මොණරෙක්... මොණරෙක්...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මොණරෙක්... මොණරෙක්...

    JqSQOyq.jpg

    මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ
    ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින
    ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක්
    බව ඔබ දැන සිටියාද?

    ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු
    විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතා‍ව
    මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

    ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති
    රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත
    ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි.

    රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභාවයක් ගනී. තම ඇත් ගොව්වාට අතිශය කීකරු
    මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින්ද යුතු බව දළදා මාලිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත.

    1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම
    වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට
    ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස
    ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

    කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය.
    ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු
    මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය.

    මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ‍ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර්
    ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී.

    කණගාටුදායක ලෙස අන්තවාදී මුස්ලිම් පිරිස් වර්තමානයේ රට තුල වර්ධනය වෙමින් තිබුණත්
    සිංහල බෞද්ධයන් හා සහයෝගයෙන් ජීවත් වූ මෙවන් මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඉස්සර හිටියා කියලත් අමතක කරන්න එපා.

    අහුලගත්තෙ කජු වත්තෙන්
     
    Last edited:

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    කණගාටුදායක ලෙස අන්තවාදී මුස්ලිම් පිරිස් වර්තමානයේ රට තුල වර්ධනය වෙමින් තිබුණත්
    සිංහල බෞද්ධයන් හා සහයෝගයෙන් ජීවත් වූ මෙවන් මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඉස්සර හිටියා කියලත් අමතක කරන්න එපා.

    He He...Lolzzzzz
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකනේ මචන් ප්‍රශ්නෙ සින්හල දෙමල මිනිස්සුන්ට යුද්ධෙ හා ආකල්ප නිසා ඉදිරියට එන්න බැරිවුනා, ඒත් මුස්ලිම් අය මොන දේ කරලා හරි ඉහලට ඇවිත් ඉන්නව, ඕක හුඟක් සින්හල අයට දරාගන්න අමාරුයි, හරියට ඇස්වල කටු අනිනව වගේ, ඒ නිසා තමයි මුස්ලිම් එවුන්ට ඔය රිද්දන්න දඟලන්නෙ, අපේ අයට වෙච්ච දේ තේරුනේ යුද්ධෙ ඉවරවුනාට පස්සෙ, ඒත් අද අවාසනාවකට, ආයෙත් යුද්ධෙකට යන්න පාර කැපෙනව, අනිත් එවුන්ගෙ කෙරුවාව බලන්නෙ නැතුව ජාතියක් වශයෙන් ඉහලට යන්න උත්සාහයක් අදටත් සින්හලය තුල නෑ,
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Agreed
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මේකනේ මචන් ප්‍රශ්නෙ සින්හල දෙමල මිනිස්සුන්ට යුද්ධෙ හා ආකල්ප නිසා ඉදිරියට එන්න බැරිවුනා, ඒත් මුස්ලිම් අය මොන දේ කරලා හරි ඉහලට ඇවිත් ඉන්නව, ඕක හුඟක් සින්හල අයට දරාගන්න අමාරුයි, හරියට ඇස්වල කටු අනිනව වගේ, ඒ නිසා තමයි මුස්ලිම් එවුන්ට ඔය රිද්දන්න දඟලන්නෙ, අපේ අයට වෙච්ච දේ තේරුනේ යුද්ධෙ ඉවරවුනාට පස්සෙ, ඒත් අද අවාසනාවකට, ආයෙත් යුද්ධෙකට යන්න පාර කැපෙනව, අනිත් එවුන්ගෙ කෙරුවාව බලන්නෙ නැතුව ජාතියක් වශයෙන් ඉහලට යන්න උත්සාහයක් අදටත් සින්හලය තුල නෑ,

