මොකද්ද මේ කර්මය කියන්නෙ?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
කර්මය, මොකද්ද මේ කර්මය කියන්නෙ?

කර්මය, මොකද්ද මේ කර්මය කියන්නෙ?

කර්ම විෂය අචින්ත්‍යයි.. සාමන්‍ය පෘථග්ජනයාට අවබෝද කරගන්න ටිකක් අමාරුයි. ඒත් අපි තෙරුවන් සරණ යන්නනම් මුලින්ම කරන්න ඕනෙ මේ කර්මඵල විශ්වාසය ඇතිකරගන්න එකයි.

ඒත් කර්මඵල ගැන විශ්වාසයක් ඇතිකරගන්නම් අපිට කර්මය ගැන අවබෝදයක් යම් තරමකට හෝ තිබිය යුතුයි. නැතිනම් අපේ විශ්වාසය නිකම්ම නිකම් පදනමක් රහිත වෙනවා. එහෙම වුනහම තමයි අපිට ,ඒ වගේ විවිදාකාර ප්‍රශ්න එන්නෙ.
දිව්‍ය ලෝක ඇත්තටම තීයනවද?
අපායවල් ඇත්තටම තියනවද?
අපි හැදුනෙ පරිණාමය වෙලාද?
අපි හැදුනෙ බ්‍රහ්මාන්ගෙන්ද?
ඇමීබට විඥානයක් තියනවද?..

ඕවට උත්තර තමන්ටම හොයා ගන්න පුලුවන් හරියට කර්මය තේරුන් ගත්තොත්.

බුදුහාමුදුරුවො කිසිදෙයක් හන්ගල දේශනා කරල නෑ. උන්වහන්සෙ කර්මය ඉතාම හොඳින් සරලව පැහැදිලි කරල තියනවා.

දැන් උදාහරණයක් ගන්න,
කෙනෙක් සතෙක්ව මරනවා..
දැන් අපි දන්නවා ඔහුට කර්මයක් සිද්ද වෙනවා. ඒක අකුසලයක්.
මෙතනදි තම දෙයක් දැන ගන්න ඕනෙ. මොකද්ද මෙ කර්මය කියල උනේ? බුදුහාමුදුරුවො පැහැදිලිවම කිව්ව 'චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි' කියල. ඒ කියන්නෙ 'චේතනාවම කර්මය වේ'.

දැන් කර්මය වෙන්නෙ ඒ සතාව මරන චේතනාව.
දැන් තව ටික වෙලාවක් යද්දි ඔය සතාව මරපු මනුස්සය කරපු වැරැද්ද ගැන පසුතැවිල පන්සිල් සමාදන් වෙනවා.

දැන් ඒ මනුස්සය ගාව අර සතා මරපු චේතනාව තියනවද?... නෑ නෙ. ඒ චේතනාව ක්‍රියාත්මක වෙලා ඉවර වෙලාත් ඉවරයි. ඒත් අර කරපු කර්මය? ඒක තියනවද නැද්ද?

අපේ ගොඩක් අය හිතන් ඉන්නෙ චේතනාව ඉවර උනාට කරපු කර්මය තවම තියනව කියලනෙ. ඒ කියන්නෙ කර්ම විපාකය විපාක දෙන්න අවස්තාවක් බල බල පස්සෙන් එනව කියලනෙ.
ඒත් ඇත්තටම එහෙම කර්මයක් අපි පස්සෙ එලවනවද?
හැමෝම කියයි 'ඔව්' කියල, බෞද්ධ නම්.
පංචෞපාදානස්කන්ධය දන්නවනෙ. ඔතෙන තියෙන්නෙ, රූප, වේදනා,සංඥා,සංඛාර,විඥ්ඥාණ කියන පහ විතරයි. ඔය පහම අපිට ප්‍රත්‍යක්ශ කරුනු 5ක්.
එත් එහෙම අපි පස්සෙ එලවන 'කර්මය' කියල දෙයක් තියනවනම් හා ඒ 'කර්මය' චේතනා චෛතසිකය විනාශ වූවටත් පසු පවතිනවනම් ඒක ඇයි ඒක වෙනම් සඳහන් කරල නැත්තෙ?
මම මේ එන්නෙ මොකාටද කියල මම කියන්නම්.
මම කියන්නෙ විවෘත මනසකින් බලන්න කියලයි.
කාට හරි ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවන්.
මම කියන්නෙ කර්මය කියල වෙනම අපි පස්සෙන් එන
'දෙයක්' නෑ. කවුරුහරි සතෙක් මැරුවනම් ඒකට අදාල චේතනාවම තමා අදාල කර්මය වෙන්නෙ. චේතනාව නැතිවෙද්දි කර්මයත් නැති වෙලා යනව. ආයෙ ඌ පස්සෙ මොකුත් අද්භූත් 'කර්මයක්' පස්සෙන් පන්නල විපාක දෙන්නෙ නෑ.

