මොන කූඩුවෙද?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන කූඩුවෙද?

    ”ඊයෙ අපි සත්වෝද්‍යානය බලන්න ගියා.” සඳුදා උදේ කාර්යාලයට පැමිණි චන්ද්‍රසේන තේ බොමින් සිටියදී තම මිතුරන් හා කීවේය.

    ”ඉතින් මාත් එහෙ හිටියනෙ” සුගත් වහා කීය.
    ”ඇත්තද? මං දැක්කෙ නෑනෙ. මොන කූඩුවෙද හිටියෙ?” චන්ද්‍රසේන ඇසීය.

    2.gif

     
    • Like
    Reactions: ms48mail

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නමක් නෙමෙයි වාසගමක්

    නගරයේ කලබලකාරී පරිසරයක පිහිටි දුරකතන කුටියකට වැදුණු තරුණ කාන්තාවක් පැයකට අධික කාලයක් තිස්සේ දොර වසාගෙන සිටියාය. දුරකතන ඇමතුම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් එම දුරකතන කුටිය වෙත පැමිණ සිටි කීපදෙනෙක්ම දොරෙන් පිටතට වී නොඉවසිල්ලෙන් පසුවූහ.

    තවදුරටත් බලා සිටින්නට අපොහොසත් වූ එක් අයකු අවසානයේ කුටියේ දොරට තට්ටු කළේය.
    ”නෝනා, ඔහේ අද මුළු දවස තිස්සෙම ටෙලිෆෝන් කරන්නද කල්පනාව?” හේ අවඥාවෙන් ඇසීය.
    ”පිස්සුද මම මේ ටෙලිෆෝන් කරනවා නෙමෙයි. මම මේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියෙන් මගේ ළමයට හොඳ නමක් හොයනවා.” කාන්තාව කීවාය.
    ”ඉතින් ඕකෙ නම් තියෙනවයැ, වාසගම් මිසක්” අර තැනැත්තා සෝපාහාසයෙන් ඇසීය.
    ”දරුවට සුදුසු නමක් නං දැනටමත් මං හිතලයි තියෙන්නෙ. මම හෙව්වේ වාසගමක් තමයි” කාන්තාව එවර කීවාය.

    6.gif

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැංගුණු තැන

    කොණ්ඩය සහ රැවුළ වවාගත් තරුණයෙක් තම වාරය පැමිණෙන තෙක් බාබර් සාප්පුවේ පුටු පෙළේ වාඩිවී සිටියවුන් අතර සිටියේය. එක් එක් අය තම වාරය අනුව කොණ්ඩය හෝ රැවුළ කපා ඉවත්ව යද්දී හේ පුවත්පත් බලමින් පසුවිය. අන්තිමේදී බාබර් සාප්පුව තුළ ඉතිරි වූයේ ඉහත තරුණයා පමණි. බාබර් සාප්පුවේ ඇතුළු කුටියේ තිර රෙදි මැදින් හිස පෙවූ බාබර් සිනහවකින් ඔහුට සංග්‍රහ කරමින් මෙසේ කීවේය.

    ”මහත්තයා එන්ඩ”
    ”මං ආවේ කොණ්ඩේ කපන්ඩවත්, රැවුළ කපන්ඩවත් නෙමෙයි” තරුණයා නොනැඟිටිමින්ම පිළිතුරු දුන්නේය.
    ”එහෙනං..” බාබාර් ඇසුවේ විස්මයෙනි.
    ”අපේ තාත්තා බොහොම තදින් තරහා ගිහිල්ලා මාව හොයනවා. එයාට කොහොමටවත් හිතාගන්ඩ බැහැ මං මෙහෙ ඇති කියලා.” තරුණයා කීවේය.

    :dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනවත් එක්කද?

    ”තමුසෙ මොනවද වැඩිපුරම උදේට කන්නෙ?” උදේ කන්තෝරුව බලා යමින් සිටියදී කරුණාදාස, ත්‍රීවීලරය පැදවූ කරුණාරත්නගෙන් ඇසීය.

    ”පාන්” කරුණාරත්න කීය.
    ”පාන් කන්නෙ මොනවා එක්කද?” කරුණාදාස අතුරු පැනයක් නැඟීය.
    ”ගුල්ලොත් එක්ක” කරුණාරත්න කැඩුණු දත පෙන්නා සිනාසෙමින් කීවේය.

    :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම වෙන්ඩ පුළුවන්ද?

    ආරියසේන බීමත්ව රාත්‍රියේ දී අශෝභන ලෙස නගරයේ මහපාරක හැසිරුණේ යයි චෝදනා කොට පොලිසියට ගෙන ගොස් රිමාන්ඩ් කරන ලදී. පසුදා උදේ ඔහු පොලිස් ස්ථානාධිපති වෙත පමුණුවනු ලැබීය.

    ඔහුගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළූ පොලිස් ස්ථානාධිපතිවරයා මෙසේ ඇසීය.
    ”මොකක්ද තමුසෙගෙ රස්සාව“
    ”මම ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකරුවෙක්” ඔහු මඳක් පැකිළෙමින් කීවේය.
    ”ඒක නං පල් බොරුවක් සර්. ඒක කොහොමටවත් වෙන්ඩ බැහැ.” ඔහු අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා වහා ඉදිරිපත් වී කීවේය.
    ”ඇයි තමුසෙ එහෙම කියන්නෙ?” ස්ථානාධිපතිවරයා කොස්තාපල් දෙසට හැරෙමින් ඇසීය.
    ”පඩි දවස පහුවෙලා මාස භාගයක් ගිහිල්ලත් මිනිහගෙ සාක්කුවේ රුපියල් දාහකට වැඩි ගාණක් තිබුණා සර්” කොස්තාපල් කීවේය.

    :rolleyes::oo:

    silumina