මොඩර්නා දෙවෙනි dose එකේ side effects

Feb 16, 2008
12
8
3
මොඩර්නා පලවෙනි dose එකේ side effects ගැන මම කලින් thread එකක් දැම්මා, ඊයේ මට 2 වෙනි dose එක හම්බුනා, මම හිතුවා ස්පුට්නික් එක වගේ මේකේත් පලවෙනි එක විතරක් දීලා නිකන් ඉදී කියලා, දෙවෙනි එක ගැහුවාට සතුටුයි. ගහපු වෙලාවේ නම් අතට දැනුනේවත් නෑ. හැබැයි පැය දෙකක් තුනක් යන්නත් කලින්ම අත අමාරු උනා. ඉදිමුනා ටිකක්, උස්සගන්නත් අමාරුයි(කලින් පාර නම් ගොඩක් වෙලා ගිහින් අත අමාරු ආවේ). බෙහෙත් විද්දේ 10ට විතර, හවස් වෙනකම් අවුලක් තිබුනේ නෑ. හවස් වෙද්දි උණ ගත්තා, (ගොඩක් උණ ආවේ නෑ හැබැයි) ඇග අමාරු උනා ටිකක්. ගොඩක් අමාරු නැති නිසා මම පැනඩෝල්වත් නොබී හිටියා, නිදාගන්න කලින් නම් පැනඩෝල් 2ක් බිව්වා. (මම වැඩිය පැනඩෝල් බොන්නේ නෑ. ඒ නිසා අමාරු වෙලාවක බිව්වාම ඉක්මනට අමාරු අඩුවෙනවා). ආපහු පාන්දර ටිකක් ඇග අමාරු උනා. නින්ද ගියේ නෑ, අද උදේ වරුවේ නම් ඊයේට වඩා ටිකක් වැඩිපුර ඇග අමාරු තිබුනා, ඇග රිදෙනවා, පණ නෑ, ඔලුව රිදෙනවා වගේ, පොඩි සෙම ගතියකුත් තියනවා. බෙහෙත් විදපු අනිත් අය status දාලා තිබුනා ගොඩක් අමාරු උනා කියලා, ඇත්තටම මට නම් එච්චර අමාරු ආවේ නෑ. ආපහු පැනඩෝල් බිව්වේ අද උදේ (ඊයේ බීලා පැය 12කින්). තාම ඇග අමාරු අඩු නෑ.
මේ වැක්සීන් එක ගැහුවාම දවස් 3ක් යනකම් අත තෙමාගන්න එපා, නාන්න එපා. අත තැලෙන විදිහට නිදාගන්න එපා. මේ වැක්සීන් එක හරි සැරයි වගේ "ඌෂ්ණයි" වගේ. ඒ නිසා දවස් හතරකින් පහකින් නාලා එහෙම ටිකක් සීතල කෑම කෑවානම් හොදයි. කොත්තමල්ලි වෙනිවැල්ගැට එහෙම බිව්වාම ඇග අමාරු අඩුවෙනවා.
උෂ්ණ ගතිය ඇරෙන්න අද වෙනකම් වැක්සීන් එක නිසා විශේෂ අතුරු ආබාධ මුකුත් ආවේ නෑ.
I had the second dose of modrena in last May(Not in SL). Nothing special, just pain in the arm and high fever of 38.xx. Better to have a penadol once the pains or fever starts and then it will be control. That will be there for only two days.
 
  • Like
Reactions: DragonT