මොකාද යකෝ...

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    පුංචි පැටව් දුවපියව් මගේ රත්තරනේ...







    බොරුවට කෑ ගැහුවේ බොලන්.. ඔන්න කලින්ම කියනවා මේක පරණ කතාවක්. අපේ උන්ට මුල අමතක වෙන හින්දයි දාන්නේ....(මෙහෙම දැම්මත් සමහරු රී පෝස්ට් මන්තරේ මතුරනවනේ)

    ඔන්න ආසියාවේ ආශ්චර්යයට චුට්ටක් විතර දුර රටක හමුදාවට අලුතින් සෙබලු බඳව ගත්තාලු. (දැන් අහපියව් මෙච්චර ඉද්දි තව මොකටද කියලා..ලෝක යුද්දේ පත්තු උනාම ඇමෙරිකාවට ගහන්න බොලව් )

    ඔන්න මුන්ට වෙපන් ට්‍රේනින් දෙන දවස ආවා. ඈ තේරුන් නෑ... යකුනේ ගිනි කඳයා පත්තු කොරන්ට පුරුදු කරන දවස ආවා.

    වෙඩි තියන්න ඉලක්කයක් තියන්න එපැයි... මේකට තියෙන්නේ මිනිස් අනු රූ.. අර පඹයෝ වගේ උන්.. නිකම්ම වෙඩි තියන්න අමාරුයිනේ, පොඩි කික් එකක් දෙන්න එපැයි.. ඉතින් පුහුණුවේ ලොක්කා ඉදිරියට අවා.


    සුභ උදෑසනක් මා ප්‍රිය භටයනි. (මෙහෙම හුකාරිස් සුරතල් නෑ බන් මේ තනිකර මගේ තිර රචනාවක්)

    ඔබට පේනවා මා ඉදිරියේ ඇති මේ මිනිස් රූ. ඔබ හිතන්න ඕනෑ මේ ඉන්නේ දරුණු හොර කන්ඩායමක්. ඔබ ගෙදර නොහිටපු මොහොතක මුන් ඔබේ ගෙට කඩා වැදිලා ඔබේ අහිංසක අම්මවයි තාත්තාවයි අමු අමුවේ මරා දාලා, ඔබේ මේසෙ උඩ තිබ්බ ගල් අරක්කු බෝතලේ බීලා, ඔබේ නෝනාවයි නංගිවයි අමානුශික ලෙස දූෂණය කරලා, ගෙදර බඩු මුට්ටු පොඩි කරලා පැනලා ගියා. දැන් උන් ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබේ අතේ තුවක්කුව තියෙනවා. දැන් ඔබේ වාරයයි... "




    ලොක්කා මෙහෙම කියලා ඉවර උනා විතරයි කොල්ලෙක් එනවා ඉස්සරහට, මූ දත් මිටි කනවා, ඇස් රතු වෙලා, ඇඟම වෙවුලනවා. ලොක්කට ෆුල් හැපි. පොරගේ ටෝක සුපිරියට කොල්ලට වැදිලනේ.. කොල්ලා වෙවුල වෙවුල දත් මිටි කන ගමන් ලොක්කගෙන් අහනවා....



    "සර් මොකාද මෙතනින් මගේ ගල් බෝතලේ බීපු එකා"

    :lol::lol::lol::lol::lol::lol:
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    උඹ ලියන style එකනම් හොඳයි එත් මේකට නම් හිනා ගියේ නෑ බන්. නැද්ද වෙන ජිගි ජිගි ඉටි කිරිස් එකක් එහෙම ?
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    උඹ ලියන style එකනම් හොඳයි එත් මේකට නම් හිනා ගියේ නෑ බන්. නැද්ද වෙන ජිගි ජිගි ඉටි කිරිස් එකක් එහෙම ?

    ඕකනේ බන් බැරි... මොනා දුන්නත් උඹලා ජිගි ජිගි ඉටි කිරිස් ජින්ජි බරස්මනේ හොයන්නේ...


    :rofl::rofl::rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඕකනේ බන් බැරි... මොනා දුන්නත් උඹලා ජිගි ජිගි ඉටි කිරිස් ජින්ජි බරස්මනේ හොයන්නේ...


    :rofl::rofl::rofl:

    :lol::lol: ela ela

    onna 5+ dunna