    උබෙ කතාවට මමත් එක්ගයි. සමහරවිට මෙක දැම්මම මටත් අම්බානක බනී. අපෙ ලංකාවෙ සිංහල කියන අපේ තියෙන ලොකුම දෙ තමයි අපේ එකෙක්ට ඉහලට යන්න දෙන්නෙ නැති එක. කොහොම හරි කෙලම් කියලා බෙල්ලක් මිරිකලා හරි ඉහලට යන එකාව බිමට ඇදලා දාන්න තමයි බලන්නෙ. වැඩි දුරක් හිතන්න ඔන නැ. තමන්ගෙ නෑදෑයො අහල පහල ඉන්න මිනිස්සු කරන දෙවල් ගැන පොඩ්ඩක් නැවතිලා හිතුවනම් තේරෙයි. අනික් ජාතියේ වැරදි හොයන්න කලින් අපි අපේ වැරදි හදාගෙන ඉන්න ඔන. මම මෙ කිවුවෙ මට හිතෙන දේ. අපි හැමොම මිනිස්සු.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබෙ කතාවට මමත් එක්ගයි. සමහරවිට මෙක දැම්මම මටත් අම්බානක බනී. අපෙ ලංකාවෙ සිංහල කියන අපේ තියෙන ලොකුම දෙ තමයි අපේ එකෙක්ට ඉහලට යන්න දෙන්නෙ නැති එක. කොහොම හරි කෙලම් කියලා බෙල්ලක් මිරිකලා හරි ඉහලට යන එකාව බිමට ඇදලා දාන්න තමයි බලන්නෙ. වැඩි දුරක් හිතන්න ඔන නැ. තමන්ගෙ නෑදෑයො අහල පහල ඉන්න මිනිස්සු කරන දෙවල් ගැන පොඩ්ඩක් නැවතිලා හිතුවනම් තේරෙයි. අනික් ජාතියේ වැරදි හොයන්න කලින් අපි අපේ වැරදි හදාගෙන ඉන්න ඔන. මම මෙ කිවුවෙ මට හිතෙන දේ. අපි හැමොම මිනිස්සු.
    හෆෝ බිස්නස් එකක් කරන්න පටන්ගත්තම ඉස්සෙල්ලම බුරාගෙන පනින්නෙ ගෙදර මිනිස්සූ. හුඟක් වෙලාවට අම්ම තාත්තා පවා මෙහෙමයි, කොහොමවුනත් මේ කියන දේ හුඟක් අයට තේර්න්නෙ නෑ, ඒ නිසා තමයි විරුද්ධව කතාකරන අයට නිවටයො හම්බයො කියලා අපහාස කරන්නෙ.:oo::angry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේකනේ මචන් ප්‍රශ්නෙ සින්හල දෙමල මිනිස්සුන්ට යුද්ධෙ හා ආකල්ප නිසා ඉදිරියට එන්න බැරිවුනා, ඒත් මුස්ලිම් අය මොන දේ කරලා හරි ඉහලට ඇවිත් ඉන්නව, ඕක හුඟක් සින්හල අයට දරාගන්න අමාරුයි, හරියට ඇස්වල කටු අනිනව වගේ, ඒ නිසා තමයි මුස්ලිම් එවුන්ට ඔය රිද්දන්න දඟලන්නෙ, අපේ අයට වෙච්ච දේ තේරුනේ යුද්ධෙ ඉවරවුනාට පස්සෙ, ඒත් අද අවාසනාවකට, ආයෙත් යුද්ධෙකට යන්න පාර කැපෙනව, අනිත් එවුන්ගෙ කෙරුවාව බලන්නෙ නැතුව ජාතියක් වශයෙන් ඉහලට යන්න උත්සාහයක් අදටත් සින්හලය තුල නෑ,
    :cool:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබෙ කතාවට මමත් එක්ගයි. සමහරවිට මෙක දැම්මම මටත් අම්බානක බනී. අපෙ ලංකාවෙ සිංහල කියන අපේ තියෙන ලොකුම දෙ තමයි අපේ එකෙක්ට ඉහලට යන්න දෙන්නෙ නැති එක. කොහොම හරි කෙලම් කියලා බෙල්ලක් මිරිකලා හරි ඉහලට යන එකාව බිමට ඇදලා දාන්න තමයි බලන්නෙ. වැඩි දුරක් හිතන්න ඔන නැ. තමන්ගෙ නෑදෑයො අහල පහල ඉන්න මිනිස්සු කරන දෙවල් ගැන පොඩ්ඩක් නැවතිලා හිතුවනම් තේරෙයි. අනික් ජාතියේ වැරදි හොයන්න කලින් අපි අපේ වැරදි හදාගෙන ඉන්න ඔන. මම මෙ කිවුවෙ මට හිතෙන දේ. අපි හැමොම මිනිස්සු.
    :yes::yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපේ කස්ටිය පොඩ්ඩක් හැදිලා වගෙයි...:cool::cool: මරාගන්නේ නැතිව වැඩක් කරන්න බලන එක අගය කල යුතුය..:yes::yes::yes:

    :yes:

    ඇත්තටම ප්‍රශ්ණයක් විසඳගන්න ඕනකමක් තියෙනවා නම් ඒක විසඳන්න බැරි කමක් නෑ. බොරුවට තර්කයක් නැතුව කුණුහරප ඇදබාන එකෙන් ප්‍රශ්ණ විස‍ෙඳෙන්නෙ නෑ. ඒක දැන් ටිකක් එළකිරි වාසීන් තේරුම් අරන් වගේ තමා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Machan me atha nilame kenek lebbegen salli deela aran thamai maligawata puuja karala thiyenne. maligawe thiyanawa me atha wenuwen hadapu museum ekak. eke thiyanawa wisthara okkoma :cool::cool::cool:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේකනේ මචන් ප්‍රශ්නෙ සින්හල දෙමල මිනිස්සුන්ට යුද්ධෙ හා ආකල්ප නිසා ඉදිරියට එන්න බැරිවුනා, ඒත් මුස්ලිම් අය මොන දේ කරලා හරි ඉහලට ඇවිත් ඉන්නව, ඕක හුඟක් සින්හල අයට දරාගන්න අමාරුයි, හරියට ඇස්වල කටු අනිනව වගේ, ඒ නිසා තමයි මුස්ලිම් එවුන්ට ඔය රිද්දන්න දඟලන්නෙ, අපේ අයට වෙච්ච දේ තේරුනේ යුද්ධෙ ඉවරවුනාට පස්සෙ, ඒත් අද අවාසනාවකට, ආයෙත් යුද්ධෙකට යන්න පාර කැපෙනව, අනිත් එවුන්ගෙ කෙරුවාව බලන්නෙ නැතුව ජාතියක් වශයෙන් ඉහලට යන්න උත්සාහයක් අදටත් සින්හලය තුල නෑ,

