මොදී ට බයේ චීන වරාය නවතා දමයි
මෙහෙමත් කොන්ද පන නැති යහපාලන හිටං කට්ටිය. මෙන්න බලන්න
මතභේදාත්මක කොළඹ, චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය පිළිබඳ ගැටලුව ද්විපාර්ශවික මිත්‍ර සබඳතා අනුව විසඳා ගැනීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාසය පළ කරයි.
අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වියදමින් ක්‍රියාත්මක වෙමින් පවතින අදාළ ව්‍යාපෘතිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට නව රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.
ඒ පිළිබද අදහස් දක්වන චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුනියින් පවසන්නේ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා දරන ශ්‍රී ලංකා රජයේ උත්සහයන් පිළිබඳ චීනය අවබෝධයෙන් සිටින අතර ඊට ගරු කරන බවයි.
මෙම ගැටලුව විසඳීම සදහා ශ්‍රී ලංකා රජය සාධාරණ උත්සාහයක් ගනු ඇති බවට චීනය විශ්වාසය පළ කරන බව පවසන එම ප්‍රකාශිකාව ශ්‍රී ලංකාවේ ආයෝජන කෙරෙහි චීන සමාගම් වල ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බවද පෙන්වාදෙයි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා චීනයේ සංචාරය කිරීමෙන් පසු ප්‍රකාශකර ඇත්තේ පසුගිය පාලන කාලය සමයේ සිදු වූ මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීමට රජය කටයුතු කරන බවයි.
චීන සමාගම් වල ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති පිළිගන්නා බව ප්‍රකාශ කර ඇති මෙරට විදේශ අමාත්‍යවරයා චීනය සමඟ සහයෝගයෙන් කරන ව්‍යාපෘති පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කළ බව හුවා චුනියින් පවසයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පසුගිය සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජිම් පිං මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 13 වනදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබියදී එම ව්‍යාපෘතිය අත්හිටුවීමට නව රජය ගත් තීරණයෙහි විශේෂත්වයක් ඇති බව විදෙස් වාර්තා වල දැක්වෙයි.
අද දෙරණ

...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ
..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය ව්‍යාපෘති පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා