මොදී ට බයේ චීන වරාය නවතා දමයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    මෙහෙමත් කොන්ද පන නැති යහපාලන හිටං කට්ටිය. මෙන්න බලන්න
    මතභේදාත්මක කොළඹ, චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය පිළිබඳ ගැටලුව ද්විපාර්ශවික මිත්‍ර සබඳතා අනුව විසඳා ගැනීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාසය පළ කරයි.

    අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වියදමින් ක්‍රියාත්මක වෙමින් පවතින අදාළ ව්‍යාපෘතිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට නව රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

    ඒ පිළිබද අදහස් දක්වන චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුනියින් පවසන්නේ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා දරන ශ්‍රී ලංකා රජයේ උත්සහයන් පිළිබඳ චීනය අවබෝධයෙන් සිටින අතර ඊට ගරු කරන බවයි.

    මෙම ගැටලුව විසඳීම සදහා ශ්‍රී ලංකා රජය සාධාරණ උත්සාහයක් ගනු ඇති බවට චීනය විශ්වාසය පළ කරන බව පවසන එම ප්‍රකාශිකාව ශ්‍රී ලංකාවේ ආයෝජන කෙරෙහි චීන සමාගම් වල ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බවද පෙන්වාදෙයි.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා චීනයේ සංචාරය කිරීමෙන් පසු ප්‍රකාශකර ඇත්තේ පසුගිය පාලන කාලය සමයේ සිදු වූ මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීමට රජය කටයුතු කරන බවයි.

    චීන සමාගම් වල ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති පිළිගන්නා බව ප්‍රකාශ කර ඇති මෙරට විදේශ අමාත්‍යවරයා චීනය සමඟ සහයෝගයෙන් කරන ව්‍යාපෘති පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කළ බව හුවා චුනියින් පවසයි.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පසුගිය සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජිම් පිං මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 13 වනදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබියදී එම ව්‍යාපෘතිය අත්හිටුවීමට නව රජය ගත් තීරණයෙහි විශේෂත්වයක් ඇති බව විදෙස් වාර්තා වල දැක්වෙයි.
    අද දෙරණ
     
    • Like
    Reactions: roma100

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චීනෙ තමයි ඊලග ලෝක බලවතා, චීනෙ පැත්තකට දාලා ඇමෙරිකන් කාරයාගෙ බලුකුක්කුක් වගේ ඉන්න ඉන්දියාවට හේත්තුව දාන්න යන්නේ. මුන්ට පිස්සු
     
    • Like
    Reactions: samanx

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උදේම තප්පුලන අම්බරුවා පලවෙනි පුන්නක්කු බාල්දිය ලබා ගනී! :yes: :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් ඉන්දියාව කියන්නෙ ලංකාව දියුණු වෙනවා දකින්න අකමැති රටක්. විශේෂයෙන් චීනය වගේ රටක සහයෝගය ගන්නවට කොහොමවත් කැමති නැ. අපේ ලොක්කො දැනගන්න ඕන පාරෙ රෙන එවුන් කියන විදියට වැඩ කරනවද නැත්නම් සහයෝගය දෙන අයත් එක්ක ගමන යනවද කියල තීරණය කරන්න.
     
    • Like
    Reactions: samanx

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙහෙමයි ඉතින් යතාර්තවාදීව හිතනව නම් අපිට ඉන්දියාව බල කරනව නම් මේ ව්‍යාපෘතිය නතර කරන්න වෙනවා:dull:...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ:rolleyes:..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය ව්‍යාපෘති පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා:yes:..කොහොමත් ඉන්දියාව කැමති නෑ ද.ආසියානු කලාපයේ චීනය ව්‍යාප්ත වෙනවා දකින්න..ඒ නිසා චීනේ කරන හැම දේටම ඉන්දියාව විරුද්ද වෙනවා..හම්බන්තොට වරාය හදත්දිත් විරුද්ද උනානේ...:baffled:
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    චීනෙ තමයි ඊලග ලෝක බලවතා, චීනෙ පැත්තකට දාලා ඇමෙරිකන් කාරයාගෙ බලුකුක්කුක් වගේ ඉන්න ඉන්දියාවට හේත්තුව දාන්න යන්නේ. මුන්ට පිස්සු

    ටොයියෙක් කතා කරයි:
    කොටි කියන්නේ රටේ ජනතාව. ඉන්දියාවේ ඉන්නෙත් අපේ රටේ යුද්දෙන් පීඩා විඳලා අවතැන් වෙච්ච ජනතාව :P මේකට වගකියන්ඩ ඕනේ මිනීමරු හමුදාව​
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චීනෙ තමයි ඊලග ලෝක බලවතා, චීනෙ පැත්තකට දාලා ඇමෙරිකන් කාරයාගෙ බලුකුක්කුක් වගේ ඉන්න ඉන්දියාවට හේත්තුව දාන්න යන්නේ. මුන්ට පිස්සු

    මං අහගෙන ප්‍රවෘර්ති වලට කියනව මචන් චීනෙ එකට ඇවිල්ල කියලා :yes:
    ඇමරිකාව දෙකට ඉන්නේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චිනෙය තරහ කරගන්නවා කියන්නේ අපේ අතින් බෙල්ලේ වැලදාගන්නවා වගේ වැඩක්. ඉන්දියාව අපිට පරිප්පු දැම්ම විතරයි කරපු මගුලක් නෑ. ආරක්ශක මණ්ඩලේදි උනත් චීනයි , රුසියාවයි අපිට සහයෝගය දුන්නට ඉන්දියාව අපිට විරුද්ධව හිටියේ. ඔන්න බලාපල්ලා චීනය අපෙන් අයින් උනොත් උන් ඊලග ආරක්ශක ඡන්ද විමසීමකදී ඡන්දය භාවිතා කරන්නේ නෑ , ඒ එක්කම රුසියාව භාවිතා කරන එකත් නවත්තනවා. ඇමරිකාවේ ඇමට අපි ටික ටික කිට්ටු වෙමින් තියෙනවා. නේටෝවෙන් මෙහෙට ඇවිත් යුධවීරයන් අරන් යනකන් කටවල් ඇරන් බලන් හිටපල්ලා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කොහොමත් ඉන්දියාව කියන්නෙ ලංකාව දියුණු වෙනවා දකින්න අකමැති රටක්. විශේෂයෙන් චීනය වගේ රටක සහයෝගය ගන්නවට කොහොමවත් කැමති නැ. අපේ ලොක්කො දැනගන්න ඕන පාරෙ රෙන එවුන් කියන විදියට වැඩ කරනවද නැත්නම් සහයෝගය දෙන අයත් එක්ක ගමන යනවද කියල තීරණය කරන්න.
    කලුගල් කියුබ් ලක්ෂ දෙකක් කඩල මූදට දාන්න පිස්සුද බන්:baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොදී ට බයේ චීන වරාය... 03-06-2015 10:14 AM --:P

    කාට හරි කමෙන්ට් එකට රිදිලා....:rofl:
    රිදුනට කරන්න දෙයක් නෑ...යතාර්ථය තමයි මම කිව්වේ..රටක් පාලනය කරද්දි නායකයෝ දැන ගන්න ජාත්‍යන්තරය කලමනාකරනය කර ගන්න...ඉන්දියාව තරහා කරගෙන චීනෙට ලන් වෙලා වැඩක් නෑ...කරන්න තියෙන්නේ රටවල් දෙකම ශේප් එකේ තියා ගන්න එක..:yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චිනෙය තරහ කරගන්නවා කියන්නේ අපේ අතින් බෙල්ලේ වැලදාගන්නවා වගේ වැඩක්. ඉන්දියාව අපිට පරිප්පු දැම්ම විතරයි කරපු මගුලක් නෑ. ආරක්ශක මණ්ඩලේදි උනත් චීනයි , රුසියාවයි අපිට සහයෝගය දුන්නට ඉන්දියාව අපිට විරුද්ධව හිටියේ. ඔන්න බලාපල්ලා චීනය අපෙන් අයින් උනොත් උන් ඊලග ආරක්ශක ඡන්ද විමසීමකදී ඡන්දය භාවිතා කරන්නේ නෑ , ඒ එක්කම රුසියාව භාවිතා කරන එකත් නවත්තනවා. ඇමරිකාවේ ඇමට අපි ටික ටික කිට්ටු වෙමින් තියෙනවා. නේටෝවෙන් මෙහෙට ඇවිත් යුධවීරයන් අරන් යනකන් කටවල් ඇරන් බලන් හිටපල්ලා.
    ඕක තමයි වෙන්නේ. ඉන්දියාව කියන්නේ තනිකරම ඇමෙරිකාවෙ අතකොලුවක්. ඉන්දියාවෙන් අපිට වෙන වාසියක් නෑ. අඩුන ගානෙ අන්තර්ජාතික ප්‍රශ්න වලදිවත් අපිත් එක්ක නෑ.ඇමෙරිකාව කියන විදියට වලිගෙ වනනවා. ඒ අතින් චීනේ,රුසියාව තමා හැමදාමත් අපිත් එක්ක හිටියෙ. උන් දෙගොල්ල කීපරක් නම් අපිව බේර ගන්න ඇද්ද? ඉන්දියාව මොකක්ද කලේ? එක්කො අපිට විරුද්ද්ව වැඩ කලා එහෙම නැත්නම් බයේ හැන්ගිලා හිටියා.

    මහින්ද ඉන්දියාව තරහ කර ගන්නේ නැතිව චීනෙත් එක්ක සම්බන්ද උනා. පොඩි පොඩි ප්‍රශ්න එන්න ඇති නමුත් එකට එක කරන්න ගියේ නෑ. එක රටක් නිසා තව රටක් එක්ක තරහ වුනේ නෑ. ඉන්දියාවට ඕන අපිව අල්ලගෙන දකුන මුදුදේ බලේ ගන්න. හැබැයි ඇත්තම කාරනේ නම් ඇමෙරිකාවට ඔනේ ඒකයි.

    කවුරු මොනා කිව්වත් අපි චීනෙත් එක්ක අත්වැල් බැඳ ගන්න එක අපේ අනාගතයට හොදයි.
    :yes:
     

    Similar threads