මොනිකා සහා අපි
මොනිකා බෙල්ලුච්චි කියන නිළිය රගපාන මෙලිනා චිත්‍රපටය ඔබ නරබා ඇතැයි මම සිතමි .අද සිදුවූ සිද්දියක් මට නැවත මුළු චිත්‍රපටයම මතකයට ගෙන ආවේය .මදක් විවේකයක් ඇත්නම් සිදුවූ සියල්ල ඔබට කීමට මට රිසිවේ ,
මා රැකියාව කරන්නේ පාරට මුහුණ ලා සිටවූ නිවාස සංකීර්ණයක බව ඔබ දනිහි යයි මම සිතමි ,එහි පලවෙනි මහල නොයෙක් වෙළද සල් වලින් පිරි ඇත ,තේ කොපි ,කෙටි අහාර ගැනීමට බාර් එකකුත් ,මස් මාංශ ගැනීමට මස් කඩයකුත්.කාර් හැඩ වැඩ කරන වැඩ පොළකුත් තවත් කුඩා කඩ කැලිත් හත අටක් වෙයි .මුළු දවස පුරා ජනයාගෙන් අඩුවක් නැති මේ පෙදෙස රාත්‍රී කාලය අදුර විසින් ගිල ගත් කාන්තාරයක් සිහියට නගයි .
ඉතාලි ය රූමත් කාන්තාවන්ට ප්‍රසිද්ද බව ඔබ හොද හැටි දන්නා බව මා දනිමි .මා මේ කියනා ප්‍රදේශයේත් අතිශයින් රූමත් කාන්තාවක් වෙසෙයි .අඩි 6 කට නොඅඩු උසින් යුත් ඇ කාන්තාවකට අවශ්ෂ සියලෝම අංග පසග වලින් පරිපුර්ණය .රැකියාව සදහා හා වෙනත් උවමනා සදහා නිතර එහා මෙහා යන ඇ අප සියලු දෙනාගේ කරමින් සිටි වැඩ මොහොතකට නවත්වා ඇ වෙත ආකර්ෂණය ලබා ගැනීමට සමත්ව සිටියාය ,ඇ දෙස බලමින් ඉර්ශියාවෙන් මදක් සැලෙන කාන්තා තොලුත් ,ඇස දෙක ලොකු උන හිතින් දුක් විදින පිරිමිත් ,මනසින් ඇ හා රමනයේ යෙදෙන ඉලන්දාරිනුත් මට සාමාන්‍ය සිද්දියක් වී තිබිණ .එත් අද මේ සියලු කාරනා නැවතත් සිතා බැලිය යුතු යයි බලකරන කාරණයක් සිදුවිය ,
කාර් රෙපෙයාර් කරනා තැන හිටපු කොලුවා රැකියවෙන් ඉවත් වී ඒ තැනට නහයට අහන්නේ නැති කොලු තාත්තෙක් පැමිණියේ මිට සති 2 කට පෙරය .වෙනදා මෙන් අදත් රැකියාවට යාමට මා පෙරකී කාන්තාව අප නිවාස සංකීර්ණය පසුකරමින් ගමන් කලාය .වෙනදා පුරුද්දට සියලු පිරිමින් එක් රැස් විය .සුපුරුදු ඔප දුප ආරම්බ විනි. දැන් මෙතනින් පසුකර ගෙන ගිය කාන්තාවගේ රු සපුව සැමදා මෙන් අදත් රස වැඩිම මාතෘකාව වුවාත් වෙනදා නොවූ දෙයක් අද සිදුවිය ,ඒ මා කලින් සදහන් කල කොලුවාගේ පැමිණීමය ,ඔහු අපේ ඔලු තුල කාල බෝම්බයක් පුපුරා හැරියේය .මෙතෙක් කල් අප මනසේ විසු .සියලු ෆන්ටසියන් මොහොතින් විනාශ විය .කොලුවට ශාප කරන මහල්ලනුත් ,ඉරිශියා කරන තරුනයිනිත් ,වික්ෂිප්ත වූ අනිත් අයත් එතනින් විසිර ගියේ ලෝකයේම බර දරා ගත් වුවන් ලෙසින
මා මෙතෙක් කිවූ කාන්තාව ලේසි පහසු කෙනෙකුට තෘප්තිමත් කළනොහැකි විශේෂම හැකියාවන්ගෙන් යුතු පිරිමින්ටම පමණක් කල හැකි කාර්යක් බව අප සියලු දෙනාගේම ඒකමතික තීරණය වී තිබිණ ,මස් කඩේ මිනිහාද ,බාර් එකේ අයිති කාරයාද වචනයෙන් නොකිව්වද මේ සම්මුතිය තුල සිටි බව අප හැම දෙනාටම රාහසක් නොවිය ,එත් මේ මජං නාගත්තු කැහැටු කොල්ලෙකු ඇ සමග එක් වූ බවත් ඇ ඉතා පහසුවෙන් තෘප්තිමත් වන්නියක් බව කෙසේ විශ්වාස කරන්නද .
මා මෙතෙක් ඔබට ඕපා දුපයක් කියූ බව ඔබ විශ්වාස කරත්තයි මම සිතමි ,නැත ඔබට මම ඊට වඩා ගැබුරෙන් සිතන්නට දෙයක් දුනිමි .අප විශ්වාස කරන ලෝකයේ විශ්වාසයන් මත ඇතිවූ සම්මුතීන් ඇත .යතාර්ථය ලෙස පිළිගන්නා සිද්දීන් ඇත ,නමුත් විටක මේ විශ්වාසයන් ,යථාර්තයන් උඩුකුරු වේ .යථාර්තය හා යථාව අතර වෙනස අහස හා මහා පොලව මෙන් වෙති .
සම්මුතීන් හා එක්වෙමින් ජිවත් වෙන අප යථාර්තය ලෙස දකින්නේ අප හිස් තුල ඇති මනෝ විකාරයක් බව මම ඔබට පවසමි ,බොහෝවිට නියම යථාවෙන් එය ගවු ගණනාවක් ඇතට දිවෙයි .යථාව අපට නොතේරෙන් තැනක සිටින ඉදහිට අප දෙස බලන විජ්ජාවක් දැයි මට හිතේ
කතාවක් කියන්න ලගට ගත් ඔබට මේ මහප්ප්‍රමන කියා ඔබව වෙහෙසට පත් කිරීම ගැන මම සමාව අයදිමි ,එහෙත් මා කි දෙයින් ඔබ ජිවිතයට යමක් ගත්තේ නම් ඒ පිළිබද මම සතුටු වෙමි .