මොනවද මේ නිධන් වස්තු.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,174
    8,167
    113
    M-Town
    කොරොනාවත් එක්ක ගෙදර ඉන්න බැරිම තැන ලියන්න ගත්තේ. මුලින්ම කියන්න ඔනේ කිසිම පින්තුරයක් මම මෙතන දාන්නේ නෑ.මෙහි සදහන් කරනා සියලුම ස්තාන මම විසින් නිරික්ශ්නය කර අති අතර කිසිම තැනකින් කෙලසකවත් උපටා ගනිමක් සිදුකර නැත.

    ස්තූතිය :උදවුකල පුරාවිද්‍යව හදාරන කිහිප දෙනෙකුටත්.

    මොනවද මේ නිධන් වස්තු. කෙනෙකුට වෙනම ආකාරයකින් අර්ත නිරූපනය කරන්න පුලුවන්. තව කෙනෙකුට තව විදියකට කියන්නත් පුලුවන්. නිදන් යනු ලෙසියෙන් ගොඩ ගැනීමට හැකිදෙයක් නම් නොවේ. රජවරයෙකු, බිසවක,සිටුවරයෙකු,මැති ඇමතිවරයකු විසින් තමන්ට අයත් වස්තුන්/වස්තු සම්භාරයන් රටේ හෝ තම පරම්පරවේ උන්නතිය වෙනුවෙන යම්කිසි කාලයකදී ගැනීම සදහා නිදන් කර තබන්න පුලුවන්. එවා ලේසියෙන් නම් ගන්න බැහැ එසදහා වෙන මම ක්‍රම ඔවුන් විසින් සදහන් කර තිබුනත් කාලයගේ ඇවෑමෙන් ඒවා විනශ වී ගොස් ඇත. නිදන් වදුල ලෙස සදහන් වන මෙවැනි පොත් පත් ලන්කාවේ ඇත්තේ බොහොම සීමිත් ප්‍රමනයකි. සත්‍ය නිදන්වදුලු බොහොමයක් රටින් පිටයි ඇත්තේ.ලන්කාවෙ කීප දෙනෙකු අත වදුලු පැවතුනත් ස්තාන සොයාගැනීමේ අපහසු තාවයන් පවතිනවා.

    නිදන් පවතින බොහො ස්තාන හදුනා ගැනීම සදහා බොහොවිට ස්තානයන්ට අදාලව සලකුනු දැකිය හැකිවන අතර එම සලකුනු වලින් නිදන් පවතින ස්තාන පිලිබදව හරි අවබෝදයන් ලබා ගන්න පුලුවන්. සලකුන ඇති ස්තානයේ බොහොවිට නිදන් ගබඩා නොකරන අතර සලකුනට අදාල ගනිතමය ක්‍රමයක් මගින් ස්තනය නිර්නය කරගත් හැක.( සලකුනෙහි නිදන්කල අවස්තාද ඇත)

    නවීන තාක්ශනය බාවිතයෙන් ස්තානය සොයා ගැනීම :
    මේ කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්
    1. Metal detector Indicator Machines :

    2 .Metal detector 3 D scanners: මෙයත් කොටස් කීපයකට වෙනකරන්න පුලුවන් උනත් පොඩි විස්තරයක් මෙම උපකරන ගැන ලබා දෙන්නම්.

    3. Metal and water detector 3 D machines

    1. Metal detector Indicator Machines මෙය අතේ ගෙනයා හැකි ඉතම කුඩා උපකරනය වන අතර අවශ්‍යනම් මීටරයක් පමන director එක දික්කිරීමට පුලුවන්. ඉලෙක්ට්‍රොනික් sound එකක් ලබාදීම සිදුවන අතර දුර සහ ගැබුර 1 - 350 මීටර දක්වා පරසයක් පවතිනවා. මුදලින් රු 85000 ක් පමන වෙන අතර ලන්කාවෙ විකිනීම සන්තකයේ තබා ගැනිම නීති විරිදී ක්‍රියවක් වේ.

