මොනවද මේ ABS ???

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හරි අද කියන්න යන්නේ වාහනවලට යොදාගන්න safety feature එකක් ගැන. ABS (Anti-lock braking system). ABS ගැන විස්තර කරන්න කලින් මේකෙ ආරම්භය ගැන හොයලා බලමු. ABS මුලින්ම පාවිච්චා කරලා තියෙන්නේ ගුවන් යානාවලට, ඒ 1920දී. ඒක සොයාගෙන තියෙන්නේ Gabriel Voisin කියන French engineer කෙනෙක්. ABS කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එක බැලුවාම තේරුම්ගන්න පුලුවන්....



    සාමාන්‍යයෙන් අපි වාහනේක හරි බයික් එකක හරි යනකොට මොකෙක් හරි පාරට පැන්නොත් ඇගේ හයියයි. හිතේ හයියයි කකුලට අරගෙන break පාගන එකනේ කරන්නේ.. ඒ වෙලාවට වෙන්නේ break ලොක්වෙලා වාහනේ ඉස්සරහට ඇදිලා යනඑකයි. මේ වෙලාවට steering එකත් ලොක් වෙලා වාහනේ control නැතිවෙනවා. මේ හේතුව නිසා තමයි අනතුරු ගොඩාක් වෙලා තියෙන්නේ. මේගැන වාහන නිශ්පාදකයන් ගොඩාක් පරීක්ෂන කරා. අන්තිමේදී ගුවන් යානාවල ABS තාක්ෂනය යොදාගන්න තීරනය කරලා තියනවා, ඒ 1960 දි. පර්යේෂන මට්ටමින් මුලින්ම ABS දාපුවාහනේ තමයි Ford Zodiac. මේ තියෙන්නේ වන්ඩිය..

    Ford-Zodiac-fq-670x458.jpg


    නමුත් මේක වියදම් අධික දෙයක් නිසා බොහොමයක් නිශ්පාදකයන් මේවැඩේ අතහැරලා දාලා තියනවා..
    1970 දී Cadillac ABS දාපු වාහන නිපදවන්න පටන් ගන්නවා. මේක යොදාගෙන තිබුනේ පසුපස රෝද වලට. ඒත් මේක සාර්ථක වුනේ නෑ.. නමුත් 70 දශකයේදී computer-controlled sensors හදුන්වාදීමෙන් පසු ABS තරමක් ජනප%ය වෙලා තියනවා..

    1990 ඉදලා ABS වාහනවලට නැතුවම බැරි අංගයක් විදිහට සලකලා තියනවා.
    මෙතනත් පොඩි ව්ස්තරයක් තියනවා, බලන්නකෝ...



    මේ තාක්ෂනය අද වෙනකොට මොටර් බයික් වලටත් යොදාගෙන තියනවා. මේ තියෙන්නේ ඒ ‍වගේ අවස්ථාවක්...



    මේක බැලුවාම පේනවානේ වහින වෙලාවට, වැලිසහිත මාර්ගවල වගේ ඔනම තැනක අනතුරක් වෙන්නේ නැතිව වාහනයක් නවත්තගන්න ABS වලට පුලුවන් කියලා..

    :cool::cool::cool::cool:

    අපිගාව තියන වාහන වලට ABS නෑ කියලා අප්සට්ගන්න ඕන නෑ ඉතිං. ABS නැති වුනත්, ABS වලින් වෙන දේම අපිට කල්පනාවෙන් වාහන එලවනවනම් කරන්න පුලුවන්.. කරන්න තියෙන්නේ, එකපාරම break කරන්න වුනොත්, break ලෑල්ලටම පාගෙන ඉන්නේ නැතුව. කඩින් කඩ break කරාමත් ABS වලින් වෙන දේම කරන්න පුලුවන්..
    --------------------
    මේවත් බලන්නකෝ...





    හොදයි නම් රෙපක් හරි බම්ප් එකක් හරි දීලා යන්න :cool::cool::cool:

     
    Last edited: