නෑ එහෙම කියන්න එපා මචන්
දෙමළ මුස්ලිම් දේශපාලන නියෝජිතයන්ට සාපේක්ෂව සිංහල ජනතාවගේ ප්‍රශ්ණ වලදී සිංහල දේශපාලඥයන් සංවේදී බවක් පෙන්වන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඒ දෙමළ මුස්ලිම් නායකයො ජාති වාදී දේශපාලනයක් කලාට අපිත් එහෙම කරන්න ඕනෙ කියලා. නමුත් තමන්ගෙ ජාතිය ගැන යම් කිසි කැක්කුමක් තියෙන්න ඕනෙ දේශපාලඥයෙක් උනාම. එහෙම නැති උනාම තමයි සල්ලි වලට හැම දේම පාවලා දෙන්නෙ. අඩුම තරමින් තමන්ගෙ ජාතිය ආගමට තර්ජනයක් එල්ල උනාමවත් ඒ වෙනුවෙන් හඬක් නගන්න පුලුවන් වෙන්න ඕනෙ.
ජනතාව විසින් ජනතාව පාලනය කරගන්න පුලුවන් නම් කීයටවත් දේශපාලන නායකත්වයක් බිහි කරගන්නෙ නැහැනෙ. අපිට බැරි නිසයි දේශපාලන නායකත්වයක් බිහි කරලා සර්වජන ඡන්දයෙන් පාර්ලිමේන්තුව ප්‍රමුඛ පාලන ඒකක වලට නියෝජිතයො තෝරගන්නෙ. මිනිස්සු හැටියට අපිටත් සමාජ වගකීමක් තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව වඩා ලොකු වගකීමක් දේශපාලඥයන්ට තියෙනවා. ඒ අය තමයි සමාජය මෙහෙයවිය යුත්තේ.