හදුන්වන්නෙ.
    AMOLED (Active Matrix Organic Light-Emitting Diode) හැදිල තියෙන්නේ වැඩි දියුණු කල OLED (organic light-emitting diode) තාක්ෂණයෙන්. විදුලිය ලබා දුන්නම ආලෝකය නිපදවෙන කාබනික සංයෝගයක් භාවිතයෙන් තමයි මේක නිර්මාණය කරල තියෙන්නේ. මේකෙ තියෙන විශේෂත්වයක් තමයි IPS Display වල තියෙන backlight එක ඉවත් කරල තියෙන්නේ. ඒක නිසා වැය වෙන විදුලිය හුඟක් අඩු වෙනවා. ඒ වගේම දීප්තිමත් සහ වඩා සජීවී පෙනුමක් ලබා දෙන්නත් පුළුවන්. කොහොම නමුත් තවමත් දියුණු වෙමින් පවතින තාක්ෂණයක් නිසා යම් යම් ගැටළු දකින්න පුළුවන්.

    Super AMOLED (Super Active-Matrix Organic Light-Emitting Diode) කියන්නේ AMOLED ඒකේ ඊළඟ අවස්ථාව. ISP සහ AMOLED display වල Touch sensor එක තියෙන්නේ වෙනම ම ස්ථරයක් (Layer) විදියට. නමුත් Super AMOLED එකේ මේ touch sensor එක තියෙන කෙලින් screen එක ඇතුලෙ. අන්න ඒක තමා මේ දෙකේ වෙනස.

    IPS LCD කියන්නේ මොනා ද?​


    YeKtpaS.png






    LCD Display එකට in-plane switching (IPS) panels භාවිතා කිරීම නිසා IPS LCD ලෙස හඳුන්වයි. LCD Display සියලු පික්සල සඳහා ආලෝකය නිපදවීමට backlight එකක් භාවිතා කරන අතර, දීප්තිය වෙනස් කිරීමට සෑම පික්සෙල් ෂටරයක්ම අක්‍රිය කළ හැක. IPS LCD සොයාගනු ලැබුවේ TFT LCD (තුනී-පටල ට්‍රාන්සිස්ටර) සමඟ එන ගැටළු විසඳීම සඳහා පුළුල් නැරඹුම් කෝණයක් සහ වඩා හොඳ වර්ණයක් සහ වෙනසක් (color and contrast) ලබා දීම සඳහා ය.

    LCD ධ්‍රැවීකරණය වූ ආලෝකයක් භාවිතා කරන අතර පසුව එය color filter (වර්ණ පෙරහනක්) හරහා ගලා යයි. liquid crystals වල එක් එක් පැත්තෙහි තිරස් හා සිරස් පෙරහන් ඇති අතර එමඟින් දීප්තිය පාලනය කිරීම සහ එක් එක් පික්සලය ක්‍රියාත්මක ද නැද්ද යන්න තීරණය කරනු ලබයි.

    මේ දෙකන් හොඳ මොකක් ද?​

    මේ දෙකේ වෙනස්කම් වගේ ම සමාන කම් තියෙනවා. ඇසට පෙනෙන විදියට බැලුවොත්,
    ඉතා දීප්තිමත් වර්ණ සහ ඉතා අඳුරු වර්ණ අවශ්‍ය නම් AMOLED display එකක් තමයි හරි යන්නේ. සජීවී වර්ණ ලබා දීම අතින් ඉහලින් ඉන්නවා.
    දීප්තිමත් බවට වඩා තියුණු රූප ලබාගැනීමට අවශ්‍යනම් හරියන්නේ IPS Display එකක් තමයි.

