මොනර කුඩුම්බිය කැඳ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මොනර කුඩුම්බිය කැඳ

    මොනර කුඩුම්බිය කැඳ බොමු

    සෑම ගෙවත්තකම පාහේ දැකිය හැකි කුඩා ඉඩ ප්‍රමාණයක වුවද වැවෙන මෙම ශාකයෙන් රසවත් කැඳ සාදා ගත හැකිය. ස්නායු ශක්තිය වැඩි දියුණු කරන ප්‍රබල ඔසුවක් වන මෙය කැඳ පමණක් නොව රසවත් ආහාරයක් ලෙසට බීමක් ලෙසට සාදා ගත හැකිය. අප කැඳ සාදා ගන්නා ආකාරය විමසා බලමු.

    අවශ්‍ය දේ -

    සම්පූර්ණ පැළෑටියම ගලවා ගත් ටිකක්

    පොල් ස්වල්පයක්

    සුදු ලූනු, උළුහාල්, ලුනු ස්වල්පයක්

    කැකුළු හාල්

    හකුරු කෑල්ලක්

    සාදාගන්නා ආකාරය -

    මොනරකුඩුම්බිය ගසේ සියලු කොටස් සමග ගලවාගෙන එය හොඳින් සෝදා පිරිසිදු කර ගෙන බ්ලෙන්ඩරයට දමා පොල් ටිකක්, සුදු ලූනු, වතුර දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න.

    කැකුළු හාල් ටිකක් ලිප තබා එයට උළුහාල් ද දමා බත් තම්බා ගෙන එයට බ්ලෙන්ඩර් කරගත් මොනරකුඩුම්බිය යුෂ දමා මද රස්නයෙන් රත් වූ පසු පානය කළ හැකිය. ක්ලෝස්ටර්රෝල් වැනි රෝගීන්ට පොල් නොදමා සාදා ගන්න. වැඩි රසයක් ලබාගැනීමට හකුරු ස්වල්පයක් සමග පානය කරන්න.

    අඩංගු දෑ -

    කාබෝහයිඩ්‍රේට්

    කැල්සියම්

    පොස්පරස්

    යකඩ ආදී ඛනිජ ලවණ

    විටමින් A, B. C, D සහ E

    එහි ගුණ -

    * පෝෂණයෙන් අධික නිසාම රක්තහීනතාවය නැති කරයි.

    * මාන්දමින් පෙළෙන දරුවන්ට විශේෂයෙන් දෙනු ලබන කැඳකි.

    * මතක ශක්තිය වැඩිදියුණු කරයි. ස්නායු දුර්වලතා වලක්වයි. එනිසා වාත රෝගීන්ට සහ අංශ භාග රෝගීන්ට ද ඉතා හොඳයි.

    * ස්නායු ශක්තිය වැඩි දියුණු කරන නිසාම අක්ෂි රෝග වළක්වයි.

    * රුධිරය පිරිසිදු කරන නිසාම චර්ම රෝග මැඩ පවත්වයි.

    * රක්තය පිරිසිදු කර සම පැහැපත් කරයි. එනිසා කුරුලෑ නැති කරයි. දද කුෂ්ඨ තුවාල නැති කරයි.

    * ගර්භනී මවුවරුන්ට රක්ත හීනතාවයට මුත්‍රා දාහයට ඉතා හොඳයි.

    * ඇඟ සිසිල් කරයි. ඇඟ උණුකරවා යෑම වළක්වයි. (ශ්වේත ප්‍රදර) ඔසප් චක්‍රය අක්‍රමවත් අයට එය ක්‍රමවත් කරයි.

    * කකුල් පැලෙන තොල් පැලෙන රත්පිත් සහිත අයට එම දොස් නැති කරයි.

    * කොළ කැඳ අගුණ වන අවස්ථා අඩුය.

    ආර්. යටවතුර
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ පට්ට පොස්ට් ගොඩක් දාලා තියනවා රේප් දෙන්නේ පුළුවන් උන ගමන් දෙනවා
     
    • Like
    Reactions: djjaya