මොනවද Infinity Gems

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Marvel Cinematic Universe (MCU) නිර්මාණය කළ Marvel Studios විසින් 2008 වසරේ Iron Man චිත්‍රපටයෙන් පසු මේ වන විට චිත්‍රපට 18ක් තිරගත කර අවසන්. එම චිත්‍රපට වලින් ඉපයූ සමස්ත ආදායම ඩොලර් බිලියන 14.8ක්. එයින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය 2012 වසරේ තිරගත වූ පළමු Avengers චිත්‍රපටය. එහි ආදායම ඩොලර් බිලියන 1.5ක්.
    එහි 19 වන චිත්‍රපටය වශයෙන් අප්‍රේල් මස 27 වන දින Avengers Infinity War තිරගත වීම ආරම්භ වනවා. මෙහි දී දකින්න පුළුවන් MCUහි බිහිසුණුම දුශ්ටයා වන Thanos අපගේ ලෝකය විනාශ කිරීමට පැමිණෙන ආකාරය, සහ අපගේ සුපිරි වීරයන් වන Avengers කණ්ඩායම ලෝකය බේරාගන්නට සටන් කරන ආකාරය. Marvel චිත්‍රපට අතරින් වඩාත්ම කතාබහට ලක්වුණු සහ සැමදෙනාම බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රරපටය ලෙස Infinity War හඳුන්වන්න පුළුවන්. වසර 10ක් පුරා චිත්‍රපට 18ක් හරහා Marvel කතාව රැගෙන එන්නේ මෙම Infinity War චිත්‍රපටයට.
    Thanos හට අපගේ ලෝකය විනාශ කිරීමට අවශ්‍ය බලය ලබාගැනීම සඳහා ඔහුට Infinity Gems ලබාගැනීමට අවශ්‍ය යි. මෙම Infinity Gems, Marvel චිත්‍රපට පුරා වරින්වර හඳුන්වා දෙනු ලැබුවා. මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ එම Infinity Gems ගැන යි.
    මොනවද Infinity Stones කියන්නේ?

    MCU හි Infinity Stones කියන නමින් හැඳින්වෙන්නේ විශ්වයේ මුල්ම සහ බලවත්ම ජීවීන් විසින්, විශ්වයේ විවිධ විශේෂ ලක්ෂණයන් හා බැඳී පවතින සේ නිර්මාණය කළ ඉතාමත්ම බලවත් වස්තූන් 6ක්. මේවා වසර දහස් ගණනක් තිස්සේ විවිධ පිටසක්වල ජීවී පිරිස් විසින් වෙනස් කරමින්, දියුණු කරමින් පවත්වාගෙන ආ බවයි කියැවෙන්නේ.
    මෙම වස්තූන් භාවිතා කළ හැක්කේ ඉතාමත්ම බලවත් ජීවීන්ට පමණයි.
    අන්තරීක්ෂ පාෂාණය – The Space stone

    1-680x383.jpg

    cheatsheet.com

    සඳහන් වූ චිත්‍රපට: Captain America – The First Avenger, The Avengers, Thor – Rangarok
    Space Stone නමින් හැඳින්වූවාට මේක අපට වඩාත් හුරුපුරුදු “Tesseract” නමින්. නමුත් ටෙසරැක්ට් නමින් හඳුන්වන්නේ එය තබා තිබූ අසුරණය යි. මෙය මුලින්ම දකින්න ලැබෙන්නේ 2011 වසරේ තිරගත වූ Captain America – The First Avenger චිත්‍රපටයේ. Red Skull විසින් හයිඩ්‍රා සඳහා ආයුධ සෑදිමට මෙය යොදාගන්නවා. එය The First Avenger චිත්‍රපටයේ මුහුදු පතුලට කිඳා බසින අතර පසුව ගොඩගනු ලබන ශිල්ඩ් ඒජන්තවරුන් විසින් මෙය නැවතත් ආයුධ සෑදිම සඳහා යොදාගන්නවා. Avengers චිත්‍රපටයේ දී මෙය Loki අතට පත්වන අතර ඔහු මෙම Space Stone එක චිටෝරි හමුදාවට නිව්යෝක් නගරය ආක්‍රමණයට පැමිණීම සඳහා ද්වාරයක් විවෘත කිරීමට යොදාගන්නවා. පසුව Thor මෙය ඔවුන්ගේ ලොව වන ඇස්ගාඩ් වෙත ගෙනයන්නේ ආරක්ෂාකාරීව තබාගැනීමට.Thor – Rangarok චිත්‍රපටයේ පෙන්වන ආකාරයට නම් Space Stone එක නැවතත් Loki විසින් සොරාගන්නවා.
    Space Stone එක විශ්වය පාලනය කිරීමට යොදාගත හැකි අතර මේ හරහා විශ්වයේ ඕනෑම තැනක් පාලනය කළ හැකියි.
    මනස් පාෂාණය – The Mind Stone

    2-680x395.jpeg

    cheatsheet.com

    සඳහන් වූ චිත්‍රපට: The Avengers, Avengers – Age of Ultron, Captain America – Civil War
    නම Mind Stone වුණාට මෙයත් වඩාත් ප්‍රචලිත Loki Scepter හෝ, දැන් නම් Vision ලෙස.
    Mind Stone එක මුලින්ම දකින්න ලැබෙන්නේ 2012 වසරේ තිරගත වූ The Avengers චිත්‍රපටයේ දී. එහි දී Lokiගේ සෙංකෝලයේ අඩංගු වූ මෙය, මිනිසුන්ගේ මනස පාලනය කිරීමට යොදාගන්නවා ඔබ දකින්න ඇති. පසුව එය හයිඩ්‍රා අතට පත්වනවා. Avengers – Age Of Ultron චිත්‍රපටයේ දී මෙය නැවත Avengers කණ්ඩායම අතට පත්වුවත් පසුව අල්ට්‍රන් විසින් එය පැහැරගෙන පාෂාණය පිටතට ගැනීමෙන් අනතුරුව “විෂන්” නිර්මාණය වෙනවා.
    Mind Stone මගින් මිනිසුන්ගේ මනස පාලනය කිරීමට හැකියාව ලබාදෙන අතර, එය භාවිත කරන්නාට සුපිරි බුද්ධියක් සහ අධි මානසික හැකියාවන් ලබාදෙන බව ද සඳහන්.
    යථාර්ථ පාෂාණය – The Reality Stone

    3-2-680x358.jpg

    cheatsheet.com

    සඳහන් වූ චිත්‍රපට :Thor -The Dark World
    මෙම Reality Stone එක මුලින්ම දකින්නට ලැබෙන්නේ 2013 වසරේ තිරගත වූ Thor – The Dark World චිත්‍රපටයේ. මෙය මුලින්ම දකින්නට ලැබෙන්නේ “ඊතර්” නම් රතු පැහැති තරලයක් වශයෙන්. චිත්‍රපටයේ දී ආචාර්ය ෆොස්ටර්ගේ ශරීරයට ඇතුලු වන මෙය මගින් මැලකිත් උත්සාහ කරනවා ලෝක 9ම අඳුරු බලවේගයන් යටතේ තැබීමට. පසුව ඇස්ගාඩය විසින් මෙය අත්පත් කරගන්නා අතර, Space Stone සහ Reality Stone යන වස්තූන් දෙකම එහි තබාගැනීමට නොහැකි නිසා එය Collector හට බාරදීමට සිදුවෙනවා.
    Reality Stone මගින් යථාර්ථය “වෙනස් කිරීමට” මෙන්ම අසීමිත ශක්තියක්, බලයක්, සහ විශ්වයේ ඇතැම් දෙයට බලපෑම් කිරීමේ හැකියාව ලබා ගත හැකියි.
    බල පාෂාණය – The Power Stone