    ක්‍රියා කාරිත්වය. : සියලුම ලෝහ සදහා අති සංවේදී උපකරනයකි. මිනිරන් රත්‍රන් ආදී සියලුම ලෝහ සදහා සංවේදී වේ. නමුත් මැණික් දියමන්ති සදහා සංවේදී තාවයක් නොදක්වයි .මෙමගින් ස්තානය 100% නිවැරදිව ලබා ගැනීමට නොහකිවේ.

    2 .Metal detector 3 D scanners: බොහො නිදන් හන්ටර්ස්ලා ලග තියෙන උපකරනකි. ලන්කාවෙ බහුලවම බාවිතා වෙන්නෙ Titan GER 500 කියන GERMANY යේ නිශ්පාදනයකරන උපකරනය වන අතර මිලෙන් ලක්ශ්‍ය 30 කට අදික වේ. නමුත් මෙහි ක්‍රියාකරිත්වය පවිච්චි කරන අය දන්නේ නැති නිසා උපකරනයේන් වැඩක් ගැනීම සහ උපකරනයෙන් ස්තාන පරික්ශා කිරිමට යෑමෙදී යම් යම් ගැටලු පැනනැගේ.
    ක්‍රියා කාරිත්වය : ත්‍රිමාන ULTRA SOUND waves නිකුත් කිරීම මගින් 3D diagram එකක් වර්නවත් තිරය මත දිවන අතර එමගින් වස්තුවට ඇති දුර ප්‍රමානය සහ ගැබුර 95% පමන නිවරදිව පෙන්නුම් කරනවා. හොද ඔපරෙටර් කෙනෙකුට නම් 100% නිවැරදිව අරගන්න පුලුවන්. රත්‍රන් රිදී අදිය ඩිටෙක්ට් වන අතර ලොහයේ වරගය අනුව එහි ගේජ් අගයෙන් ලොහය කුමක්ද කියා හදුනා ගන්න පුලුවන්. මෙයත් මැණික් සහ දියමන්ති සදහා ඩිටෙක්ට් වෙන්නේ නෑ. ( ඩිටෙක්ට් වෙනවා නම් විනිල් & ගුරුගේ නිකන් ඉදියි )
    වතුර ඇත්නම් පමනම් ගේජ් අගය මගින් ඩිටෙක්ට් කර ගන්න පුලුවන් .මෙහි ක්‍රියා කාරි වපසරය උපරිම කිලෝමීටර 2.5 - 5 පමනවේ. මෙය පසුගිය වසර වල අරක්ශක අංශ මගින් ගිනි අවි වලදමා අති ස්තාන සොයා ගැනිම සදහා ගෙන්වා තිබුනා. එවගෙන ඔපරේටර්ස් ලා සදහා විදෙස් පුහුනුවක් ලබා දීලත් තිබුනා. මෙයත් ලන්කාවෙ විකිනීම සන්තකයේ තබා ගැනිම නීති විරොදී ක්‍රියවක් වේ.

    3.Metal and water detector 3 D machines : මෙමගින් 1හි සදහන් කල දේ සහ වතුර ඇතිතන් සොයා ගැනිම සදහා බාවිතා කරයි. නල ලිං හැරීමෙදී භවිතා කරයි . දැනට ජලසම්පාදන මන්ඩලය සතුව පවති. මම මෙම උපකරන ක්‍රිය කර නැත.

    My Experience :

    මගේ පරන යලුවෙක් ලන්කාවට එනවා පුරාවිද්‍යව පිලිබද New York university එකේ PhD එක කරන. මිනිහා ඉන්දියව තොරගෙන හිටියත් අවුරුදු 1 පමන ලන්කාවෙ ඉන්න පුලුවන් නිසා පස්සෙ ලන්කාවට එනවා. මුලින්ම ඔහු ලන්කාවෙ තැන් කීපයක් තෝයා ගන්නවා . මෙතන් සිට පවසන්නේ ඔහුත් සමග ගතකල දිනයන්හි ඔහුත් සමග නිරික්ශනය කරන ලද ස්තානයන්ය. මුලින්ම අපිට එක ස්තානයක් එනවා නුවර එලියට කිට්ටුව මමත් ඔහුත් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් සමග ගමනට පිටත් වෙනවා. එතන තිබුනේ පුම්බපු නෙලුම් මලක් එතනට ගිය අපිට දකින්නට ලබුනේ පුරාන රජදානියකට අයත් කොවිලක නටබුන් ( මගෙ මිත්‍රයගේ නිගමනය අනුව) මෙ වෙන කන් දැකපු ලස්සනම කටයම් සහ ලස්සනම ස්තනයක්. අවසනවකට මීට අවුරුදු 6 කර කලින් එම ස්තානයේ තිබුන සියලුම වස්තුන් හාරා ගොඩ ගෙන තිබුනේ. නමුත් ඔවුන් විසින් කිසිම සලකුනකට රූපයකට හානි කරලා නෑ අතිතයේ තිබුන ලෙසම අදටත් බලා ගන්න පුලුවන්. ඇත්තටම මේ වස්තුව අරන් තිබුනේ ප්‍රදේශයේම පුද්ගලයන් පිරිසක්. කරපු පින් අතේ වැඩනම් එමටයි ගමටත් සෑහෙන වැඩඩිකක් කරලා තියෙන්නෙ . කිලෝ 3500 පමන රත්‍රන් තමා අරගෙන තියෙන්නේ. මැනික් ගල් 9 ක් තිබුනලු මගේ මිත්‍රයා තම කිව්වේ.

    ඉන්පසු අපිට සම්බන්ද වෙන්නෙ රිටිගල ප්‍රදේශය. මගේ මිත්‍රයා කිව්වේ මාරුවුන අන්ඩු සියල්ලගෙම ප්‍රබූන් වස්තුව සියල්ල සුද්දකරලා තියෙන්නේ කියලා. නමුත් එහි සිටින පුරාවිද්‍යා සම්බන්ද නිලදාරින් කිව්වේ ඔව්න් දන්නා සියලුම තන්වල අති සෙල්ලිපි සහ සලකුනු සියල්ල දැනට අවුරුදු 5-6 කට කලින් ඔව්න් විසින් කඩා ඉවකල බවත් සෙල්ලිපි සියල්ල වලදැමූ බවත්ය. අවශ්‍ය නම් ස්තාන පෙන්වන්න පුලුවන් කියලයි. එවන් ස්තාන කීපයකට අපි ස්කෑනර් යන්ත්‍රය යොදා බැලුවත් තැන් කීපය හැර අන්සියල්ලම අදටත් සුරක්ශිතව පවතින බව දැකගන්නට ලබුනා.

    අපිට සෙට් වෙනවා හන්ටර් කෙනෙක් . මගෙ යලුවගේ සුපිරි මොලෙන් තමා සෙට් වෙන්නේ. අවාසනව කියන්නේ රටේ ඉහලම තැන්වල ඉන්නා කීපදෙනෙක් මේ වැඩේට හවුල් වෙලා ඉන්නවා. මමත් හරියට කියන්න දන්නේ නෑ පට්ට අලි ඉන්න කැලෑවක්. කැලෑව අතුලේ එක පත්තක වැවක් එක්ක ලොකු ගලක් සෙට් වෙනවා. ගල මුදුනේ ඉතම ලස්සනට ලබු ගෙඩියක සලකුනක් කොටා තියෙන්වා අපි නිරික්ශ්නය කලා. එහි එක් පත්තක වැඩකුලියත් අනික්පස නිදන්කර ඇති ගබඩාවත් සලකුනු ඔස්සෙ නිරික්ශ්නය කලා. අපිට ස්තානය විතරයි පෙන්නුවේ. ගත්තේ නම් නෑ. මෑතක ආරන්චි උනා වැඩකුලිය අර ගත්තා කියලා.