    ow.. kaalakanni deshapaaluwoth innawane :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow.. kaalakanni deshapaaluwoth innawane :angry:
    දේශපාලකයො කියන්නෙ අහසින් වැටුනු ජාතියක් නෙමෙයි, අපි අතරෙම ඉන්න මිනිස්සු. හුඟක් අය හැමදේම දේශපාලකයොන්ට භාරදීලා නිකන් ඉන්න කැමතියි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දේශපාලකයො කියන්නෙ අහසින් වැටුනු ජාතියක් නෙමෙයි, අපි අතරෙම ඉන්න මිනිස්සු. හුඟක් අය හැමදේම දේශපාලකයොන්ට භාරදීලා නිකන් ඉන්න කැමතියි

    නෑ එහෙම කියන්න එපා මචන්
    දෙමළ මුස්ලිම් දේශපාලන නියෝජිතයන්ට සාපේක්ෂව සිංහල ජනතාවගේ ප්‍රශ්ණ වලදී සිංහල දේශපාලඥයන් සංවේදී බවක් පෙන්වන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඒ දෙමළ මුස්ලිම් නායකයො ජාති වාදී දේශපාලනයක් කලාට අපිත් එහෙම කරන්න ඕ‍නෙ කියලා. නමුත් තමන්ගෙ ජාතිය ගැන යම් කිසි කැක්කුමක් තියෙන්න ඕනෙ දේශපාලඥයෙක් උනාම. එහෙම නැති උනාම තමයි සල්ලි වලට හැම දේම පාවලා දෙන්නෙ. අඩුම තරමින් තමන්ගෙ ජාතිය ආගමට තර්ජනයක් එල්ල උනාමවත් ඒ වෙනුවෙන් හඬක් නගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ජනතාව විසින් ජනතාව පාලනය කරගන්න පුලුවන් නම් කීයටවත් දේශපාලන නායකත්වයක් බිහි කරගන්නෙ නැහැනෙ. අපිට බැරි නිසයි දේශපාලන නායකත්වයක් බිහි කරලා සර්වජන ඡන්දයෙන් පාර්ලිමේන්තුව ප්‍රමුඛ පාලන ඒකක වලට නියෝජිතයො තෝරගන්නෙ. මිනිස්සු හැටියට අපිටත් සමාජ වගකීමක් තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව වඩා ලොකු වගකීමක් දේශපාලඥයන්ට තියෙනවා. ඒ අය තමයි සමාජය මෙහෙයවිය යුත්තේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :yes:

    ඇත්තටම ප්‍රශ්ණයක් විසඳගන්න ඕනකමක් තියෙනවා නම් ඒක විසඳන්න බැරි කමක් නෑ. බොරුවට තර්කයක් නැතුව කුණුහරප ඇදබාන එකෙන් ප්‍රශ්ණ විස‍ෙඳෙන්නෙ නෑ. ඒක දැන් ටිකක් එළකිරි වාසීන් තේරුම් අරන් වගේ තමා

    :rolleyes:
     
    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    උබෙ කතාවට මමත් එක්ගයි. සමහරවිට මෙක දැම්මම මටත් අම්බානක බනී. අපෙ ලංකාවෙ සිංහල කියන අපේ තියෙන ලොකුම දෙ තමයි අපේ එකෙක්ට ඉහලට යන්න දෙන්නෙ නැති එක. කොහොම හරි කෙලම් කියලා බෙල්ලක් මිරිකලා හරි ඉහලට යන එකාව බිමට ඇදලා දාන්න තමයි බලන්නෙ. වැඩි දුරක් හිතන්න ඔන නැ. තමන්ගෙ නෑදෑයො අහල පහල ඉන්න මිනිස්සු කරන දෙවල් ගැන පොඩ්ඩක් නැවතිලා හිතුවනම් තේරෙයි. අනික් ජාතියේ වැරදි හොයන්න කලින් අපි අපේ වැරදි හදාගෙන ඉන්න ඔන. මම මෙ කිවුවෙ මට හිතෙන දේ. අපි හැමොම මිනිස්සු.

    සම්පූර්ණයෙන්ම එකගයි...