    රූප සහ වර්ණ සංසන්දනය :-​

    තාක්ෂණික පැත්තෙන් ගත්තොත් AMOLED display එකකට පුළුවන් කළු සහ අඳුරු වර්ණ ‌ඉතා හොඳින් පෙන්වන්න. ඒ්කෙ දි වෙන්නේ මේ display එකට පුළුවන් එක් එක් pixel එක ආලෝකය නිකුත් කිරීම නවත්වලා සබෑ කළු වර්ණය ලබා දෙන්න. නමුත් IPS Display වල මේ දේ කරන්න බැහැ. ඒ්කට හේතුව තමයි සමහර pixel අඳුරු වීමට අවශ්‍ය වුනත්, backlight එක දිගට ම ක්‍රියාකරන නිසා යම් යම් ප්‍රදේශ වල සත්‍ය වශයෙන් අඳුරු ස්වභාවයක් ඇති නොවීම.

    AMOLED display එකේ අඳුරු වර්ණ ‍පෙන්වීම වගේම ඊට යාබදව තියෙන අනෙක් දීප්තිමක් වර්ණ සජීවී ආකාරයට පෙන්වීමට හැකියාව පවතී.

    AYriW1y.png







    LCD එකට backlight එකක් තියන නිසා pixel එකිනෙකට එකතු වෙලා තමයි පෙනෙන්නේ. ඒ මගින් තියුණු රූප ස්වභාවික ආකාරයට ලබා දෙන්න පුළුවන්. දැනට තියෙන තත්වය අනුවනම් AMOLED display එකක් කාලයක් භාවිතා කිරීමේ දී සුදු පැහැති වර්ණය ටිකක් කහ පැහැයට හැරෙන බවයි දැනගන්න ලැබුනෙ.

    ඒ වගේම AMOLED වල තියෙන තව ගැටළුවක් තමයි ‘Burn-In’ ඇතුලතින් රත් වීමට ලක් වීම. මේ හේතුව නිසා pixel වල ගුණාත්මක භාවය කාලයක් එක්ක අඩු වෙනවා. නමුත් තවමත් මේ තාක්ෂණය වැඩි දියුණු වෙමින් පවතින නිසා ඉදිරියේදි මෙම ගැටළුවට පිළියමක් සොයාගනීවි.

    නිවසෙන් පිට දැඩි හිරු එලිය පවතින අවස්ථාවක IPS Display එකක් භාවිතය පහසු වන නමුත් AMOLED display එකක මතුපිට තිබෙන ස්ථර ප්‍රමාණය අඩු නිසා හිරු එළිය පාරාවර්තනය යම් තරමක් දුරට අඩු වෙනවා.

    වර්ණවල ගුණාත්මක බව සැලකීමේ දී අඩු මුදලට පවතින දුරකථනවල AMOLED display එකේ භාවිතා වන කාබනික සංයෝගය බිඳ වැටීම නිසා වර්ණවල සජීවී බව ක්‍රමයෙන් අඩු වී යයි.

    විශාලත්ව සංසන්දනය :-​

    Super AMOLED Display එකක් IPS LCD එකකට වඩා විශාලත්වයෙන් අඩුයි.

    ශක්ති පරිභෝජනය :-​

    IPS එකට backlight එකක් තිබෙන නිසා ඒකට වැඩි බලයක් අවශ්‍ය වෙනවා. කොහොම නමුත් සෑම pixel එකක් ම දීප්තිමත් ම වැඩි කාලයක් තිබුනහොත් IPS එකකට වඩා වැඩි ශක්ති පරිහෝජනයක් සිදු විය හැකි.

    මිල සංසන්දනය :-​

    IPS LCD - Backlight එකක් ඇත. වෙනම ම touch Sensor pannel එකක් ඇත.
    AMOLED - Backlight එකක් නැත. වෙනම ම touch Sensor pannel එකක් ඇත.
    S-AMOLED - Backlight එකක් නැත. built-in touch Sensor එකක් ඇත.
    තාක්ෂණය වැඩිපුර යොදා ගනිද්දි මිල ඉහල යනවා.

    AMOLED එකකට යනව ද IPS LCD එකකට යනව ද කියන තීරණය ඔබ සතුයි........

    Source - phoneworld.com
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    AMOLED is good if not screen Burns are there...Most of it having pixle burns or Grenn/Pink tint issues