    නිදන් වස්තුන් ගැන විස්තර ආවත් හරි හමන් නිවැරදි තාවයන් ගොඩක් වෙලාවට නැහැ. බොහෝ පිරිස් සලකුණු විනාශකර දමා තියෙනවා . එවැනි අවස්තාවක හරි නිවැරදි නිගමනයක් කොහෙත්ම ලබා ගන්න බැහැ . අපිට ඉහල තැනකින් ලැබුණු තොරතුරක් අනුව එක තැනකට යනවා නිරීක්ෂණයකට එතැන එක සලකුණක් තියෙනවා අඩහිස ඊතල යක් සමක සිදුරු 1011 ක් නැගෙනහිර දෙසට, ඒ ඔස්සේ වඩු රියන් 1011 නැගෙන හිර දෙසට ගමන් කල විට දකින්න ලැබුනේ නැවතත් අඩහිස් ඊතල 2 කක් නැගෙන හිරටත් හිනිකොන දෙසටත් යොමුව අතිපරිදි ගලේ කොට ඇති සලකුණකි. ඊතලවල ප්‍රමාණය එකම විදිය වන අතර එතනින් එහා අපට කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙනවා. නමුත් මෙතන යම් ගුප්ත බවක් පවතින බවනම් මටත් යාලුවටත් ඔහුගේ විදේශ මිතුරාටත් දැනුනා. මෙහිදී වදුලේ පැවති ලෙස ඊතල දෙක අතර පිරිත් වතුරෙන් සෝදා බුලත් කොලයකට දොවාගත් එළකිරි කහවතුරත් සමග මිශ්‍රකොට ඉන් දෝතක් 2ක් ගෙන (එකල සිටි පුද්ගලයන්ගේ අත්ල විශාල බැවින් අපි දෝත් දෙකක් ගෙන) බුලත් කොලය මත හැලිමේදී (මේය ඉතාමත ආශ්චර්යක් ) එම එළකිරි එක් ඊ හිසක් මත වැටි (අපිට එක කලින් මීටර් උනෙම නෑ ) ඉතාම සියුම් රැහැනක් මතින් පහලට ගලාගෙන ගොස් එක් ස්ථානයකට එකතු උනා එම ස්ථානය නිරීක්ෂණය කලවිට පැහැදිලි රුවක් එම එළකිරි මගින් පෙනෙන්න ගත්තා. අපිට හිතාගන්න නම් බෑ සිදු උන සිදු වීම. වදුලේ සදහන් ලෙස පවසනු ලබන්නේ රට මොන යම්හෝ සතුරු ආක්‍රමණයන් පැමිණිය හොත් යුදකිරීමට කලින් රටේ රජුන් විසින් එතනට ගොස් බාර වීම මගින් යුද ජයග්‍රහණ ලබා ගැනීමට හැකි බවයි . අතිශය රහසක් වශයෙන් අදටත් එම ස්ථානය පවතින බවයි එම නිලදාරීන් පැවසුවේ. එතැනට යන්නට කිසිම කෙනෙකුට බැහැ . අදටත් එතන රටේ ආරක්ෂාවට සම්බන්ද ප්‍රදාන මෙහෙයුම් අනු මැදිරිය එම ස්ථානය වට කොට තියෙනවා..

    මගේ යහළුවාගේ මාමා කෙනෙකු මාර්ගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක ස්ථානයකට යනවා. දිස්ත්‍රික්කය මැදට වෙන්න දැනට එම ස්ථානය 99 අවුරුදු බදු ලෙස ලංකාවේ රජයේ ආයතනයක ප්‍රදනියෙක් දැනට 5 ස්ටාර් හෝටලයක් කරනවා. කැටයම් සහිත ගල් පොකුණු තුනක් සමග නටබුන් පැවතුනත් එම ස්ථානය හෝටලයකට දීම ගැන නම් පොඩි ගැටළුවක් තියෙනවා. සියලුම වස්තුන් දැනට ආරක්ෂිතව පවතිනවා. ඇසින් දුටු සලකුණු ලෙස පුම්බපු ඇත් අඩි දෙකකුත් , ඇතුලට හාරපු එක් ඇත අඩියකුත් , මාළු ඩබලකුත් , පුන් කලස් කිපයකුත් දකින්නට ලැබුනා.