    4-680x344.jpg

    cheatsheet.com

    සඳහන් වූ චිත්‍රපට :Guardians of Galaxy
    Power Stone එක මුලින්ම දකින්නට ලැබෙන්නේ 2014 වසරේ තිරගත වුණු Guardians of Galaxy පළමු චිත්‍රපටයේ දී.
    Thanos හට අවශ්‍ය වනවා Power Stone එක සොයාගැනීමට. ඔහු එම කාර්යය බාරදෙනවා Ronan හට. Ronan විසින් Stone එක සොයාගත් නමුත් ඔහු එය Thanos හට නොදී ඔහු ළඟ තබාගන්නවා. Ronan බලාපොරොත්තු වනවා Power Stone බලය මගින් Xander ග්‍රහලොව විනාශ කිරීමටත්, Thanosව මරා දැමීමටත්. කොහොම නමුත් Guardians of Galaxy චිත්‍රපටයේ වීරයන් Ronanව පරදා, Xander ග්‍රහලොව බේරාගන්නවා. දැනට Power Stone එක අභ්‍යාවකාශ පොලිසිය වන Nova Corps බාරයේ තමයි තිබෙන්නේ.
    චිත්‍රකතා වල සදහන් වන ආකාරයට power stone එක මගින් භාවිතා කරන්නාගේ ශාරීරික හැකියාවන් වර්ධනය කරන අතර ශක්තිය පාලනයට හැකියාවත්, Infinity Gauntletහි ඇති අනෙකුත් පාෂාණ බලගැන්වීමේ හැකියාවත් ලබාදෙන බව සදහන්.
    කාල පාෂාණය – The Time Stone

    5-680x358.jpeg

    cheatsheet.com

    සඳහන් වූ චිත්‍රපට: Doctor Strange
    Time Stone එක මුලින්ම දකින්නට ලැබෙන්නේ 2016 වසරේ තිරගත වූ Doctor Strange චිත්‍රපටයේ. එහි දී මෙය “අගමොටෝ ගේ ඇස” යනුවෙන් හැඳින්වෙනවා. චිත්‍රකතා වල සඳහන් වන ආකාරයට නම් Time Stone හි මුල් උරුමකරුවා Doctor Strange නම් නෙවෙයි. චිත්‍රපටයේ දී Doctor Strange විසින් කයිසීලියස් සහ ඩොර්මාමු පරාජය කිරීමට Time Stone එක යොදාගන්නවා. දැනට මෙය Kamar- Tajහි තිබෙන අතර Doctor Strange සහ අනෙකුත් මායාකරුවන් විසින් ආරක්ෂා කරනු ලබනවා.
    Time Stone එක මගින් කාලය හසුරුවන්න සහ පාලනය කරන්න පුළුවන්.
    ආත්ම පාෂාණය – The Soul Gem

    Soul Stone ගැන නම් 2008 වසරේ සිට තිරගත වූ Marvel චිත්‍රපට 18හිම කිසිම සඳහනක් වෙන්නේ නෑ. චිත්‍රකතා වල නම් මේ ගැන සඳහන්. සමහර අය මෙය හයිම්ඩෙල් සතුව ඇති බව සඳහන් කරන අතර තවත් අය වකාන්ඩා වල තිබෙන බව කියනවා. කොහොම නමුත් මෙය හරියටම සොයා ගැනීමට අපට අප්‍රේල් මස 27 වන දින Avengers – Infinity War තිරගත වෙනකල් ඉන්න වෙනවා.
    Soul Stone මගින් ජීවත් වන සහ මියගිය සියලු දෙනාගේම ආත්ම පාලනය කිරිමට පුළුවන්. එසේම අනෙකුත් සියලුම Infinity Stones වලට මෙම පාෂාණය තර්ජනයක් බවයි කියවෙන්නේ.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව ඔතන නැති stone එකක් තියෙනව ඒක තියෙන්නෙ අර ඇලිස් ගිය විශ්මලන්තෙ හිටපු තඩි පූස ගාවලු :(
    rip avengers :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකෙ තියෙන හුගක් විස්තර ඔක්කොම වගෙ චොප්පෙ ගෙ infinity war ත්‍රෙඩ් එකෙත් තියෙනවා නෙ..:rolleyes:
     

    Bathala Baba

    Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    තව ඔතන නැති stone එකක් තියෙනව ඒක තියෙන්නෙ අර ඇලිස් ගිය විශ්මලන්තෙ හිටපු තඩි පූස ගාවලු :(
    rip avengers :(

    Uba infinity war balanna kalin Avengers mula idanma balapan
    ethakota ubata agamula therum gaththaki
    nathuwa gas labba wage hoda copy ekak release wenakan idala film eka balala
    methana awith kakka nokara hitu