දැන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවනෙ? එහෙනම් කොහොමද කර්මය විපාක දෙන්නෙ කියල? ඒක විපාක දෙනව අනිවාර්යයෙන්ම. මේක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි.
ඒක මෙහෙමයි වෙන්නෙ, අපේ උදාහරණයට ගත්ත පුද්ගලයා අදාල සතාව මරද්දිම එයාට ඒ කර්මයට අදාල විපාක සකස් වෙලා ඉවරයි. ඒ කියන්නෙ, එයාගෙ මනස මනුෂ්‍යත්වයෙන් පහලට වැටිල ඉවරයි. එහෙම පහලට නොවැටී එයාට ඒ ප්‍රාණගාත කර්මය කරන්න බෑ. ඒ සිදුවීම හොඳටම ප්‍රකට වෙන්නෙ එයාගෙ මරනාසන්න අවස්තාවෙ. එයාගෙ මරණයේදි එයාට මේ සියල්ල අතාරින්න වෙනව. එයාගෙ ශරීරය, මතකයන්, හිත,ඔක්කොම. ඒහෙම අත අරිද්දි එයාගෙ හිත එහෙම ලේසියෙන් අත අරින හ්තක් නෙමේ තියෙන්නෙ. එයාගෙ හිත බලන්නෙම කොහේහරි එල්ලෙන්න. එතකොට එයාගෙ මනස පහත් නිසා මරණාසන්නයේදි එන්නෙ පහත් අරමුණු. තිරිසන් ලෝකෙ,අපාය වගේ. තියන්ව බයට හා ආශාවට එයා ඒ අරමුනකට කැමැත්තෙන්ම පැනල අල්ලගන්නවා. ඒ විදිහට අපායෙ උප්පත්තිය වෙනවා.

කෙනෙක් තමන්ගේ ජීවිතකාලයම වැයකරල බුදු පාමොක් මහසඟනට දානයක් දෙන එකට වඩා අසුරු සැනක් තරම් කාලයක් ත්‍රිලක්ශණය මෙනෙකි කරන එක මහත්ඵල වෙන්නෙ මේ නිසයි.
ත්‍රිලක්ශණය මෙහෙහි කරද්දි එයාගෙ මනස තියන තලයෙන් උඩට යනව. කොච්චර දානෙ දුන්නත් මනස ඒ විදිහට උසස් කරන්න බෑ.
ඒකයි පන්සිල් රකින එක මොනම දානයකටත් වඩා උසස්. මොකද අනිත්‍ය දන්න කෙනෙක් මැරෙන මොහොතෙදි ට්පහත් අරමුණු පැනල අල්ලගන්නෙ නෑනෙ. එයා අල්ලගන්නෙ උසස් අරමුනු විතරයි. රහතන් වහන්සෙ පිරිණිවන් පාන්නෙ එයා මැරෙන මොහොතෙදි කිසිම අරමුණක් අල්ලගන්නෙ නැති නිසා..

මේකට තව එකතු කරන්න පුලුවන්. ඒත් දැන් ඇගිලි රිදෙනව. ප්‍රශ්න තියනවනම් අහපල්ල. ඒත් මට හිතුන මේක දාන එක හොඳයි කියල ඒකයි දැම්මෙ...

:D:D:D:D theruwan saranayi....
 
Last edited:

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    Mama minissu marala, tak gala pansil aran e welawe edala pansil rakkoth mata minissu marapu eke karmaya nedda?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ලෝකය පාලනය කරන බලවතාට සමහර ආගම් දෙවියන් සහ යක්ෂයා කියනවා.බෞද්ධයන් ඔහුට කර්මය කියනවා
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Mama minissu marala, tak gala pansil aran e welawe edala pansil rakkoth mata minissu marapu eke karmaya nedda?

