මොකද්ද මේ වර්ගපූර්ණිකාව...???

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මොකද්ද මේ වර්ගපූර්ණිකාව...???

    වර්ගපූර්ණිකාව කියන බ්ලොග් එකේ තියන ඒව ඇත්තද මචන්ලා....මේක කියවනකොට නිකන් මොලේ කචල් වෙලා වගේ යනව බන්....http://vargapurnikava.blogspot.com ..මොකද්ද මේ රාවණා සීන් එක ඇත්තට....???
     
    Last edited:

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    zD8j.jpeg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඌ හදන්නේ රාවණා රජතුමාට අපහාස කරන්න.මිනිස්සුන්ට ඔලුව අතගාලා ටොකු අනින්න රාවණා රජතුමාගේ ගුණ කියනවා වගේ පෙන්නලා ශ්‍රී රාවණ නාමයට අපහාස කරන්න ඔය මී ජයා කියන මි හරකා හදන්නේ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මෙන්න මු තමයි ඔය බ්ලොග් එක කරන්නේ
    28qyql2.png


    පොස්ට් ලින්ක් https://www.facebook.com/groups/194075563979436/permalink/376536235733367/

    https://www.facebook.com/RangaJayawardene
    :angry:

    වර්ගපූර්ණිකාව කියන බ්ලොග් එකේ තියන ඒව ඇත්තද මචන්ලා....මේක කියවනකොට නිකන් මොලේ කචල් වෙලා වගේ යනව බන්....http://vargapurnikava.blogspot.com ..මොකද්ද මේ රාවණා සීන් එක ඇත්තට....???
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    කම්මැලි වෙලාවට කියවලා ආතල් එකක් ගන්න හොඳා... මොනවා උනත් ඕක ලියන එකාට හොඳට ලිවීමේ හැකියාවක් තියෙනවා....

    රාවණා රජතුමාට අපහාස කරන්නේ නැතිව නරලොව හොල්මන් වගේ පොතක් ලිව්වනම් ඌටත් හොඳට දියුණු වෙන්න තිබ්බා.............
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔව් බන් මම එක දවසක් ඕක කියවල ....පැය 2 විතර කල්පනාව නැතිව හිටිය බන්.......නිකන් පිස්සු වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුළු විශ්වයම ශිෂ්ටාචාර කළ අසුරයින්ගේ ඉතිහාසයත් රාවන වංශයත් සොයා යන සැබෑ හෙළ ගවේශණය.:angry::angry::angry::angry:
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ammmoooo me balahallako vargapoornikaawe ada thibba eka........
    1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.

    නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.

    ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරු‍ටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරු‍ටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.

    මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.