    නිදන් වස්තු සමග සම්බන්දවන අනෙක් කෙනා වන්නේ වේදමතුන්ය. වෙදමහතුන් ගැන කියනවා නම් හරි හමන් වේදමහතෙකු සොයාගන්න කාටවත් බැරිය. ගොඩක් ඉන්නේ බිස්නස් වේද මහතුන්ය. වේද මහතුන් නා නා ප්‍රකාරය. අපට හමුවුණු කීපදෙනෙක් ගැන කියන්නම්. අපේ ගවේෂණය අතරතුර අපිට වැඩක් ගොඩ දාන්න යන සෙට් එකකට අපිව සෙට් කරනවා එක සිදුවන්නේ මගේ මිතුරාගේ ලොක්කෙක් හරහා දිනය වෙලාව ඔක්කොම සෙට් කරගෙන ඉතින් අපි යනවා අපේ අරාක්ෂාව සදහා මිතුරාගේ ලොක්ක අපිට 4 දෙනෙකුත් දෙනවා. ගල්පෙට්ටියක් මම ත් එක ඇස්දෙකෙන්ම දැක්කා. වේද මහතානම් ඇත්තටම වැඩකාරයෙක්. විස්තර කියන්නම් බැ . නමුත් වැඩේ කර ගන්න බැරිවුණා . මගේ මිතුරාගේ දැනීම මත ඉතාම පුරාණ ඉතිහාසයකට හිමිකම් කියන තැනක්ලු .

    තවත් අවස්ථාවක hunter කෙනෙක්ගේ මාර්ගයෙන් අපිත් සෙට් වෙනවා වැඩක් කරනවා බලන්න. හද්දා කාලයක් මැද . ඔක්කොම 15 ක් විතර මමත් මිතුරත් ගමන් සගයත් යනවා යනවා ඉවරටක් නෑ. රෑ 11 විතර වෙලා .අලිත් ඉන්නවා .ස්ථානය නම් පැහැදිලි නෑ රෑනේ . අපි ටිකක් මැදින් වෙන්න ගියේ එක තැනක් තියෙනවා ලොකු ගලක් නගින්න එතනට නගින්න වෙන්නේ ගහක අත්තක් අල්ලාගෙන මුලින්ම වෙදා සුරයක් නගින ගල උඩට දැම්මා දාලා මොනවද කියලා . මුලින්මවෙදා නගින්න ගියේ මු අර ගහේ අත්ත ඇල්ලුවා විතරයි වෙව්ලලා මල විකාරෙන් කෑගහන්න ගත්තා මු වෙව්ලනවා දගලනවා කෑගහනවා එක සෙල්ලමයි. අපිත් බයවෙලා. ටික වෙලාවක් ඉදලා වෙදා දිව්වා බං . මොනවා කරන්න අපිත් දිව්වා කොහේ යනවද කියලා හිතා ගන්න බෑ . එළිවෙනකන් කැලෑවේ ඉදලා හෙනම අමාරුවෙන් එලියට අවා කන්නත් නැ .
    කතානම් එමටයි ටික ටික දැන්නම්.

    ලියන්න ගියොත් ඉවරයක් නෑ වෙලාව තියෙන විදියට දැන්නම් . මගේ යාලුවන්ගෙන් මම සැහෙන විස්තර ටිකක ඉගෙන ගත්තා මේ සම්බන්දව ඉඩ තියෙන විදියට උබලත් එක්ක බදගන්නම්
    Screenshot_20201106-223913_Facebook.jpg

    Screenshot_20201106-223955_Facebook.jpg

    Source - https://www.facebook.com/groups/1033826027012042/permalink/1171900053204638/
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn nuwara eliye wage pathi wla nidana tynwa kyna kathwa aththakda bn

    ado me danna anith siddi tikath dapanko bn mara interesting bn kywanna asai bn me tike gdr nisa epa wela inne
     
    Last edited:
    • Like
    Reactions: chathura414

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    මගේ අත්දැකීම් 1

    ගලක් පාමුළ ලොකු වලක් හාරා මැණික් මුට්ටියක් ගත්තා දන්නා කෙනෙක් , මම පහුවදා ගිහින් බලද්දී මිරිස් ගල් 4ක් (අඹරන පොඩි ගල් 4ක් සහ 5'x 3'x 6" වගේ ගල් පෙත්තක් තිබ්බා. මැණික් මුට්ටියක් තිබ්බාළු. හවුල් වුණ අය එක් කෙනෙක් මැරුණා අකාලේ.අනෙක් අය ආගිය අතක් නෑ.