    උබ මිනිස්සු මරනව කියන්නෙ. උබට ලෝකය ගැන අවබෝදයක් නෑ කියලනෙ. ඒ කියන්නෙ උබේ මනස කොහොමත් පහත් තත්වෙක තියෙන්නෙ. ඒත් පස්සෙ ජීවිත් කාලෙම පන්සිල් ගත්තොත් ටික ටික උබේ මනස උසස් වෙන්න පුලුවන්. හොදම දේ අනිත්‍ය භාවනාව කරන එක පංසිල් ගන්න එක නෙමේ. අංගුලීමාලත් ඔය වගේනෙ.
    උබේ මනස යම් තරමකට හරි උසස් වෙන්න ඕනෙ පන්සිල් අරගෙන ඒක රකින්නනම්. එහෙම උසස් මනසක් තියෙන කෙනෙක් ප්‍රාණගාත කරන සම්භාවිතාවය අඩුයි..

    උබ කිව්ව දේට උත්තරේනම්. එහෙම මිනිස්සු මරල උබ ගිහින් මහන වෙලා හරියට ඒක රක්කොත් හෝ පන්සිල් රැක්කොත් ගැලවීමක් තියෙනව.

    එහෙම වෙච්ච උදාහරනත් ඕනෙතරම් තියනව. ධර්මාශෝක රජු, දුටුගැමුණු රජු, ගෝඨයිම්බර යෝදය..
     
    Narakama ne.... Thanks
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Narakama ne.... Thanks

    ඒත් මචන්, උබ පන්සිල් අරන් උබේ මනස ටික ටික උසස් වෙද්දි මුලින්ම උබට එන්නෙ කරපු වැරදි ගැන පසුතැවීම. ඕකෙන් බෙරෙන්න හරි අමරුයි. අනික මැරෙද්දි උබට සෑහෙන උසස් මනසක් හදාගන්න වෙනව අපායෙන් බේරෙන්න නම්. මොකද කරපු වැරදි ගැන තියෙන පසුතැවීම නිසා ඒ වගේ අරමුනක් උනත් මරනාසන්න අරමුන ලෙස ඇවිත් අල්ලගන්න හැකියාවක් තියෙන නිසා..
    ඒනිසා හොඳම දේ අද ඉඳන්ම පන්සිල් රකින එක හා අනිත්‍ය භාවනාව වඩන එක..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පටිච්ච සමුප්පාදයේ එන "අවිද්‍යා පච්චයා සංඛාර" කියන එකයි, පංචස්කන්ධයේ එන ""රූප, වේදනා, සංඥ්ඥා, සංඛාර, විඤ්ඤාණ" කියන 2ක එකට සම්බන්ධ කලාම ඕක පැහැදිලි කරන්න පුලුවන්:yes:

    ඔය දෙකේදිම විස්තර කරන්නෙ 'චේතනා' චෛතසිකය ගැන.
    'අවිද්‍ය පච්චයා සංඛාරා' කියද්දි අවිද්‍යාව නිසා වැරදි චේතනා ඇතිවෙනවා. ඒ නිසා තමයි මනස පහත් තත්වයට ඇද වැරෙන්නෙ. චේතනාව ඇතිවීම හා ඒ නිසා මනස පහලට ඇද වැටීම එකම මොහොතෙදි තමයි වෙන්නෙ. ඒ නිසා කර්මය ඒ මොහොතේම විපාක දෙනව. ඒ නිසා එයා මනස පස්සෙ හරි උසස් කරගත්තෙ නැත්තං අර පහලට ඇදවැටුනු මනසින් එයාව අපායේ උපතකට ගෙනියනවා.

    ආනන්තර්ය කර්මයක් කරන්න අවශ්‍ය කරන ඉතාම අධික මෝහය හා එම පාපකර්මය කිරීමට අදාල චේතනාව ඒ මොහොතෙම විපාක දීල එයාගෙ මනස ඉතාම පහලට ඇදල දානවා. හැබැයි පස්සෙ ඕනෙනම් ටිකක් උඩට ගන්න පුලුවන්. ඒත් අපායෙ උපතින් බේරගන්න බෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Karmaya psychopath lata balapanne kohomada?
    Unta un waradak karata guilty feeling ekak enne nane..
    Unta hoda chethanawakin mini maranna puluwan...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකෙ තියෙන විදියට මේ ජීවිතේ කරපු කුසල අකුසල විතරයි බලපාන්නෙ පෙර භවයක කරපු ඒව අදාල නෑ මේ ජීවිතේ මිනිහෙක් මැරුවොත් පහත් තැනක උපතකට යනව කුසල් සිතින් භාවනා එහෙම කරොත් නිවන් දකින්ඩත් පුලුවන්..විඥ්ඥාණයෙ අපි සංසාරෙ පටන් ගත්ත දවසෙ ඉඳන් කරපු කුසල අකුසල හැම දෙයක්ම රෙකෝඩ් වෙලා තියෙනව නිවන් දකිනකන් ඒව අනුව අලුත් උපතකට යනව කියලයි මම කියවල තියෙන්නෙ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Karmaya psychopath lata balapanne kohomada?
    Unta un waradak karata guilty feeling ekak enne nane..
    Unta hoda chethanawakin mini maranna puluwan...

    එහෙම ඒක හරියටම කියන්න බෑ බං. සත්තුත් මිනී මරනවනෙ. සමහර විට හොඳ චේතනවකින් වෙන්න පුලුවන්.

    psychopath ගෙ condition එක එක්ක ඒක වෙනස් වෙන්න පුලුවන්.
    guilty feeling එකක් එන එක හොඳ දෙයක්.

    Psychopath ලගෙ නම් ඕක ටිකක් complex වෙන්න පුලුවන්.. මේකෙන් පහදන්න පුලුවන් නැවත උපදින එක. බෞද්ධයෙක් හැටියට ඒක තමා වටින්නෙම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ඒක හරියටම කියන්න බෑ බං. සත්තුත් මිනී මරනවනෙ. සමහර විට හොඳ චේතනවකින් වෙන්න පුලුවන්.

    psychopath ගෙ condition එක එක්ක ඒක වෙනස් වෙන්න පුලුවන්.
    guilty feeling එකක් එන එක හොඳ දෙයක්.

    Psychopath ලගෙ නම් ඕක ටිකක් complex වෙන්න පුලුවන්.. මේකෙන් පහදන්න පුලුවන් නැවත උපදින එක. බෞද්ධයෙක් හැටියට ඒක තමා වටින්නෙම.

    Hmm.. psycopath kenek wenneth pera akusal nisa wenna thi..
    Inbetween normal humans and animals:nerd:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේකෙ තියෙන විදියට මේ ජීවිතේ කරපු කුසල අකුසල විතරයි බලපාන්නෙ පෙර භවයක කරපු ඒව අදාල නෑ මේ ජීවිතේ මිනිහෙක් මැරුවොත් පහත් තැනක උපතකට යනව කුසල් සිතින් භාවනා එහෙම කරොත් නිවන් දකින්ඩත් පුලුවන්..විඥ්ඥාණයෙ අපි සංසාරෙ පටන් ගත්ත දවසෙ ඉඳන් කරපු කුසල අකුසල හැම දෙයක්ම රෙකෝඩ් වෙලා තියෙනව නිවන් දකිනකන් ඒව අනුව අලුත් උපතකට යනව කියලයි මම කියවල තියෙන්නෙ.

    ඒක තීරනය කිරීම උබට බාරයි සහෝ.. උබට ඔය කියන 'කර්ම ක්‍රමය' අවුලක් නැත්තන් ඉතිං කමක් නෑ. මටනම් ඒක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. ඒකයි මෙහෙම අලුත් තැනකට ආවෙ. anyway thanks for the comment

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Hmm.. psycopath kenek wenneth pera akusal nisa wenna thi..
    Inbetween normal humans and animals:nerd:

    ඔව්. එයාලගෙ මනස තියෙන ලෙවෙල් එක අනුව තමා ඉතින්. ඒත් ඉතින් ඌට තියෙන්නෙ schizo වගේ real ලෙඩක්නම්, ඕක හිතන්න බෑ බං මොලේ පොට යන්න එනව වගේ.:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තීරනය කිරීම උබට බාරයි සහෝ.. උබට ඔය කියන 'කර්ම ක්‍රමය' අවුලක් නැත්තන් ඉතිං කමක් නෑ. මටනම් ඒක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. ඒකයි මෙහෙම අලුත් තැනකට ආවෙ. anyway thanks for the comment

    නිවන් දකින්ඩ මනුස්සයෙක් වෙලාම ඉපදෙන්ඩ ඕනි නේද බුදුවරු පහල වෙන්නෙ මනුෂ්‍ය ලෝකෙ විතරක් නිසා..අපි හිතමු මේ ජීවිතේ මිනිහෙක් මරල නිරේට ගිය කෙනෙක් ආය මනුෂ්‍ය,දිව්‍ය වගේ ඉහල තැනකට එන්නෙ කොහොමද කරපු අකුසලය නිරයෙ ගෙව්වට පස්සෙ මොකද ඒවගෙ කුසල කරගත හැකි ක්‍රමයක් නෑනෙ :rolleyes:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මටත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා

    1.අපි අකමැත්තෙන් කුඩා සතුන් මැරීම (කුබි , මදුරුවෝ ) වගේ පවක්ද ?

    2.අපි පිං දහම් කරලා දිවිය ලෝකේ ඉපදුනොත් අපිට කලින් හිටිය ආත්මයන්ගේ මතකයන් මතක නැතිද ? ..

    3.වැඩියෙන්ම පිං ලැබෙන්නේ මොනවගේ පිං කම් සිදු කිරීමෙන්ද ?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නිවන් දකින්ඩ මනුස්සයෙක් වෙලාම ඉපදෙන්ඩ ඕනි නේද බුදුවරු පහල වෙන්නෙ මනුෂ්‍ය ලෝකෙ විතරක් නිසා..අපි හිතමු මේ ජීවිතේ මිනිහෙක් මරල නිරේට ගිය කෙනෙක් ආය මනුෂ්‍ය,දිව්‍ය වගේ ඉහල තැනකට එන්නෙ කොහොමද කරපු අකුසලය නිරයෙ ගෙව්වට පස්සෙ මොකද ඒවගෙ කුසල කරගත හැකි ක්‍රමයක් නෑනෙ :rolleyes:

    එහෙම එකක් නෑ. දිව්‍ය ලෝකෙත් ඉපදිලා බණ අහල නිවන් දකින්න පුලුවන්. අපායට ගියහම ආපහු එන්න අමාරුයි තමා. ඒත් බැරිත් නෑ. ඌ අපායෙ ඉද්දි ටික ටික තමන් කරපු පව් ගැන අවබෝදයක් ඇවිත්, අඩුතරමෙ 'කර්මය' ගැනවත් විශ්වාසයක් ආවොත් උඩට එන්න පුලුවන්. එහෙම ආවෙ නැතත් කල්ප විනාශයෙදි ඒ නිරි සතා කොහොමත් අපායෙන් මිදෙනව. නියත මිත්‍යාදෘශ්ටිකයා හැර...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මටත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා

    1.අපි අකමැත්තෙන් කුඩා සතුන් මැරීම (කුබි , මදුරුවෝ ) වගේ පවක්ද ?

    2.අපි පිං දහම් කරලා දිවිය ලෝකේ ඉපදුනොත් අපිට කලින් හිටිය ආත්මයන්ගේ මතකයන් මතක නැතිද ? ..

    3.වැඩියෙන්ම පිං ලැබෙන්නේ මොනවගේ පිං කම් සිදු කිරීමෙන්ද ?

    කැමැත්තෙන් කරත් අකමැත්තෙන් කරත් පව සිද්ද වෙනවා. හැබැයි අකමැත්තෙන් කරද්දි පව ටිකක් අඩුයි.

    දිව්‍ය ලෝකෙට ගිහාම අයේ මේ ලෝකෙ මතක නෑ. අපිට පෙර ආත්මෙ මතක නෑ වාගෙ තමා. හැබැයි අවශ්‍යනම් බලාගන්න පුලුවන්.

    ලොකුම පින්කමනම් අනිත්‍ය භාවනාව කිරීම..